2022 පාපන්දු ලෝක කුසලානයේ පළවෙනි බිග් මැච් එක

Share post:

2022 පාපන්දු ලෝක කුසලානයේ පළවෙනි බිග් මැච් එක. එහෙම නැත්තන් දත කට විකාගෙන බලන්න පුළුවන් මැච් එක තමයි සෙනගාල් සහ නෙදර්ලන්ත මැච් එක. මගේ කියවීමට අනුව මේ පාර ටූනමන්ට් එකේ Dark Horses ලා වෙන්නේ සෙනගාලය. හැබැයි එකම එක හේතුවක් නිසා මේක පොඩ්ඩක් වෙනස් වෙනවා.

ඒ තමයි සෙනගාල් වල X Factor එක වෙන සාදියෝ මානේ ඉන්ජර්ඩ් වීම. මානේ කියන්නේ අප්‍රිකානු පාපන්දුවෙන් මෑත ඉතිහාසයේ බිහිවෙච්ච සාර්ථකම ක්‍රීඩකයා. කෙනෙක්ට කියන්න පුළුවන් නෑ මොහොමඩ් සලා කියලා. ඒත් මගේ කියවීමට අනුව මානේ > සලා. මානේ නැති සෙනගාල් ටීම් එක හරියට නිකං පරිප්පු නැති හෝටලේ වගේ. සෙනගාලය ට මේ පාර World Cup එකේ කරන්න ආපු දේවල් වලින් බාගෙට බාගයක වාසිය මානේ නැති වීම උඩ අවධානම් කලාපයට ගිහින් තියෙනවා.

අනිත් අතින් නෙදර්ලන්තය ෆුල් ෆිට් තරු ගොඩක් එක්ක ලෝක කුසලානයට ඇවිල්ලා ඉන්නවා. ලෝකෙ හොඳම ක්ලබ් ලෙවල් එකේ වැඩ දාන තරු ගානක්ම නෙදර්ලන්තය සතුව ඉන්නවා. නෙදර්ලන්තයේ වගේම සෙනගාලයේත් මේ මැච් එක දිහා බැලුවම පේන ස්ට්‍රෝන්ග් ම තැන තමයි ඩිෆෙන්ස් එක. සෙනගාල් කියන්නේ ඩිෆෙන්සිව් අතින් ගත්තම ගෝල් එකක් දෙන්නෙම නැති ටීම් එකක්. අප්‍රිකාවේ ඉන්න ශරීර ප්‍රමාණය ලොකු ශක්තිමත් සෙට් එකක් මවාගන්න. අන්න ඒ වගේ තමයි සෙනගාල ඩිෆෙන්ස් එක.

සෙනගාලයේ සාමාන්‍යයෙන් ස්ටාට් කරන සෙන්ටර් බැක් දෙක වෙන අබ්ඩු ඩියාලෝ අඩි 6’2 ක් සහ කලිඩු කොවුලිබාලි 6’1 ක උසකින් යුක්තයි. අනෙක් පැත්තෙන් නෙදර්ලන්තයේ සෙන්ටර් බැක් දෙක ගහන මතිස් ඩි ලිට් අඩි 6’2 ක් සහ වර්ජිල් වැන් ඩයික් අඩි 6’4 ක් උසයි. උස වගේම තමයි මෙයාලගේ ඇඟවලුත් ඒ වගේම සයිස්. ඩියාලෝ විතරයි පොඩ්ඩක් හරි කෙට්ටු එකෙක්ට ඉන්නේ (අනිත් 3 ට සාපේක්ෂව හොඳේ). ඉතින් මේ යෝධයෝ 4 දෙනා තමයි මේ මැච් එකේ ලොකුම Fact එක වෙන්නේ.

සෙනගාල් වල අනිත් තීරණාත්මක සාධකය තමයි ගෝල් කීපර් එඩොවුරාඩ් මෙන්ඩි. මෙන්ඩි කියන්නේ පහුගිය අප්‍රිකානු ශූරතාවයේදී වගේම අප්‍රිකා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී මොහොමඩ් සලා ගේ ඊජිප්තුව දෙපාරක් පෙනල්ටි ශූට් එකෙදි පරාද කරපු ගෝල් කීපර්. ඔහුත් අඩි 6’4 ක් උස කෙනෙක්. හැබැයි මෙන්ඩි පහුගිය කාලේ ඉන්ජර්ඩ් වෙලා හිටියේ. දැනට World Cup Squad එකේ ඉඳියට ස්ටාට් කරයිද නැද්ද කියලා හරියට කියලා නෑ.

මානේ ගේ නොමැති වීම හින්දම ඩිෆෙන්ස් එකෙන් එහාට ගියාට පස්සේ මිඩ්ෆීල්ඩ් එකෙයි ඇටෑක් එකෙයි වාසිය නෙදර්ලන්තය සතු වෙනවා. ෆ්‍රැන්කි ඩියොන්ග්, ක්ලබ් ලෙවල් එකේ බුල ගැහුවට හැමදාම ඉන්ටර්නැෂනල් හොඳට ගහන මෙම්පිස් ඩිපායි දෙන්නට මිඩ්ෆීල්ඩ් සහ ඇටෑකින් සෑහෙන්න වගකීමක් තියෙනවා. සෙනගාලය පැත්තෙන් නම් වට්ෆෝඩ් ගහන ඉස්මයිලියා සාර් ට සම්පූර්ණ බර අදින්න වෙනවා. ඩිෆෙන්සිව් මිඩ් ෆීල්ඩර් ගහන ඉඩ්‍රිස්සා ගාන ගේ ගැනත් මතක් කරන්න ඕනි.

සෙනගාලය ලෝක කුසලානයට එන්නෙ තමන්ගේ කුළුඳුල් අප්‍රිකානු ශූරයෝ විදිහට. ලෝක ශ්‍රේණිගත කිරීම් වල 18 වෙනි තැන ඉන්නෙත් සෙනගාලය. නෙදර්ලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි තැන ඉන්නවා. තාමත් හිතෙන්නේ සාදියෝ මානේ ඉඳියා නම් මේක මොන තරම් ආතල් මැච් එකක් වෙයිද කියලා.

පුරුදු විදිටම තැඹිලි පාටට සැරසුන නෙදර්ලන්ත ෆෑන්ස්ලා යායක් දකින්න පුළුවන් වෙයි. අමුතු විදිහට ශබ්ධ දෙන කටු වලින් හැදුන මාල දාගත්ත, සංගීත භාණ්ඩ වයන අප්‍රිකානු සංස්කෘතිය සෙනගාල් ෆෑන්ස්ලා ගෙන් බලාගන්න පුළුවන් වෙයි. හැබැයි කටාර් වල මේ නීති ප්‍රශ්නය නිසා සුදු වර්ණය ඇඟ පුරා ගාගෙන සැබෑ අප්‍රිකානු ගෝත්‍රික නිරූපණයක් පෙන්වලා නටන සෙනගාල් ෆෑන්ස්ලා නම් අද දකින්න වෙන එකක් නෑ. ඒක අපරාදයක්.

ලෝක කුසලානෙදි දකින්න හම්බෙන්නෙ නැති නිසාම මම ඒ සෙට් එකේ පොටෝ එකක් එකතු කලා.

ශාමින්ද ජයරත්න

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...