“මෝදි” ට අපහාස කල රාහුල් ගාන්ධිට සිර දඬුවමක්

Share post:

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හි අධිකරණයක් අද (23) නියෝග කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි විපක්ෂ නායකවරයා විවිධ මූල්‍ය චෝදනා ලත් ව්‍යාපාරිකයන් වන නිරාව් මෝදි සහ ලලිත් මෝදි යන නම් ප්‍රකාශ කරමින් “සියලු සොරුන්ට මෝදි යන පොදු වාසගම ඇත්තේ කෙසේද?” යන්න පවසා ඇත.

ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ 2019 වර්ෂයේ දී මැතිවරණ රැලියක දී අගමැති නරේන්ද්‍ර සිං මෝදී ඉලක්ක කරමින් බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

කෙසේවෙතත් විපක්ෂ නායකයාගේ එම ප්‍රකාශය හේතුවෙන් සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කළ බවට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් නඩු ගොනු කර තිබිණි.

සිදුකළ නඩු විභාගයෙන් අනතුරුව එම ප්‍රකාශයට වැරදිකරු කරමින් රාහුල් ගාන්ධිට අදාල සිර දඬුවම නියමකොට ඇත.

කෙසේවෙතත් ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවන ලද අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දීමට අධිකරණය කටයුතු කර ඇත.

රාහුල් ගාන්ධි අද අධිකරණයේ පෙනී සිටීම සඳහා ඊයේ (22) සූරත් වෙත පැමිණි අතර කොන්ග්‍රසයේ ගුජරාට්හි නායකයින් සහ සාමාජිකයින් ඔහුව උත්සවාකරයෙන් පිළිගනු ලැබීය.

ගාන්ධිට සහයෝගය දැක්වීමක් ලෙස අද ගුජරාට් හි විවිධ ස්ථානවලට පක්ෂයේ ආධාරකරුවන් සහ සාමාජිකයින් පැමිණ සිටි අතර, ‘‘Sher-e-Hindustan’ (ඉන්දියාවේ සිංහයා) ලෙස සඳහන් පුවරුද ප්‍රදර්ශනය කළේය.

“සත්‍යය සෑම විටම පරීක්ෂවට ලක් වෙනු ඇත. නමුත් දිනක සත්‍යය පමණක් ජය ගනී. ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් මොද්වාඩියා අද ජනතාව හමුවේ පැවසීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...