පාකිස්තානය භාරකාර අගමැතිවරයෙක් යටතට

Share post:

පාකිස්තානයේ භාරකාර අගමැතිවරයා ලෙස සෙනෙට් සභික අන්වර් උල් හක් නම් කර ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

ඒ අනුව එරට අඩුම ජනගහනයක් ඇති බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරන ප්‍රකට දේශපාලකයකු නොවන අන්වර් උල් හක් මීළඟ මැතිවරණය පවත්වන තුරු පාකිස්තානයේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇත.

පාකිස්තානයේ මීළග මැතිවරණය දින 90ක් ඇතුළත පැවැත්විය යුතුව ඇති අතර, පාකිස්තානයේ නව ජන සංගණනයේ ප්‍රතිඵල සම්බන්ධව පසුගිය සතියේදී උද්ගත වූ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මැතිවරණය කල් යනු ඇතැයි ද එරට මාධ්‍ය පෙන්වාදෙයි.

එමෙන්ම එරට ඡන්ද කොට්ඨාස නැවත සකස් කිරීමට මැතිවරණ කොමිසමට වැඩි කාලයක් අවශ්‍ය වනු ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

පසුගිය බදාදා රජය විසුරුවා හැරීමෙන් පසු අගමැති ධුරයට සමු දුන් ශෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රියාස් අතර දින තුනක් පුරා පැවැති සාකච්ඡාවකින් අනතුරුව අන්වර් උල් හක්ගේ නම යෝජනා වී ඇත.

කෙසේවෙතත් මේ වනවිට පාකිස්තානයේ දැඩි දේශපාලන මෙන්ම ආර්ථික අස්ථාවරභාවයක් පවතින අතර වාර්ෂික උද්ධමනය 35%ක තරම් ඉහළ මට්ටමක පවතී

එමෙන්ම යෝජිත භාරකාර අගමැතිවරයා වන අන්වර් උල් හක් නියෝජනය කරන බලුකිස්තානය පාකිස්තානයේ අඩුම සංවර්ධිත ප්‍රාන්තය ලෙසද සැලකේ.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...