යක්ෂයාගේ ක්‍රිකට් ගහමු…එතකොට දෙයියෝ ඔය යන දේවාලෙකින් යයි….

Share post:

ක්‍රිකට් වල මගේ වීරයා අරවින්ද. සංගා නෙවෙයි. ඒකට හේතුව අරවින්ද ළඟ තිබ්බ ප්‍රහාරක බව. ඒ ප්‍රහාරක බව මහ අමුතු එකක්. එයා ක්‍රිකට් වල රැඳිලා ඉන්න (පවතින්න) ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි (survival cricket). තිබ්බ ප්‍රහාරක බව නිසා රැඳිලා හිටිය (පැවතුන) කෙනෙක්.

රැඳිලා ඉන්න (to survive) මහා ලොකු උණක් තිබ්බේ නැති නිසා මැනේජර් කෙනෙක් තියාගෙන උගේ උවමනාවට ක්‍රිකට් ගැහුවේ නැහැ අරවින්ද. පුද්ගලික ලකුණු දිහා බලාගෙන පරිස්සමෙන් වෘත්තියේ රැඳිලා හිටියේ නැහැ මම දන්නා විදියට. හෝ තණතීරුවේ දැක්ක විදියට. එයා ගැහුවේ මරන්ඩු ක්‍රිකට්. එයා ළඟ තිබ්බේ ටිකක් පිරිමි පහේ ක්‍රිකට් එකක් (දේශපාලන නිරවද්‍ය නොවන භාෂාවක් පාවිච්චි කළොත්). ඒ කියන්නේ සෙල්ලක්කාර ක්‍රිකට්. කොළු ක්‍රිකට්. ඒකයි බලන්න ආස.
සංගා මහේල දෙන්න ඒක වෙනස් කරලා පොස්ට් මොඩන් ක්‍රිකට් ගැහුවා (postmodern cricket). ඒ කියන්නේ පරිස්සම් ක්‍රිකට්. මෙයින් කියන්නේ නැහැ සංගා රිස්කි ෂොට් (risky shots) ගැහුවේ නැහැ කියල. ඒවත් ගැහුවේ කල් යල් මැනලා. අනාගත ආයෝජන විදියට.

නමුත් අරවින්ද එල්ලී එල්ලී ගැහුවේ අවදානම් ක්‍රිකට්. පට්ට එළියේ යන බෝල ඇදල හුක් ගැහුවා. පුල් ගැහුවා. අවුට් උණා. යන්න ගියා. අවුට් වෙලා ගියත් පොඩි රණශුර ගතියක් තිබ්බා (warrior).

පරිස්සම් අඩු අරවින්දගේ පුද්ගලික ලකුණු අඩුයි. පරිස්සම් වැඩි සංගාගේ පුද්ගලික ලකුණු වැඩියි. ඒක නරක දෙයකුත් නෙවෙයි. හැබැයි ඒ අරවින්ද නෙවෙයි.

සංගාට කතා පවත්වන්න ආරාධනා ලැබුණ. ආදර්ශමත් ආදි ශිෂ්‍යයෙක් උණා. ආදර්ශමත් පවුලක් තිබ්බා. නයිට් නාමයක් ලැබෙන්නත් ඔන්න මෙන්න. අරවින්දට ඒ තරම් දේවල් තිබ්බේ නැහැ. එයා ගොඩක් හිටියේ යක්ෂයාගේ පැත්තේ.
යක්ෂයාගේ ක්‍රිකට් ගහපු අරවින්ද රණශුරයෙක් උණා. පරිස්සම් ක්‍රිකට් ගහපු සංගා දෙයියන්ට අයිති උණා.
පිච් එකට ටොක් ටොක් ගාල කොටල එන එන එකට දීලා ඇද්ද අරවින්ද මිනිස් ලෝකයේ මතක හිටින නමක් උණා.
මිනිස් ලෝකයේ අරවින්ද වගේ ක්‍රිකට් ගහමු. එතකොට දෙයියෝ ඔය යන දේවාලෙකින් යයි….

(අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න නෙවෙයි මේක ලිව්වේ).

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...