ජනාධිපති නිවාස අඩස්සියට : හමුදාව ගැබොන් රාජ්‍යයේ බලය අල්ලාගනියි !

Share post:

හමුදා සෙබළුන් කණ්ඩායමක් පැමිණ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ තමන් රටේ බලය ඇල්ලූ බව ප්‍රකාශයක් කරනවා. අප්‍රිකා මහාද්වීපයට දැන් එය අලුත් දෙයක් නොවෙයිවෙයි. ලැයිස්තුවට අලුතින්ම එක් වුණේ ගැබොන් රාජ්‍යය.

ගැබොන් හමුදාව අද ජනාධිපති අලි බොංගෝ නිවාස අඩස්සියට ගෙන ආණ්ඩුවේ බලය අල්ලා ගෙන තිබෙනවා.

කුමන්ත්‍රණය සිදුවුණේ පසුගියදා පැවති එරට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟයි. ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති බොංගෝ 64% ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කර තිබුණා.නමුත් විපක්ෂය චෝදනා කරන්නේ මැතිවරණය අතිශයින් දූෂිත බවයි. ජනාපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා විපක්ෂ අපේක්ෂක ඇල්බට් ඔන්ඩෝ ඔසා බවයි ඔවුන්ගේ මතය.

ජනාධිපති බොංගෝ මුලින්ම තේරී පත් වුයේ 2009 දී. ඒ එවකට ජනාධිපති වු ඔහුගේ පියාගේ අභාවයෙන් පසුවයි. බොංගෝගේ පියා වූ ඕමාර් බොංගෝ ඔන්ඩිම්බා වසර 41 ක් එරට පාලනය කළා.

වත්මන් පාලනයට තිත තැබීමෙන් සාමය ආරක්ෂා කිරීමට” තමන් තීරණය කළ බව හමුදා නිලධාරීන් පැවසුවා “ගැබොන් ජනතාව බලාපොරොත්තු වූ විනිවිදභාවයෙන් යුත්, විශ්වාසනීය මැතිවරණයක්” නොපැවත්වු බව හමුදා නායකයන් ප්‍රකාශ කළා. කෙසේ නමුත් හමුදාවට සහාය පළ කරමින් සමහර පිරිස් අගනුවර වීදිවලට රැස් වී සිටිනවා.

ගැබොන් යනු අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති ස්වාභාවික සම්පත් බහුල රටක්. විශේෂයෙන් තෙල් නිධි සහ කොකෝවාවලට එරට ප්‍රසිද්ධයි. කෙසේ වෙතත් එහි ජනගහනයෙන් තුනෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ගැබොන් රාජ්‍යය භූමි ප්‍රමාණයෙන් එක්සත් රාජධානියට සමානයි. නමුත් ජනගහනය මිලියන 2.4යි. වඩාත් වැදගත් වන්නේ ගැබොන්හි භූමියෙන් 90% ක් වනාන්තරවලින් වැසී තිබිමයි.

කාබන් දහනය අඩු කරමින් වනාන්තර ආරක්ෂා කිරීම නිසා ගැබොන් රාජ්‍යයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ගෙවීමක් ලැබුණා. ගැබොන් යනු එලෙස ගෙවීමක් ලැබූ පළමු අප්‍රිකානු රටයි.

දින කිහිපයකට පෙර නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයාත් මෙවැනිම හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකර තිබුණා. ඉතා මෑතකදී මාලි, බුර්කිනා පාසෝ හා ගිනියා යන අප්‍රිකානු රාජ්‍යයන්ගේ පාලනය ද ඒ රටවල හමුදාව විසින් ඩැහැ ගෙන තිබුණා. විශේෂත්වය වන්නේ මේ සියළු රටවල් පැරණි ප්‍රංශ යටත් විජිත වීමයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් පාලනය කළ යටත් ව්ජිතයන්හි වඩාත් දියුණු දීර්ඝකාලීන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහිවෙද්දී පැරණි ප්‍රංශ කොලනිවල තවමත් අස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වීම විමසා බැලිය යුතු කාරණයක්.

ශානක ලියනගම

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...