අදානිගේ වත්කම් ගැන රාහුල් ප්‍රශ්න කරයි

Share post:

ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වන සබඳතාවය කුමක්දැයි රටට හෙළිකළ යුතුයැයි ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ඔහු පවසා සිටියේ පසුගිය ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ සහයෙන් ගෞතම් අදානි ව්‍යාපාර රැසකට අවතීර්ණය වී ධනපතියෙකු බවට පත්ව ඇති බවය.

2014 සිට 2022 දක්වා වසර වසර 8ක කාලය තුළ අදානිගේ වත්කම ඩොලර් බිලියන 8 සිට ඩොලර් බිලියන 140ක් දක්වා ඉහළ ගිය බවත් ඒ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේය.

වැඩිදුරටත් ප්‍රශ්න කරමින් රාහුල් ගාන්ධි විමසා සිටියේ අග්‍රාමාත්‍ය මෝදි සංචාරය කළ පසු එම රටවල් මගින් කොපමණ කොන්ත්‍රාත්තු ප්‍රමාණයක් අදානිට ලබාදී ඇද්ද යන්නයි.

එමෙන්ම පසුගිය වසර 20 කාලයක් ඇතුළත භාරතීය ජනතා පක්ෂයට අදානි කොපමණ මුදලක් ලබාදී තිබෙනවාද යන්නත් ඔහු පාර්ලිමේන්තුවේ විමසා සිටියේය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් වන Hindenburg විසින් ජනවාරි 24 දින නිකුත් කරන ලද වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස අදානි සමූහයේ ආදායම් පහත වැටෙන්නට ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදානි සමූහයේ මූල්‍ය වංචා සහ එම සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින් ම සිදු වූ වෙළෙඳපොළ කොටස් වටිනාකම් කඩාවැටීම මේ සඳහා හේතු වී තිබේ.
Bloomberg Billionaires Index හි දත්තවලට අනුව, ගෞතම් අදානි පිළිබඳ අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහුගේ ධනය ඩොලර් බිලියන 34.6කින් පහත වැටී ඇත.

සම්පූර්ණ කතාව මෙතැනින්.. ලංකාව මෙහෙයවන මෝදිගේ නියෝජිතයා : අදානිගේ වත්කම් ඩොලර් බිලියන 34කින් පහතට !

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...