මැතිවරණ නීති සංශෝධනයට රනිල්ගෙන් දස පුද්ගල කොමිසමක් !

Share post:

පවතින මැතිවරණ නීති පිළිබඳ විමර්ශනය සඳහා විශ‍්‍රාමික අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් 10 දෙනකුගෙන් සමන්විත විමර්ශන කොමිසමක් පත්කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කොමිෂන් සභාවේ මූලික කර්තව්‍ය වන්නේ, පවතින සියලුම මැතිවරණ නීති සහ රෙගුලාසි හොඳින් සමාලෝචනය කිරීම, විමර්ශන, පරීක්ෂණ සහ තක්සේරුකිරීම් සිදුකිරීම සහ පසුව මෙම නීති සමකාලීන අවශ්‍යතා සමඟ පෙළගැස්වීම සඳහා අත්‍යවශ්‍ය සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

මාස 06ක කාල රාමුවක් තුළ මෙම විස්තීරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම කොමිෂන් සභාවට පැවරී ඇත.

කොමිෂන් සභාවට පත්කළ සාමාජිකයන් පහත පරිදි වේ.

  1. විනිසුරු වැවගේ ප්‍රියසාත් ජෙරාඩ් ඩෙප්, ජනාධිපති නීතිඥ – විශ්‍රාමික අගවිනිසුරු
  2. සුන්තරම් අරුමයිනයහම්
  3. සේනානායක අලිසඳරාලගේ
  4. ජනාධිපති නීතිඥ නලීන් ජයන්ත අබේසේකර
  5. රාජිත නවීන් ක්‍රිස්ටෝපර් සේනාරත්න පෙරේරා
  6. අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම්
  7. සාගරිකා දෙල්ගොඩ
  8. එස්තර් ශ්‍රියානි නිමල්කා ප්‍රනාන්දු
  9. විතාරණගේ දීපානි සමන්තා රුද්‍රිගු
  10. ඇලන් සී.වී.ඩේවිඩ්

පවතින සියලුම මැතිවරණ නීති හා රෙගුලාසි පරීක්ෂා කර අවශ්‍ය සංශෝධන සඳහා නිර්දේශ ලබාදීම කොමිසමට පැවරී ඇත.

කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කිරීම, සම්ප්‍රදායික මුද්‍රිත ඡන්ද පත්‍රිකා වෙනුවට නවීන තාක්ෂණය භාවිත කරමින් විද්‍යුත් ඡන්දය භාවිත කිරීම හඳුන්වාදීම, විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීම ඇතුළු විවිධ කරුණු කෙරෙහි මෙම නිර්දේශයන් තුළ විශේෂ අවධානයක් යොමුකෙරෙනු ඇත.

තවද, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ජනමාධ්‍ය භාවිතය යෝග්‍ය ලෙස භාවිත කිරීමට මඟපෙන්වීම වෙනුවෙන් ජනමාධ්‍ය ප්‍රමිතීන් සැකසීම සඳහා කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත ය.

දේශපාලන හා පොදු කටයුතු ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ ඒවායේ සාමාජිකයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්ද ඔවුන් යෝජනා කරනු ඇත.

මීට අමතරව, විශ්වාසය සහ මහජන වගවීම වර්ධනය වන ආකාරයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ නීති සහ රෙගුලාසි ශක්තිමත් කිරීමේ ක්‍රම එම කොමිසම යෝජනා කරනු ඇත.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...