තවත් විශිෂ්ඨයෙකුගේ නික්මයාම

Share post:

ලංකාවේ සිනමා ක්ෂේස්ත්‍රය ගත්තොත් ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන නම අමතක කරන්න බෑ.

ඒ වගේම තමයි ඉරාන සිනමාව ගැන කතා කරන්න අමාරුයි ඩරියුෂ් මෙහ්ජුයි ගැන සඳහන් නොකර. ( Dariush Mehrjui 1939-2023).
හොලිවුඩ් සිනමාව සහ බොලිවුඩ් අද ලෝක සිනමාව පාලනය කරද්දි නයිජීරියානු චිත්‍රපට අප්‍රිකානු කලාපයේත් දකුණු ඇමරිකානු කලාපවලත් බලය පතුරුවනවා.

බොලිවුඩ් සිනමාව ඉදිරියේ මලයාලම් සිනමාවේ ලස්සන ගැන කතා කරන්න අමතක වෙනව වගේම බොලිවුඩ් හා හොලිවුඩ් ඉදිරියේ අපිට ඉරාන සිනමාව ගැන කතා කරන්න වෙන්නෙ ඉතාම අඩුවෙන්.

නමුත් ඉරාන සිනමා නිර්මාණ කියන්නෙ වෙනම කතාකල යුතු බොහොම ලස්සන විෂයයක්.

මේ අපූරු සිනමාවට විශාල දායකත්වයක් දීපු ලස්සන පුද්ගලයෙක් තමයි ඩරියුෂ් මෙහ්ජුයි.

ඉරානය කීවම අද අපිට සිහිපත් වෙන්නෙ කළු බුර්කාවෙන් වසාදැමුනු කාන්තාවන්… සංස්කෘතික පොලීසිය… අන්ත ආගමික රජය… ආගමේ මුවාවෙන් දෙවියන් වෙන පිරිමි හා පූජක පක්‍ෂය මිශ්‍රවුනු බොහොම දුක්බර ..වේදනාත්මක චිත්‍රයක්. අපිට මතකයි මාශා අමීනී නම් ඉරාන කුර්දිශ් තරුණිය නිවැරදිව හිජාබ් හිස් ආවරණය නොපැලඳීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවපු ආකාරය.

නිදහස ඉල්ලා හඬනගන මාධ්‍යවේදීන්.. කලාකරුවන්.. තරුණ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් තවමත් ඉන්නෙ හිර කඳවුරු ඇතුලෙ.

ඒ අතරෙ නොබෙල් සාමත්‍යාගය ලබපු නාර්ගිස් මොහොම්මදි (Narges Mohammadi) වැනි ක්‍රියාකාරීන්ට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙන්නෙ තමන්ගෙ රටින් පිට .

අද ලෝකයට අමතක වුනත් පර්සියාව කියන්නෙ ලෝකයට විශාල දැනුමක් වගේම විශිෂ්ඨ නිර්මාණ රාශියක්ම තිලිණ කරපු රටක් .. කලාපයක් හා සස්කෘතික උල්පතක් .

නමුත් 1979 සිදුවුනු ඉරාන ආගමික විප්ලවයත් එක්ක පර්සියාවේ සුන්දරත්වය කළු බුර්කාවකින් වැහෙනව.

නමුත් මේ බුර්කාව යටින් අපූරු පුද්ගලයන් උත්සාහ කරනව ලස්සන නිර්මාණ කරන්න… තමන්ගෙ අනන්‍යතාවය රැකගන්න… ජීවත් වෙන්න.
මෙන්න මේ වගේ ලස්සන නිර්මාණ කරපු සිනමාකරුවෙක් තමයි ඩරියුශ්.

බටහිර හෝ යුරෝපීය සිනමාවත්… ආසියානු හා මැදපෙරදිග සංස්කෘතියත් අතර අනන්‍යතාවයක් ඩරියුශ් මෙහ්ජුයි විසින් ගොඩනගනව.

The Cow – 1969, චිත්‍රපටිය විවිධ රටවල ඇගයීමට ලක්වුණු ඩරියුශ්ගේ විශිෂ්ඨ නිර්මාණයක්.

Hamoun- 1989
Leila -1997
The Pear Tree- 1998
Santouri – 2007
Red Nail Polish- 2016 වගේ නිර්මාණ ගැන සිනමා ලෝකය නිතරම කතා කරනව.

ඉරාන විප්ලවය සිද්ධ වෙන්නෙ 1979 වර්ශයේදී. මුල්කාලයේ විප්ලවයට පක්‍ෂව කටයුතු කිරීම ගැන මෙහ්ජුයිට චෝදනා එල්ලවෙනව. නමුත් කෙටිකාලයකින්ම ආගමික රෙජිමයේ චෝදනාවලට ලක්වෙන්න සිදුවෙන්නෙත් මේ නිර්මාණකරුවාටම තමයි.

ආගමික රජය සහ නිර්මාණ අතර සටනකට මැදිවෙන්න සිදුවෙන එකම නිර්මාණකරුවා ඩරියුශ් විතරක් නෙවෙයි. නමුත් මේ වගේ කලාකරුවන් පහසුවෙන් පහුබහින්න සූදානම් නෑ.

ආගමික රෙජිමයේ දඬු අඬුවට ඩරියුෂ්ගෙ නිර්මාණ නිතරම අහුවෙද්දි සංස්කෘතික පොලීසියේ ප්‍රශ්ණකිරීම් වලින් මේ නිර්මාණකරු හෙම්බත් වෙනබවත් අපිට අහන්න පුළුවන්.

A Minor ( බාලයා/ සුළු පක්‍ෂය හෝ කුඩා දරුවා ) චිත්‍රපටිය නිර්මාණය කරන්න ඩරියුෂ්ට සටන් කරන්න වෙනව වසර කීපයක්ම ඉරාන රෙජිමය එක්ක. වසර ගණනාවකට පස්සෙ 2022 දී මේ නිර්මාණය බිහිවුනත් මුල් පිටපතේ තිබුනු අදහස ඒ විදිහටම ඉදිරිපත් කිරීමට නොහැකිවීම ගැන පසුතැවීම් හා විවේචන බොහොමයක් අපිට අහන්න ලැබෙනව.

ඉරාන ආගමික රෙජිමය නිසා මෙහ්ජුයිට තමන්ගෙ සිනමා නිර්මාණ ඒ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වුනාද.. විශිෂ්ඨ නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය මානසික නිදහස.. නිදහස් වටපිටාව.. මුදල් හා පහසුකම් මේ නිර්මාණකරුවාට ලැබුනද කියන ප්‍රශ්ණ අපිට ඉතිරිවෙනව.

විදේශ මාධ්‍යය අමතමින් ඩරියුෂ් කිහිපවිටක්ම පවසනව මානසික නිදහස හා නිර්මාණ කිරීමට අවශ්‍ය නිදහස නොලැබීම ගැන.

නමුත් මේ ගැටළු .. මර්ධනය හා අසහනකාරී වටපිටාව මැද මෙහ්ජුයි නම් සිනමාකරුවා තමන්ගෙ නිර්මාණ තමන්ට හැකි අකාරයෙන් ලෝකයට ඉතිරිකරනව.

මේ අපූරු නිර්මාණකරුවා කීප විටක්ම උත්සාහ කරනව විදේශ රටවල ජීවත් වෙන්න. නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වෙන්නෙ ඩරියුෂ් පරිසියානු බිමත් එක්ක තදින් බැඳිලා හිටපු නිසා වෙන්න පුළුවන්.

ඩරියුෂ් මෙහ්ජුයිගෙ අවසානයත් බොහොම වේදනාත්මක එකක්. 14 වෙනිදා රාත්‍රියේ පිහි ඇණුමකට ලක්වෙන මෙහ්ර්ජුයි වගේම එයාගෙ බිරිඳත් උදව් නොලබාම මිය යනව.
ටෙහෙරාන රෙජිමය මේ ඝාතනය පිටුපස්සෙ ඉන්නවද කියන්න අපිට පුළුවන් කමක් නෑ.

මොනවා වුනත් ඉරාන රෙජිමය බොහොම කාර්‍යභහුලයි හමාස් .. හිස්බුල්ලා වගේ සංවිධානවලට උදව් කරන්නත් තමන්ගෙ රටේ ක්‍රියාකාරීන්ව නිහඬ කරන්නත්.

අධික ආගමික සංකල්පවලින් අන්ධවෙලා ඉන්න ලෝකයක ඩරියුෂ් වගේ නිර්මාණකරුවන්ට ඉඩක් නොමැතිවීම කණගාටුවට කාරණයක්.

Dariush Mehrjui 1939-2023

Malcolm Sang

Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ Vahida Mohammadifar

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...