‘අමුතු තාලේ ආදර කතාවක් – “Castway on the Moon”

Share post:

දකුණු කොරියාවෙි ‘සෝල්’ අගනුවර පිහිටලා තියෙන එක්තරා පුංචි දූපතක්. මනුස්සයෙක් මෙි දූපතේ හිරවෙලාලු. හිරවෙලාලු නෙමෙයි ඇත්තටම එයා කොටුවෙලා. ණයවලින් හෙමිබත් වෙච්ච ‘කිමි’ කියන මෙි මනුස්සයා සියදිවි නහගන්න ගඟට පනිනවා. දෙවියෝ එයාට චාන්ස් එකක් දෙනවා. ගඟට පැනලා මැරෙන්න ගිය මනුස්සයා මෙන්න නගරයේ ඉඳන් කිලෝමීටර් පහක් හයක් විතර ඈතින් පිහිටලා තියෙන දූපතකට සේන්දු වෙලා. ඔහුට නගරයට පීනලා යන්නත් බෑ. බෑ නෙමෙයි ඔහු පීනන්න දන්නේ නෑ. තමන්ගේ ළග තියෙන ජංගම දුරකථනයේ බැටරිත් බිංදුවටම බැහැලා. තමන්ව ගොඩබිමට යන්න කාගෙන්වත් උදවි ඉල්ලන්නවත් විදියක් නෑ. මොනා කරන්නද? තටිටු නිවාසයක ජීවත් වෙන ණය කන්දරාවකින් හෙමිබත් වෙලා සියදිවි නහගන්න හදපු මෙි මනුස්සයා මෙන්න දැන් නගරාසන්නයේ තියෙන දූපතක නිදහස් ජීවිතයක් ගෙවන්න පටන් ගන්නවා. දූපතේ කිසිම මිනිස් ප්‍රාණියෙක් නෑ. එතකොට කෑම, වතුර කොහොමද සපයගන්නේ? මෙි ”Castway on the Moon” කියන කොරියානු චිත්‍රපටයේ කතා සාරාංශය.

මතකද? ටොමි හෑන්ක්ස් රඟපාන ‘Cast Away’ කියන දූපතක අතරමං වෙලා දිවි බේරගන්න ව්‍යාපාරිකයගේ කතන්දරය. ”Castway on the Moon” කියන්නේ ‘cast away’ චිත්‍රපටයේ කතාවට ඉතාමත් සමීප චිත්‍රපටයක්. හැබැයි ටොමි හෑන්ක්ස්ගේ ‘cast away’ චිත්‍රපටයට වඩා මෙි චිත්‍රපටයේ කතාව හරිම අපුරු රසවත් ගණයේ එකක්. හරියට නිකං කුකුළු මස් තසිමක් එක්ක රසවිඳින්න ලැබෙන නූඩිල්ස් පිඟානක් වගේ. චිත්‍රපටයේ නිකංමිම නිකං දුපතක තනි වෙන කතාවකට එහා ගිය ප්‍රේම කතාවක ආස්වාදය තමයි අත්විඳින්න ලැබෙන්නේ.

‘Lee Hae-jun’ විසින් අධ්‍යක්ෂණය කරපු මෙි අපූරු දකුණු කොරියානු චිත්‍රපටය හරහා හුදෙකලා ජීවිතය සහ මානව සමිබන්ධතා ගොඩනැඟීම පිළිබඳ අති සංකීර්ණ බව ගැඹුරින් සාකචිජාවට ලක් කරනවා. චිත්‍රපටයේ ‘කිමි’ නමැති මෙි පුද්ගලයාගේ නාගරික ජීවිතය මඳකට විසන්ධි කරලා ඔහුව දැඩි හුදෙකලාවට පත් වෙනවා. හුදෙකලාබව හමුවෙි ඔහු ජීවිතවීම සඳහා බලාපොරොත්තු ඇති කර ගන්නවා. දූපතක හුදෙකලාවීම හමුවෙි ප්‍රධාන අභියෝගයක් බවට පත්වන බඩගින්න සඳහා ආහාර පිළිබඳ අවශ්‍යතාවය සපුරා ගන්න ඔහුගේ උත්සාහයන් චිත්‍රපටය පුරාවට ආස්වාදජනක දෙයක් බවට පත් වෙනවා. උපදින යමි ආශාවක් (desire) ඔස්සේ අරමුණක් කරා යාමෙි දැඩි උත්සාහය වඩාත් කැපී පෙනෙන අදහසක් චිත්‍රපටය විසින් ගොඩ නඟනවා.

චිත්‍රපටය එක් පසෙකින් සාම්ප්‍රදායික නොවන ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ අපුරු ගණයේ කතාවක් අපට කියනවා. නගරයේ මහල් නිවෙසක කාමරයක හුදෙකලාව වාසය කරන කිම් ජුන්ග්-යොන් නම් තරුණිය දුරදක්නයෙන් දූපතේ සිරව සිටින ‘කිමිගේ’ ක්‍රියාකලාපය දෙස බලා සිටිනවා. මෙි දෙදෙනම ඉන්නේ විසල් ගණයේ සමාජ හුදෙකලාවක. අවසානයේ දෙදෙනා අතර අනපේක්ෂි අාකාරයේ පෙමි සබඳතාවයක් ගොඩ නැඟෙනවා. සබඳතාවය ගොඩනැඟිම විසින් අවසානයේ මෙි දෙපළ වෙනුවෙන් ප්‍රේක්ෂකයාට අත්පොළසන් දීමකින් සංග්‍රහ කරන්නට පෙළඹවීම හරිම අාස්වාදජනක ක්‍රියාවක් බවට පත් වෙනවා වගේම මෙි දෙපළගේ මානසික අරගලය මඟින් අවසානයේ දෙදෙනාගේ භෞතික හමුවීම මඟින් දෛවයේ ඇති විචිත්‍රවත් බව හඟවනවා. ‘Castway on the Moon’ කොරියානු චිත්‍රපටය යනු මා නැරඹු විශිෂ්ට ගණයේ චිත්‍රපටයකි. අපුරුතම සිනමා වියමනකි.

මලින්ත විතානගේ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...