වින්දිතයා වෙනුවෙන් නීති විශාරදයෝ එක්වෙති : දිල්රුක්ෂි නිදහස් – සේනාධිපතිට මොකද වෙන්නෙ ?

Share post:

සේවා තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2019 සැප්තැම්බර් මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ දුරකතන සංවාදයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇයගේ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු ලබා දී ඇත. 2021 වසරේ මොරටුව විශ්වවිද්‍යාලය හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන 2කින් හෙළිවූයේ එම හඬපටයේ සම්පූර්ණ දුරකතන සංවාදය ම විකෘති කිරීම සඳහා සංස්කරණය කර ඇති බවයි.

මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ හිඟ වැටුප් සහ  සියලු වරප්‍රසාද ඉදිරියේදී ලබාදීමට ද නියමිත ය.

කුප්‍රකට ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග සිදු කළ දුරකතන සංවාදයක් යනුවෙන් ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා නිසා මෙසේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඇයගේ වැඩ තහනම් කෙරිණි. ඉන්පසු එය ව්‍යාජ ලෙස සකස් කළ හඬපටයක් බව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයේදී ද තහවුරු විය.   

වහාම ඇය නැවත සේවයේ පිහිටුවන ලෙස 2021 ජූලි 22දා අදාළ පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයෙන් නියෝග කෙරිණි. මාස 18ක් තිස්සේ වැඩ තහනමට ලක්ව සිටි ඇය, තීන්දුවෙන් දින 8කට පසු, එනම් ජූලි 30දා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීය.

මේ අතර නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී ඇත්තේ මෙවැනි කටයුත්තක් සිදු කළ පාර්ශ්වයට එරෙහිව සිදු කළ හැක්කේ කුමක්ද යන්න සහ එය වින්දිත පාර්ශ්වය සිදු නොකරන්නේ නම්, තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් වී සිදුකිරීමේ හැකියාව සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති විශාරදයන් කිහිපදෙනෙකු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් සමග සාකච්ඡා කිරීමට ද සූදානම් වන බව වාර්තා වේ.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...