ගාන්ධිට යළි පාර්ලිමේන්තු වරම් : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Share post:

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරෙහි අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවා තිබේ.

2019 වසරේදී කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණ රැලියකදී “මෝදි” වාසගම අලලා සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් සූරත් හි දිස්ත්‍රික් අධිකරණයක් රාහුල් ගාන්ධි වරදකරු කරමින් වසර දෙකක සිර දඬුවමක් නියම කළේ පසුගිය අප්‍රේල් 23 වනදාය.

මෙම අධිකරණ තීන්දුවත් සමග රාහුල් ගාන්ධි ලෝක් සභාවට නුසුදුස්සකු බවට ආණ්ඩු පක්ෂය තීරණය කළ අතර එයත් සමග ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට කටයුතු කෙරිණි.

එපමණක් නොව රාහුල් ගාන්ධිට මන්ත්‍රී නිල නිවසෙන් ඉවත් වන ලෙසත් දැනුම් දී තිබිණි.

මේ අතර සූරත්හි අධිකරණය විසින් නියම කළ සිර දඬුවමට එරෙහිව රාහුල් ගාන්ධි අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඊයේ (04) අධිකරණය පෙන්වාදුන්නේ සිර දඬුවමක් ලබාදීමට තරම් අපහාසයක් කළ බවට දක්වා ඇති හේතු ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේවෙතත් අදාල තීන්දුවෙන් පසු රාහුල් ගාන්ධිට යළි පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලැබී ඇති අතර, ලබන වසරේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමටද හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වාදෙයි.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...