‘සැමට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි – යළි බෙදී වෙන් වෙන්න ඉඩ දෙන්න බෑ’ : ම⁣⁣ලෛයහ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ පාගමන !

Share post:

සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ අද (06) පැවසූහ.

ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්ත සඳහා වසර 200කට පෙර මන්නාරම හරහා වතුකරයට ගෙන ආ ම⁣⁣ලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවට නිවාස, ඉඩම් ඇතුලු සියලුම සමාන අයිතිවාසිකම් ලබා දිය ⁣යුතු බව ද ඒ හිමියෝ පැවසූහ.

ඉන්දියාවේ සිට වසර 200කට පෙර ⁣වැවිලි කර්මාන්ත සඳහා තලෙයිමන්නාරමේ සිට මාතලේට ගෙන ආ ⁣ම⁣⁣ලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවගේ එම ගමන සිහි කරමින් තලෙයිමන්නාරමේ සිට මාතලේට පාගමනින් පැමිණෙන පිරිස මහින්තලේ මංසන්ධියේදී පිළිගනිමින් වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ ඒ බව කීහ.

ජූලි 28 වැනිදා තෙලයිමන්නාරමේදී සමාරම්භක සිහිකිරීම පැවති අතර ජූලි 29 වැනිදා ආරම්භ කළ පාග⁣මනේ 09 වැනි දිනය අද වන අතර අද උදෑසන 5ට මැදවච්චිය ප්‍රදේශයෙන් ඇරැඹි පාගමන අද දහවල් මින්තලේ ප්‍රදේශයට ළඟා විය. අද කිලෝමීටර 22ක දුරකත් එද්දී රඹෑව ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් සහ විහාරස්ථාන ඇතුලු ස්ථාන කිහිපයකින් පිළිගෙන සංග්‍රහයන් ලබා දෙනු ලැබීය.

පාගමනේ අද දින ගමනාන්තය වන මිහින්තලේදී මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි, මිහින්තලේ ශාන්ත අන්තෝනි පල්ලියේ එච් බෙනට් පියතුමා, මව්ලවිවරු ඇතුළු ආගමික නායකයෝ ද, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු සිවිල් ක්‍රියාධරයෝ පිරිසක් විසින් පිළිගත්හ.

එම පිළිගැනීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ මිහින්තලේ රජමහා විහාරාධිපති නාහිමියෝ මෙසේද පැවසූහ.

“දේශපාලනඥයන් අපි අතර අසමගිය ඇති කළා. කුලවාද ඇති කළා. ආගම් බේද ඇති කළා. අපි හැමෝම ගිහි පැවදි විතරයි. වෙන කවුරුත් නෑ. කොයි කුලෙත් එකයි. කැපුවොත් රතු ලේ. දෙමළ සිංහල මුස්ලිම් පාසල් වෙනම හැදුවා අපිව වෙන් කරන්න. හරියට ලිප්ගල් තුනක් වගේ. ඒ සිංහල දෙමළ සහ මුස්ලිම් කියන ලිප් ගල් තුනේ තමයි දේශපාලකයො උයන්නේ. අපට එකතු වෙන්න දෙන්නෑ. මම කියන්නේ සිංහල දරුවො දෙමළ ඉගෙන ගන්න ඕනෑ. දෙමළ මුස්ලිම් දරුවො සිංහල ඉගෙන ගන්න ඕනෑ. අපි සමගි වුණොත් ඔවුන්ට කරගෙන යන බිස්නස් එක නතර කරන්න වෙනවා. අපි දෙමළ සිංහල මුස්ලිම් කියලා කොටවලා බලය ගන්න දේශපාලනඥයො දඟලයි. ඒක වෙන්න දෙන්න එපා. කලින් එහෙම වුණා. ආයේ ජාති, ආගම් බේද ඇතිවෙන්න දෙන්න එපා. හැමෝටම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි. “

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...