තිලංගට කෝටි 2 1/2ක් වන්දි ගෙවන්නැයි අර්ජුනට නියෝග

Share post:

මීට වසර 19 කට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමන්ට අපකිර්තියක් සිදුවුණා යැයි පවසමින් හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එරෙහිව පැවරූ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එය සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ඊයේ (නොවැ. 17) නියෝග කළේ ය.

අර්ජුන රණතුංග කළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාලට අගතියක් හා අපහාසයක් සිදුව ඇති බව කරුණු සලකා බැලීමෙන් තහවුරු වන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළහ.

අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග හා තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

හිටපු ක්‍රිකට් නායක හා හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග 2003 වසරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ටෙලිකොම් සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරක් දැරීමට තමා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් තමන්ට කළ අපහාසය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා තිලංග සුමතිපාල විසින් නඩුවක් ගොනු කර තිබිණි.

පැමිණිලිකාර තිලංග සුමතිපාල වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන හා තනුජ මීගහවත්ත, විජිත මීගහවත්ත යන නීතිඥවරුන් පෙනී සිටි අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අතුල හේරත් පෙනී සිටියේ ය.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...