“මෝදි”ට සොරා කියූ ගාන්ධිගේ මන්ත්‍රීධූරය අහෝසියි

Share post:

රාහුල් ගාන්ධි තවදුරටත් පාර්ලිමේන්තුවේ “සාමාජිකත්වයට සුදුස්සකු” නොවන බවට නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ ඔහු අපහාස නඩුවකට වරදකරු වීමත් සමගයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ගාන්ධි පූර්ව මැතිවරණ රැළියක් අතරතුරදී විවිධ මූල්‍ය චෝදනා ලත් ව්‍යාපාරිකයන් වන නිරාව් මෝදි සහ ලලිත් මෝදි යන නම් ප්‍රකාශ කරමින් “සියලු සොරුන්ට මෝදි යන පොදු වාසගම ඇත්තේ කෙසේද?” යන්න පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පසුගිය මහ මැතිවරණයට පෙර ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් ය.

කෙසේවෙතත් විපක්ෂ නායකයාගේ එම ප්‍රකාශය හේතුවෙන් සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කළ බවට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් නඩු ගොනු කර තිබිණි.

පසුගිය බ්‍රහස්පතින්දා (23) ගාන්ධි වැරදිකරු කරමින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර ඔහුට වසර 2ක සිරදඬුවමක්ද නියම කෙරිණි.

කෙසේවෙතත් ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවන ලද අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දීමට අධිකරණය කටයුතු කර ඇත.

එලෙස අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී මෙලෙස මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ තීරණය පිළිබඳ තමා “විමතියට පත් වූ” බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කීර්තිමත් කතුවරයෙකුද වන ශෂී තරූර් පවසා ඇත.

එමෙන්ම ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් අදහස් දක්වා තිබුණු අතර කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ, පවසා සිටියේ මෝදි රජය “වඩාත්ම බිය වන්නේ රාහුල් ගාන්ධිට සහ කොංග්‍රස් පක්ෂයට බවයි.

” එම නිසා ඔවුන් ගාන්ධිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කර ඇත.. තවද ඔවුන්ට අවශ්‍ය ඇත්ත කතා කරන පිරිස් නිහඬ කිරීමයි. මේ ඒකාධිපති පාලනය රටවැසියන් තවදුරටත් ඉවසන්නේ නැහැ.” යනුවෙන්ද ඔහු පවසා ඇත.

මේ අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හිටපු මහඇමතිවරයා “හොරෙකු සොරෙකු ලෙස හැඳින්වීම අපේ රටේ අපරාධයක් වී ඇත. “සොරුන් සහ මංකොල්ලකරුවන් තවමත් නිදැල්ලේ සිටින අතර රාහුල් ගාන්ධිට දඩුවම් ලැබුණා. මෙය සෘජුවම ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමක් බවද පැවසීය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...