කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය : මෝදි පරදා රාහුල් ජය ගනියි

Share post:

කර්නාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය පරාජ කරමින් විපක්ෂ කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

2018 සිට කර්නාටක ප්‍රාන්තයේ බලය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුවිය.

එහෙත් පසුගිය 10 වැනිදා පැවැති මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵල ඊයේ (14) නිකුත් කළ අතර ඒ අනුව ප්‍රාන්ත බලය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැලකෙන, රාහුල් ගාන්ධිගේ ‘කොංග්‍රස්’ පක්ෂයට හිමිවිය.

ආසන 224 ක් සමන්විත කර්ණාටක මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීමේ අරමුණින් මෙම මැතිවරණය පැවැති අතර එම ප්‍රාන්තයේ ජනගහනය මිලියන 60 කි.

මැතිවරණයෙන් ආසන 135 ක් කොන්ග්‍රස් පක්ෂයටද මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ආසන 66 ක් සහ ජනතා දාල් පක්ෂයට ආසන 19 බැගින් හිමිවිය. අනෙකුත් පක්ෂ වලට ආසන 4ක් හිමිවිය.

මැතිවරණ ජයග්‍රහණය පිලිබඳ කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශකයෙකු වන පවන් කේරා ප්‍රකාශ කර තිබුණේ ජනතාව බෙදුම්වාදී දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මාස හයක කාලයක් ඇතුළත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ලැබූ දෙවැනි පරාජය මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය දෙසැම්බරයේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණු අතර එයින් ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්විය.

ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 දී පැවැත්වෙන අතර දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රාන්තයක් ලෙස සැලකෙන කර්ණාටක ප්‍රාන්තයේ බලය අහිමි වීම භාරතීය ජනතා පක්ෂය ලැබූ විශාල පසුබෑමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙයි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...