“ඔබේ මගේ කතාවේ පුංචි හෝ තැනක් මේ තුල සැගවී තිබෙනු නිසැකය”

Share post:

පන්තියේ අටවෙනියා වීම හේතුවෙන් සියදිවි නසාගත් දරුවෙකු පිලිබදව මේ දිනවල පුවතක් සන්සරනය වේ.පසු ගිය කාලය පුරාම පාසල් දරුවන්, විශ්වවිද්‍යාල දරුවන් මේ ආකාරයෙන් කටයුතු කිරීමත් කැපී පෙනෙන්නට තිබිණි .ඉතා සුලු තරවටු කිරීම්, විභාග අසමර්ථ, ප්‍රේම සම්බන්ධතා බිද වැටීම්, ප්‍රතික්ෂේප වීම , ජන්ගම දුරකථන මුල් කර ගෙන ඇතුවු ගැටලු මේ අතර මුල් තැනක් හෙන තිබු අතර එසේ නොවන අවස්තා වල ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය පෙරට වඩා යම් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව පැහැදිලි ය.

වස්සාන සිහිනය , සුලග වගේ ඇවිදින් වැනි කතා සොයමින් නොයිවසිල්ලෙන් කියවු යුගයක් මට තිබිණි එය එකල අපේ පරම්පරාවට පොදු කරුනක් විය . මුල් වරට එම නවකතා දෙකම පුවත්පත් වල සතිපතා පලවු බැවින් ඉදිරි කොටස කියවීමට සතියක් නොයිවසිල්ලෙන් ගතකිරීමට සිදු විය. අද මෙන් සියලු කොටස් එක්වර බා ගත කරගෙන කියවීමට පහසුකම් තිබුනේද නැත. ඒ නවකතා සියල්ල ප්‍රබන්ධ වුවත් එවකට තාරුණ්‍යයට පොදු ලක්ශණ බොහොමයක් ඒ තුළ ගැබ්ව තිබීමම ඒ ජනප්‍රියත්වයට හේතුවු අතරම අදටත් එහි රසවින්දනයට බාධාවක් නැත. පාසල, බස් නැවතුම, ටියුශන් පන්තිය , පාසල් බස් රථ බොහෝ මතක් පිරුණු තැන්‍ ය.එදවස ඇතැම් මතක අදටත් සිහිපත් කරන්නේ ඇතැම්විට ආදරයෙනි, උපහාසයෙනි විනෝදයෙනි. කලකට පසු මේ සියල්ල නැවත සිහිපත් කරදුන්නේ රශ්මිකගේ ත්‍රිමූර්තියියි. ඔහුගේ අනෙකුත් පොත් වලින් මහනුවරදී සොයා ගත හැකි වූයේ මරණයේ රළ නැගුම පමණි. ත්‍රිමුර්තිය අහම්බෙන් මෙන් සරසවියේ දුටුවිට දමා එන්නට හිතදුන්නේ නැත . ගමනාන්තයට එන විට මුල් පරිජේද සියල්ල කියවා අවසන්‍ ය.

එකී මුල් පරිජේද සියල්ල නැවත නැවත සිහිපත් කරදුන්නේ මීට ඉහතින් සදහන් කළ කාලයයි. බස් නැවතුම් වල ටියුෂන් පන්තිවල පාසල් බස්‍ රථවල සොඳුරු මතක ඒ තුළ පිරී තිබිනි.බිද වැටීම් ප්‍රතික්ෂේප වීම්,කොතෙකුත් තිබුණද ඒ සියල්ල මැදින් මැදිහත්ව ඉදිරියට ගමන් කරන තාරුණ්‍යය ඒ තුළ දුටිමි.

අවසන් පරිජේදවල හමුවන මැදිහත් ස්වාධීන තරුණයා බිහිවන්නේ අර මුලින් කී පරිසරය තුලය. ඔහුට දරාගැනීම ,ඉවසීම , නිරීක්ෂණය වැනි සියල්ල ලබා දෙන්නේ එවකට ඔහු ලබන අත්දැකීමය. විරුද්ධ ලිංගිකයාට ගරු කිරීම ඔහු ඉගෙන ගන්නේ පාසැල් වයසේදීමය.

ත්‍රිමුර්තිය කියවාගෙන යනවිට එහි ඇති සමාන අත්දැකීම් අතරින් අදටත් මා අත්දකින සිදුවීමක් පමණක් මෙහි සටහන් කරමි. මෙහි කතානායකයා නුවරට පැමිණි පසුව නින්දට යන්නේ රාත්‍රි එළි නරඹමිනි. මමද එයට ඇබ්බැහි වී සිටිමි. සතියක් නිල නිවසේ ගත කරන මා නිවසට පැමිණි දිනවල නින්දට යන්නේ පේරාදෙණිය නගරයේ දැල්වෙන විදුලි පහන් නරබමිනි. ඒ ආකාරයෙන් ඔබේ මගේ කතාවේ පුංචි හෝ තැනක් මේ තුල සැගවී තිබෙනු නිසැකය.

සටහන – වාසනා නවරත්න (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...