BRCGS AA+ සහතිකය ලත් දකුණු ආසියාවේ එකම බිස්කට් නිෂ්පාදකයා – CBL මන්චී !

Share post:

CBL මන්චී, ආහාර සුරක්ෂිතතාවය සහ ගුණාත්මක තත්ත්වය වෙනුවෙන් පිදෙන Brand Reputation through Compliance Global Standards (BRCGS) AA+ Food Safety සහතිකය ලත් දකුණු ආසියාවේ එකම බිස්කට් සන්නාමය ලෙස පිළිගැනීමට ලක් වෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකර ඇත.

BRCGS AA+ සහතිකය ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායක රැසකින් සමන්විත වන බැවින් එය අන්තර්ජාතික පිළිගැනීමක් සහිතව ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ මහත් ගෞරවයට පාත්‍ර වූවකි.මෙම සහතිකය, ආහාර සුරක්ෂිතතාවය සඳහා ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන කර්මාන්ත අංශ විසින් සකස් කරන ලද ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාම වෙනුවෙන් සමාගමක් සිදුකරනු ලබන කැපකිරීම පෙන්නුම් කරන අතර තවදුරටත් පාරිභෝගික විශ්වාසය වර්ධනය වීම තහවුරු කරයි. මෙම සහතිකය ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් ඇති GFSI (Global Food Safety Initiative) සංවිධානයේ පරාමිතීන්ට අනුකූලව පිළිගත් ආහාර සුරක්ෂිතතාවය සඳහා වූ ඉහළම පරාමිතීන්ගෙන් යුත් සහතික කිහිපයකින් එකකි. BRCGS – Food Safety සහතික කරණයේදී පෙර දැනුම්දීමකින්  තොරව කරන ලද විගණනයක් සඳහා ලබා ගත හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම වන්නේ BRCGS ‘AA+’ සහතික කරණයයි.

මෙම සහතිකය CBL මන්චී සමාගම විසින් ස්වේච්ඡාවෙන් ඉල්ලුම් කරනු ලැබූ පූර්ව දැනුම්දීමකින් තොරව සිදු කළ විගණනයට යටත්ව හිමිකර ගෙන තිබීම විශේෂත්වයක් වන අතර, මෙමගින් සමාගම විසින් මෙහෙයුම්වල උසස් ප්‍රමිතීන් සහතික කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතා ක්‍රියා පිළිවෙත් සඳහා කෙරෙන අඛණ්ඩ කැපවීම විදහා දැක්වේ.

මෙම සහතිකය හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් CBL මන්චි හි අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලින් කරුණාරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

‘BRCGS AA+ සහතිකය ලබා ගත් දකුණු ආසියාවේ එකම බිස්කට් නිෂ්පාදකයා වීම සම්බන්ධයෙන් අපි අතිශයින් ආඩම්බරයට පත්වෙනවා. ආහාර සුරක්‍ෂිතතාව සහ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙම සුවිශේෂී සන්ධිස්ථානයට පැමිණීමට හැකිවීම, අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ ලබා දෙන හොඳ සාක්ෂියක්. CBL මන්චී නවීන තාක්‍ෂණය සහ නවෝත්පාදන හරහා ඉදිරියට යමින්, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත ඉහළ මට්ටමේ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ලබාදීමට කැපවී ක්‍රියා කරනවා.’

CBL මන්චී විසින් මෙම  සහතිකය ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ සහ සමස්ත දකුණු ආසියානු කලාපයේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය සන්නාම  තවදුරටත් ශක්තිමත් කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ මට්ටමේ විශ්වාසයක්, පිළිගැනීමක් සහ තරගකාරී ප්‍රතිලාභයක් අත්කර ගනිමින් ලොව පුරා සිටින පාරිභෝගිකභවතුන් වෙත උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන ගෙන යාමේ දී, සමාගම සතු විශිෂ්ටත්වය පිළිබඳව BRCGS AA+ සහතිකය කදිම සාක්ෂියක් වනු ඇත. තවද, එය නියාමන ප්‍රමිතීන්ට දක්වන අනුකූලතාවය සහ නව ව්‍යාපාරික අවස්ථාවන් ඇති කිරීමේ හැකියාව පෙන්නුම් කරයි.

CBL මන්චී හි මෙහෙයුම් අධ්‍යක්ෂ ආරියතිලක වෑපිටියගේ මහතා මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

‘අද වන විට BRCGS AA+ සහතිකය ලබා ගත් දකුණු ආසියාවේ එකම බිස්කට් නිෂ්පාදකයා වීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මක තත්ත්වයන් පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා අපගේ කණ්ඩායම වෙහෙස මහන්සිය නොබලා කළ කැපවීම සහ උත්සාහය මෙම සහතිකය තුළින් පිළිඹිබු වෙනවා.’

මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් CBL මන්චි හි ජ්‍යෙෂ්ඨ තත්ත්ව ආරක්ෂණ කළමනාකාරිණී සචිනි ජයසේකර මහත්මිය මෙසේ පැවසුවාය.

‘අනාගතයේදී ද නව තාක්ෂණය, දැනුම් පද්ධති, ප්‍රමිතිකරණයන් හා තත්ත්ව ආරක්ෂණය පිළිබඳ නව ප්‍රවණතා අනුගමනය කරමින් අප නිෂ්පාදන ක්‍රියාවලිය දිනෙන් දින වැඩි දියුණු කිරීමත්, අප පාරිභෝගිකයන්ට හැකි උසස්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයන් ලබා දෙමින් ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමියා බවට පත්වීමත් අපේ අරමුණ බව.’

CBL මන්චී යනු Ceylon Biscuits Ltd හි ප්‍රමුඛතම සන්නාමය වේ.

CBL මන්චී මෙරටේ බිස්කට් කාණ්ඩ අතර ප්‍රමුඛයා වෙමින් දශක 2කට අධික කාලයක් පුරා පාරිභෝගිකභවතුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර ඇත. මන්චී උසස්ම තත්ත්වයෙන් යුත් නිෂ්පාදන සහ අරමුණු මත පදනම් වෙමින් මෙරටට වර්ධනීය දායකත්වයක් ලබා දීම සඳහා සැබවින්ම ආයෝජනය කර ඇති අතර, සම්මාන ඉතිහාසය තුළ 9 වතාවක් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වී තිබීම ද විශේෂත්වයකි. තවද, වේගවත්ව වර්ධනය වන අපනයන ඉල්ලුමට සරිලන පරිදි  ක්‍රියාත්මක නිෂ්පාදන පහසුකම් ස්ථාපිත කර ඇති එකම බිස්කට් නිෂ්පාදකයා CBL මන්චී වන අතර එය රටවල් 65 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී තිබෙන ශ්‍රී ලංකාවේ විශාලතම බිස්කට් අපනයනකරු වේ.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...