පාකිස්තානය භාරකාර අගමැතිවරයෙක් යටතට

Share post:

පාකිස්තානයේ භාරකාර අගමැතිවරයා ලෙස සෙනෙට් සභික අන්වර් උල් හක් නම් කර ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

ඒ අනුව එරට අඩුම ජනගහනයක් ඇති බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරන ප්‍රකට දේශපාලකයකු නොවන අන්වර් උල් හක් මීළඟ මැතිවරණය පවත්වන තුරු පාකිස්තානයේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇත.

පාකිස්තානයේ මීළග මැතිවරණය දින 90ක් ඇතුළත පැවැත්විය යුතුව ඇති අතර, පාකිස්තානයේ නව ජන සංගණනයේ ප්‍රතිඵල සම්බන්ධව පසුගිය සතියේදී උද්ගත වූ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මැතිවරණය කල් යනු ඇතැයි ද එරට මාධ්‍ය පෙන්වාදෙයි.

එමෙන්ම එරට ඡන්ද කොට්ඨාස නැවත සකස් කිරීමට මැතිවරණ කොමිසමට වැඩි කාලයක් අවශ්‍ය වනු ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

පසුගිය බදාදා රජය විසුරුවා හැරීමෙන් පසු අගමැති ධුරයට සමු දුන් ශෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රියාස් අතර දින තුනක් පුරා පැවැති සාකච්ඡාවකින් අනතුරුව අන්වර් උල් හක්ගේ නම යෝජනා වී ඇත.

කෙසේවෙතත් මේ වනවිට පාකිස්තානයේ දැඩි දේශපාලන මෙන්ම ආර්ථික අස්ථාවරභාවයක් පවතින අතර වාර්ෂික උද්ධමනය 35%ක තරම් ඉහළ මට්ටමක පවතී

එමෙන්ම යෝජිත භාරකාර අගමැතිවරයා වන අන්වර් උල් හක් නියෝජනය කරන බලුකිස්තානය පාකිස්තානයේ අඩුම සංවර්ධිත ප්‍රාන්තය ලෙසද සැලකේ.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...