ගාන්ධිට යළි පාර්ලිමේන්තු වරම් : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Share post:

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරෙහි අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවා තිබේ.

2019 වසරේදී කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණ රැලියකදී “මෝදි” වාසගම අලලා සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් සූරත් හි දිස්ත්‍රික් අධිකරණයක් රාහුල් ගාන්ධි වරදකරු කරමින් වසර දෙකක සිර දඬුවමක් නියම කළේ පසුගිය අප්‍රේල් 23 වනදාය.

මෙම අධිකරණ තීන්දුවත් සමග රාහුල් ගාන්ධි ලෝක් සභාවට නුසුදුස්සකු බවට ආණ්ඩු පක්ෂය තීරණය කළ අතර එයත් සමග ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට කටයුතු කෙරිණි.

එපමණක් නොව රාහුල් ගාන්ධිට මන්ත්‍රී නිල නිවසෙන් ඉවත් වන ලෙසත් දැනුම් දී තිබිණි.

මේ අතර සූරත්හි අධිකරණය විසින් නියම කළ සිර දඬුවමට එරෙහිව රාහුල් ගාන්ධි අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඊයේ (04) අධිකරණය පෙන්වාදුන්නේ සිර දඬුවමක් ලබාදීමට තරම් අපහාසයක් කළ බවට දක්වා ඇති හේතු ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේවෙතත් අදාල තීන්දුවෙන් පසු රාහුල් ගාන්ධිට යළි පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලැබී ඇති අතර, ලබන වසරේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමටද හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වාදෙයි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...