චන්ද්‍රිකාට තෑගි දුන් ඇතා කන්දේ විහාරයේදී හිංසනයට : තායිලන්ත තානාපති තදින් සිටී !

Share post:

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකට තායිලන්ත රජයෙන් ත්‍යාගයක් ලෙස ලබාදුන් ඇතෙකු වහාම ආපසු සිය රටට යැවිය යුතු බව මෙරට තායිලන්ත තානාපති පෝජ් හර්න්පෝල් අවධාරණය කර තිබේ.

මුතුරාජා නම් මෙම ඇතා, අලුත්ගම කන්දේ විහාරයට ලබාදී තිබිණි. එම ඇතාට අවශ්‍ය පහසුකම් නිසිපරිදි නොලැබීම නිසා දැඩි රෝගී තත්ත්වයට පත්ව ඇත.

මේ බව වාර්තා වීමෙන් පසු තායිලන්ත තානාපතිවරයා එහි ගොස් තිබේ.

යන්තම් ශේප් !

ඇතාගේ තත්ත්වය දුටු ඔහු, වහාම තායිලන්ත රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට ඇතා ආපසු ගෙන්වාගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බව පෙන්වා දී ඇත. ඒ බව මෙරට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයට ද දැනුම් දීමට තානාපතිවරයා කටයුතු කර තිබේ.

ඉන්පසු එම අමාත්‍යංශ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත් සහ විෂය බාර ඇමති මහින්ද අමරවීර තානාපතිවරයා සමග සාකච්ඡා කොට, අදාළ ඇතා දෙහිවල සත්වෝද්‍යානයට බාරදීමට කටයුතු කර ඇත. තානාපතිවරයා පෞද්ගලිකව ම සත්වෝද්‍යානයට ද ගොස් ඇතා පිළිබඳ සොයා බලා ඇති අතර, එහිදී දැනට ලබාදී ඇති ප්‍රතිකාර පිළිබඳ සෑහීමට පත්ව ඇත.

ඇතා බාරව සිටි පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද තානාපතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කොට ඇත.

ආගමික ස්ථාන උදාහරණ

මීට පෙර කෝට්ටේ රජමහා විහාරය බාරයේ සිටි ඇතෙකු සහ අලියෙකු බරපතළ හිංසනයට ලක්වීමෙන් පසු මියගොස් තිබිණි.

එසේම මාතර, දෙවුන්දර දේවාලය බාරයේ සිටි කළණ නම් ඇත් පැටවා ද එසේ හිංසනයට ලක්වෙමින් සිටින බව මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු, බලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම ඇත් පැටවා රිදියගම සෆාරි උද්‍යානයට බාරදීමට කටයුතු කරන ලදි. ඒ සඳහා සක්‍රීය ව මැදිහත් වූයේ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ ය.

කැබිනට් හිංසනය

මේ අතර මීට පෙර පැවති ආණ්ඩුව අලි-ඇතුන් සම්බන්ධයෙන් ගත් අත්තනෝමතික කැබිනට් තීන්දුවක් ඒ ආකාරයට ම ක්‍රියාත්මක කිරීමට වර්තමාන ආණ්ඩුව ද කටයුතු කළේය. ඒ පුද්ගලික බාරයේ සිටියදී අත්අඩංගුවට ගෙන රජයේ බාරයට පත් කර සිටි හීලෑ අලි-ඇතුන් 49 දෙනෙකු සම්බන්ධයෙනි.

ඒ අතරින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව බාරයේ සිටි අලි-ඇතුන් 30 දෙනෙකු නිදහස් කිරීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරිණි. පරිසරවේදීන්ගේ බලවත් විරෝධය හේතුවෙන් එය ක්‍රියාත්මක වීම කල් ගියද, එය සම්පූර්ණයෙන්ම නතර කර ගැනීමට නොහැකි විය.

හිංසනයට එකමුතු වීම

වර්තමාන ජනාධිපති, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, බුද්ධශාසන හා වයඹ සංවර්ධන එවකට ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු එවකට ඇමති ජෝන් අමරතුංග විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මෙය ඉදිරිපත් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...