වින්දිතයා වෙනුවෙන් නීති විශාරදයෝ එක්වෙති : දිල්රුක්ෂි නිදහස් – සේනාධිපතිට මොකද වෙන්නෙ ?

Share post:

සේවා තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2019 සැප්තැම්බර් මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ දුරකතන සංවාදයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇයගේ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු ලබා දී ඇත. 2021 වසරේ මොරටුව විශ්වවිද්‍යාලය හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන 2කින් හෙළිවූයේ එම හඬපටයේ සම්පූර්ණ දුරකතන සංවාදය ම විකෘති කිරීම සඳහා සංස්කරණය කර ඇති බවයි.

මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ හිඟ වැටුප් සහ  සියලු වරප්‍රසාද ඉදිරියේදී ලබාදීමට ද නියමිත ය.

කුප්‍රකට ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග සිදු කළ දුරකතන සංවාදයක් යනුවෙන් ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා නිසා මෙසේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඇයගේ වැඩ තහනම් කෙරිණි. ඉන්පසු එය ව්‍යාජ ලෙස සකස් කළ හඬපටයක් බව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයේදී ද තහවුරු විය.   

වහාම ඇය නැවත සේවයේ පිහිටුවන ලෙස 2021 ජූලි 22දා අදාළ පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයෙන් නියෝග කෙරිණි. මාස 18ක් තිස්සේ වැඩ තහනමට ලක්ව සිටි ඇය, තීන්දුවෙන් දින 8කට පසු, එනම් ජූලි 30දා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීය.

මේ අතර නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී ඇත්තේ මෙවැනි කටයුත්තක් සිදු කළ පාර්ශ්වයට එරෙහිව සිදු කළ හැක්කේ කුමක්ද යන්න සහ එය වින්දිත පාර්ශ්වය සිදු නොකරන්නේ නම්, තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් වී සිදුකිරීමේ හැකියාව සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති විශාරදයන් කිහිපදෙනෙකු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් සමග සාකච්ඡා කිරීමට ද සූදානම් වන බව වාර්තා වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...