වත්මන් ආසියානු ශුරයන් අද තරග බිමට !

Share post:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය – 2023 දෙවැනි තරගය අද (31) ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිත ය.

ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා සංචිතයට වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර වගේම ළහිරු කුමාර ඇතුළත් නොවන අතර, මෙම තරගය කණ්ඩායම් දෙකට ම තීරණාත්මක තරගයක් ලෙස සැලකිය හැකිය.

කෙසේ වෙතත් එක්දින පිටියේදී බංගලාදේශයට එරෙහිව දෙවැනි වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හැඳින්විය හැකිය.

පල්ලෙකැලේ පිටියේදී ශ්‍රී ලංකාව තරග 31කට මුහුණ දී ඉන් තරග 15ක් ජය ලබා ඇති අතර, බංගලාදේශ කණ්ඩායම එක් තරගයක් ක්‍රීඩා කර ඉන් ජය ලබා තිබේ.

එමෙන්ම පල්ලෙකැලේ පිටියේ ජාත්‍යන්තර එක්දින තරග 36ක් පවත්වා ඇති අතර, ඉන් පළමුවර පන්දුවට පහර දුන් කණ්ඩායම් තරග 15කුත්, දෙවැනි වර පන්දුවට පහරදුන් කණ්ඩායම් තරග 20කුත් ජයගෙන ඇත.

ඒ හේතුවෙන් කාසියේ වාසිය තරගයේ තීරණාත්මක සාධකයක් වනු ඇත.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...