වත්මන් ආසියානු ශුරයන් අද තරග බිමට !

Share post:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය – 2023 දෙවැනි තරගය අද (31) ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිත ය.

ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා සංචිතයට වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර වගේම ළහිරු කුමාර ඇතුළත් නොවන අතර, මෙම තරගය කණ්ඩායම් දෙකට ම තීරණාත්මක තරගයක් ලෙස සැලකිය හැකිය.

කෙසේ වෙතත් එක්දින පිටියේදී බංගලාදේශයට එරෙහිව දෙවැනි වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හැඳින්විය හැකිය.

පල්ලෙකැලේ පිටියේදී ශ්‍රී ලංකාව තරග 31කට මුහුණ දී ඉන් තරග 15ක් ජය ලබා ඇති අතර, බංගලාදේශ කණ්ඩායම එක් තරගයක් ක්‍රීඩා කර ඉන් ජය ලබා තිබේ.

එමෙන්ම පල්ලෙකැලේ පිටියේ ජාත්‍යන්තර එක්දින තරග 36ක් පවත්වා ඇති අතර, ඉන් පළමුවර පන්දුවට පහර දුන් කණ්ඩායම් තරග 15කුත්, දෙවැනි වර පන්දුවට පහරදුන් කණ්ඩායම් තරග 20කුත් ජයගෙන ඇත.

ඒ හේතුවෙන් කාසියේ වාසිය තරගයේ තීරණාත්මක සාධකයක් වනු ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...