කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය : මෝදි පරදා රාහුල් ජය ගනියි

Share post:

කර්නාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය පරාජ කරමින් විපක්ෂ කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

2018 සිට කර්නාටක ප්‍රාන්තයේ බලය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුවිය.

එහෙත් පසුගිය 10 වැනිදා පැවැති මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵල ඊයේ (14) නිකුත් කළ අතර ඒ අනුව ප්‍රාන්ත බලය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැලකෙන, රාහුල් ගාන්ධිගේ ‘කොංග්‍රස්’ පක්ෂයට හිමිවිය.

ආසන 224 ක් සමන්විත කර්ණාටක මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීමේ අරමුණින් මෙම මැතිවරණය පැවැති අතර එම ප්‍රාන්තයේ ජනගහනය මිලියන 60 කි.

මැතිවරණයෙන් ආසන 135 ක් කොන්ග්‍රස් පක්ෂයටද මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ආසන 66 ක් සහ ජනතා දාල් පක්ෂයට ආසන 19 බැගින් හිමිවිය. අනෙකුත් පක්ෂ වලට ආසන 4ක් හිමිවිය.

මැතිවරණ ජයග්‍රහණය පිලිබඳ කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශකයෙකු වන පවන් කේරා ප්‍රකාශ කර තිබුණේ ජනතාව බෙදුම්වාදී දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මාස හයක කාලයක් ඇතුළත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ලැබූ දෙවැනි පරාජය මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය දෙසැම්බරයේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණු අතර එයින් ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්විය.

ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 දී පැවැත්වෙන අතර දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රාන්තයක් ලෙස සැලකෙන කර්ණාටක ප්‍රාන්තයේ බලය අහිමි වීම භාරතීය ජනතා පක්ෂය ලැබූ විශාල පසුබෑමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...