සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල අද ඇරඹේ!

Share post:

CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන 2023 ‘සමපෝෂ’ පළාත් පාසල් ක්‍රීඩා උළෙල අද(15) සිට පැවැත්වේ. එහි සමාරම්භක ක්‍රීඩා උළෙල ලෙසින් වයඹ පළාත් පාසල් ක්‍රීඩා උළෙල අගෝස්තු 15 සිට 18 වෙනිදා දක්වා වෙන්නප්පුව ඇල්බර්ට් පීරිස් ක්‍රීඩංගණයේදී අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට නියමිත වේ.

මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් පැවති උත්සවය CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී සචී ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක උපාලි අමරතුංග මහතා ඇතුළුව, වයඹ පළාත, ඌව පළාත්, උතුරු මැද පළාත, නැගෙනහිර සහ දකුණු පළාත් නියෝජනය කරමින් නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහභාගීවූහ.

එහිදී අදහස් දැක්වූ සචී ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ සමපෝෂ හරහා පෝෂණයෙන් මෙන්ම ආත්ම විශ්වාසයෙන් පරිපූර්ණ සහ හැකියාවන් වර්ධනයවූ තරුණ පරපුරක් බිහිකිරීම බවයි. ඒ අනුව ‘දිනන දරුවෝ’ යන තේමාව යටතේ මෙම පළාත් ක්‍රීඩා උළෙල පැවැත්වීම සිදුකරන බවය.

2015 වසරේ මුල් වරට සමපෝෂ සන්නාමයේ අනුග්‍රහය සහිතව එක් පළාතක් පමණක් කේන්ද්‍ර කරගෙන ආරම්භවූ මෙම පළාත් පාසල් ක්‍රීඩා උළෙල, මෙවර පළාත් 5ක පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.

ඌව පළාත් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 1 සිට 4 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එසේම උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 5 සිට 8 වැනිදා දක්වාත්, දකුණු පළාත් ක්‍රීඩා උළෙල එම කාලසීමාවේදීම බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් 19 සිට 23 දක්වා නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල කන්තලේ ලීලාරත්න ක්‍රීඩංගණයේදි පැවැත්වේ.
තරඟ ඉසව් 70 කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා මෙම පළාත් නියෝජනය කරමින් පාසල් 650ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතය. මෙහිදී ජයග්‍රාහකයන්ට සහ සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට අනුග්‍රාහක ආයතනය කටයුතු කරනු ලබයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...