‘දකුණේ සිට’ – සුභාෂ් දික්වැල්ල
හුදෙකලා වන ඇතැම් අවස්ථාවන්හී පළමුවෙන්ම දැනෙනා හැඟීම වනුයේ අප හදවත් තුළ පත්ලේම සැඟව කල් බලනා දරුණු වේදනාවක පීඩනයයි. අපි අපේ ජීවිතයේ යෞවන අවධියෙහිදීම අපේම සගයන්ගේ සිරුරු මහමග දැවෙනායුර දකින්නට අවාසනාවන්ත වූ පරම්පරාවකට අයත් වන්නෝ වෙමු. කොයි මොහොතේ අපේ ජීවිතද ඒ මග ඇවිලෙන ටයර් සෑයකට බිලි වේදෝ නොදැන අනාරක්ෂිතව, අනතුර දරාගෙන භීම සමයක ඇවිද ගිය පරම්පරාවක් වෙමු. කෙසේ හෝ ඉන් ජීවිතය ගැලවුනද අප හැර ගිය සගයන්ගේ මතකයන් දරාගෙන ඉන්පසුව එළඹියේ අප මව්පිය පරම්පරාවේ මලගම්වලට සහභාගි වන අවධියයි. එයද දැන් ඇත්තේ අවසානයට ළඟා වෙමිනි. එසේම දැන් එළඹෙමින් ඇත්තේ අර භීම සමයේ යාන්තම් පණ ගලවාගත් අපි අපේම මලගම්වලට සහභාගි වීමයි. එයද අවසන්වීමට වැඩි කලක් නැත. සුභාෂ් දික්වැල්ල යනු ඒ මගේ පරම්පරාවට අයත් සගයෙකි. අසූව දශකයේ ගින්නෙන් පන්නරය ලැබ, කටුකම්බි වැට පිටුපස දිගු කලක් ගෙවා, ඒ සියගළු බාධක මැද තම හදවත අකුරු කර එකල තිබූ විකල්ප පුවත්පත්හී නම සටහන් කරමින් තමන් අරගලය අතහරින්නට සූදානම් නැති බව සළකුණ කළ සගයෙකි. ඉදින් මේ සටහන ඔහුගේ දකුණේ සිට මැයෙන් වන කවි පොත වෙනුවෙනි.
එදා එක පෙරමුණක සිට සටන් වැදුණ අප අද ඉන්නේ විවිධ තැන්වලය. කොටසක් එකිනෙකා දකින විට තුහ් ගා කෙල ගසනා තරම් එදිරිවාදිකම් පිරුණ වටපිටාවකය. ඇතැම් බෙදුම් රේඛා ප්රිතිපත්ති පිලිබඳවය. තවත් විටෙක ඊට ඉඳුරාම වෙනස් පුද්ගලික කාරණාවන් මතය. එහෙත් අවසානය දක්වා එකට අරගල කළ අවධිය සම්බන්ධයෙන් අද කවර තැනක සිටියද ඒ ගෞරවය මේ සෑම දෙනාටම හිමි බව අප කෙසේවත් අමතක කළ යුතු නැත.
සුභාෂ්ගේ කවියෙහි ඇත්තේ අප පසුකර ආ කටුක මගෙහි ඇනුන කටු ගල් බොරළු වල වේදනාවයි. ඒ අතරම අප විඳි අතිශය සුන්දර නිමේෂයන්හී අසිරියයි. වෙන්ව ගිය සගයන් කෙරේ පපුතුරේ ඇනෙනා කීරක පීඩාවයි. එහෙත් ඉන් සියල්ල අවසන් නැති. ඔහු සිය කවියෙන් කවර තැනක සිටියද තමන් තවමත් අනාගතය වෙද දෑස් දල්වා බලා සිටින බවද යළි සක්රිඅය වීමට තමන් හට තවමත් ජවය ඇති බවද තමන් පෙරමුණ හැර නොයන බවටද ඉඟි කරයි. ඒ අතරම ඔහු අපේ අතීතය කණිනා අතරේ වර්තමානයේ සොහොන් බිමද අවුස්සාලයි. ඔහුගේ බස භාවමය ගුණයෙන් නොඅඩුය. සිහින් රිදුමක් දනවන තරම් සංවේදීය. එහෙත් ඒ භාවමය ගුණයද ඊට යටවී රසිකයා අතරමං නොකරන තරමට බුද්ධිවාදී එළඹුමක්ද පල කරයි.
1994 සිය අද මේදක්වා ලියූ කවි වලින් තෝරාගත් පැදි ගණනාවකින් සමන්විත ඒ කවි එකතුවෙහි ආරම්භක කවිය ලෙස ඔහු තෝරා ගන්නේම පොතටද මාතෘකාව සපයන කවියයි. ඒ කවිය එක්තරා ආකාරයක මේ කවි පොත කෙබන්දක්දැයි කියනා මග පෙන්වීමක්ද සපයයි. ඔහු සිය කවියෙන් මතු කර දක්වන්නේ අපද කොටස්කරුවන් වූ අතීතයක කටු සටහනකි. එසේම ඒ අතීතයේ ඉරණම යළි යළිත් අප මත පතිත වන්නට ඇති ඉඩ ගැනද ඔහු ඉඟි කරයි.
අප අපට අහිමි කළ
භීත රෑ වැටී, නා කපන මහ වැස්ස
ඇද හැලෙන්නට ඔන්න..!!
ආයෙමත් යෙදේ පෙරහුරුවක….
එහෙත් කවියා සිය අපේක්ෂා අත්හැර නැත. පරාජය මේ මොහොතේ යථාර්තය වුවද ඔහු එය පිලිගන්නට සූදානම් නැත. හේ තමන් මත පැටවී ඇති වගකීම අත් හරින්නට නුසූදානම්ය. ජීවිතය දෙස අපේක්ෂා සහගතව බලන්නට යළි පළමු පියවර තබන්නට ඔහු සූදානම්ය.
අනාගත සරුසාර බතට
ඵල දරන සුනිල්වන් පැල ගොයම
රකින්නට එනු..!! සෝවුරනි
පළමු සික පදය බිඳුණාට….
සියල්ල අහවර යැයිද මේ රට හදන්නට බැරි යයිද දැන් ඇත්තේ අපේ වැඩක් බලාගෙන පාඩුවේ ඉතිරි කාලය ගෙවීම යයිද යනුවෙන් උදාන වාක්යත නිතොරව ඇසෙනා සමයක සුභාෂ් පලකර සිටිනා අපේක්ෂා සහගත බව අද අපට ඇවැසිය.
සුභාෂ් කසල ශෝධක මිතුරා නම් කවිය හරහා සමාජය විවරණය කරන්නට යොදා ගන්නා භාෂාව පුලුල් සමාජ කියවීමකට ඇවැසි චිත්තරූප අවදි කරනා එකකි. ඔහු සමාජයෙහි ගර්හාවට නොතකා හැරීමට ලක්වන පීඩිත කම්කරුවෙකුගේ ජීවිතය ඉදිරියේ සමස්ත සමාජයක නග්න බව පෙන්වා දෙයි.
බොහෝ මිනිසුන් අතර මං උන
සිදාදියෙ සංවර වීදි දිග
පෙර දිනක රෑ කිළිටි කළ
සභ්යදත්වය අමදින
මිතුර නුඹ
කීර්තිය ඔප කරත…..
සිදාදියෙ සංවර වීදි, සභ්යතත්වය අමදින ආදී වශයෙන් මේ කවිය පුරා ඔහු භාවිතා කරනා යෙදුම් විසින් මතු කරන විරුද්ධාර්ථයන් සමාජයෙහි ඇති දුගඳ හමනා සත්යරය අපට දක්වා සිටියි. ඔහු කසල ශෝධක මිතුරා යනු සමාජයක අත්යගවශ්ය එමෙන්ම වැදගත්ම මැදිහත්කරුවෙකු බව අපට කියන්නේ හුදෙක ඒ චරිතය ඉක්මවා යන දේශපාලන අර්ථයක්ද කවියට ගෙන එමිනි.
එළිවෙනා හැම රැයම
ලොව නිදිය බමන’තින
අවජාත අලුයමට
නුඹ නිතින වින්නඹුය….
කනේරු නමින් එන කවියද මේසේ වාච්‍යර්තය ඉක්මවා විවිධරුත් සොයන්නට සහ දේශපාලන සත්යුයක කටුක බව හඳුනාගන්නට අපට කරනා ඇරයුමකි. කවියා කියනා ආකාරයට අපට මරණය සමීප කරවන්නට මෙහෙ කරනා කනේරු ගස පැල කරන්නේද අපමය. අප විසින් වවන ලද කනේරු ව ඉක්මනින්ම අප මැඩ අප කුරු මිට්ටන් කර මහා රුකකක් සේ වැඩී අපටම විනාශය කැඳවයි.
පස පොහොර උරා ගති
වපසරිය පලල් විණි
මම ද ලිලිපුට්ටෙක්මි
තුඟුව නැගි අතු පතර….
මල් නෙලා පුදනු බැරි
දළු කඩා පිසිනු බැරි
ගෙඩි කඩා මියෙනු බැරි
විසල් රුක දුකකි හරි……
සුභාෂ් ජීවිතය නමින් මිනිසුන් නඩත්තු කරනා බිඳ වැටෙන්නට ඔන්න මෙන්න ඇති අබලන් පැවැත්මක බොල් බව විචාරයට ලක් කරයි. අප මේ ගෙවනුයේ අපට ඇවැසි ජීවිතය නොවන බවත් එය අපේ අතැඟිලි අතරින් රූරා වැටී ඇති බවත් එහෙත් අප ඒ දැන දැනම වුව ව්යාීජයක් නඩත්තු කරන්නට වෙහෙසෙන බවත් ඔහු දකියි. කුටුම්භගත ප්රේනමය සහ රෙදි වැල ඒ යථාර්තය ගෙනහැර පානා කවියකි. ඔහු වර්තමාන කුටුම්භය දකිනුයේ මේ අයුරිනි.
සිරි යහන් කඩා බිඳ දා
තනාගත් මනෝ මන්දිර වල
තෙතමනයක් නොමැතිව
වගාකරගත් නියඟලාවක
තිත්ත නීරස රස බලා වැලපෙන
රන් හුයක ගැටගැසුන බන්ධන…..
මේ සුභාෂ් පෙම කෙරෙහි අවබෝධයෙන් යුතුව හෙලනා බැල්මයි. එහි ඇත්තේ වෛරය හෝ පසුතැවීම නොව ආදරය, අදාරයමය. ඒ කවෙහි අපට හමුවන අහිමිවීමද දරාගන්නා පෙම ලංකාවේ වර්තමානයේ ඇති හැරගිය පෙම්වතියට සාප කරනා බොහෝ ඕලාරික ගී වලට කදිම අතුල් පහරකි.
කොයි තරම් දුර ගියත්
අත අතැර හිතවතිය
ප්රේතමයක් කියන්නෙම
පපු ගැඹුර රැඳි සුවඳ…..
හැර ගි බිරිඳගේ මෘත දේහය එම්බාම් කිරීම, දරු ප්රෝසූතියට බිරිඳ ඇතුලත් කළ රෝහලේ වෛද්යිවරිය ඔහුගේ ප්රබථම ප්රේාමයයි යන කවිද ඔහුගේ කවි අතර සියුම් සංවේදනයන් දනවන්නට සමත් නිර්මාණයන් බව කිව යුතුය.
බොරැල්ල යනුවෙන් සඳහන් කළ සැණින් අප සිතට නැගෙන්නේ සුප්රමකට කනත්තය. බොරැල්ල කනත්ත යනු බොහෝ මතකයන් මෙන්ම ඉතිහාසගත කතාවන්ද එකට කැටි කල කෞතුකාගාරයක් වැනි අපූර්ව බිම් කඩකි. එය එක් අතකින් පුළුල් සමාජ සමීක්ෂණයකට ඇති වටනා වැඩ බිමකි. එහෙත් 1989 නොවැම්බර් 13ට පසු බොරැල්ල කනත්ත යනු ශිෂ්ඨාචාරයක අඳුරුතම පැල්ලමකි. මිනිසත්බවට නිගා දුන් වෙඩි පහරවල් කිහිපයක දෝංකාරයකි. ප්ර ජාතන්ත්රතවාදය යනුවෙන් අප දැන සිටි සංකල්පයෙහි නින්දාසහගතම ප්ර කාශනයකි. සුභාෂ් බොරැල්ල කනත්තේදීය යන කවියෙන් ගෙනහැර පාන්නේ මේ නින්දාසහගත හැරවුම් ලක්ෂයක මතකයන්ය.
සුභාෂ්ගේ කවිය යනු අතීතකාමයක සළකුණු නොවේ එහෙත් ඒ කවි අප අතීතයට මෙන්ම වර්තමානයටද රැගෙන යමින් අපට එක් දෙයක් යළි යළි සිහිපත් කරවයි. ඒ අප සිටිනුයේ වෙනස් කල යුතු ජරාජීර්ණ බිම් කඩක බවයි.