ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය සම්බන්ධව අලුත් පොතක්

Share post:

වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු, දේශපාලන ක්‍රියාකාරිකයෙකු , පක්ෂ නායකයෙකු ( National Socialist Works Party ),ග්‍රන්ථකතුවරයෙකු ( Mein Kamp – My Struggle ) ,හිටපු ජර්මන් චාන්සලර්වරයෙකු හා හිටපු ආඥාදායකයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ( Adolf Hitler 1889 – 1945 ) තම සුපිරිසිදු ආර්ය මනෝරාජ්‍ය මුළුමහත් යුරෝපය පුරා යථාර්තයක් බවට පත් කරගනු පිණිස නාසි හමුදාව ( Nazi Army ) විසින් 1938 මාර්තු මස 12 වැනි දින ඕස්ට්‍ර්ලයාව ( Austria ) ආක්‍රමණය කිරීමත් නිල වශයෙන් ආරඹි දෙවැනි ලෝක යුද්ධය ( WW – Il 1938 – 1945 ) 1945 මැයි මස 08 වැනි දින නිමාවට පත් වූයේ … ලෝක ඉතිහාසයට තවත් එක් මහා මානව ඛේදවාචකයක් එක් කරමිනි.එක් මිනිසකුගේ නොසිදුණු බල තණ්හාව නිසා ඇතිවුණු ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙන් දෙවැනි ලෝක යුද්ධය ඇති විය. මෙමගින් අකාලයේ විනාශ වූ මිනිස් ජීවිත සංඛ්‍යාව අති විශාලය. මෙය දළ වශයෙන් කිවහොත් අකාලයේ විනාශ වූ මිනිස් ජීවිත සංඛ්‍යාව මිලියන පනහකට( 50.000. 000 ) ආසන්න බව කියැවේ.

තවත් මිලියන ගණනාවක් අකාලයේ ආබාධිතයන් බවට පත්විය. එසේම මතු අනාගතයේදී මෙලොව එළිය දකින්නට
තිබුණු ජීවිත තවත් මිලියන ගණනාවක් අකාලයේ විනාශයට පත්විය. එපමණක්ද නොව විනාශ වුණු දේපළ වල පාඩුව මෙතෙකැයි කියා ගණන් බැලිය නොහැකි තරම් ය.

“නූතන මානව ඉතිහාසයේ ඉතා අඳුරු යුගයක්” ( The Darkest Era in Modern Human History) නිර්මාණය කිරීමට මංපෙත විවර කර එයට නායකත්වය දුන් හිට්ලර්ගේ ජීවිතයේ අවසානය කොතැනකදී කෙසේ සිදුවූවා දැයි යන්න තවමත් මුලු ලොවටම ප්‍රශ්නයකි.
එසේම අභිරහසකි. ඒ පිළිබඳව ලොව පුරා විවිධ කතා සේම විවිධ මතිමතාන්තර රාශියකි. ඒ පිළිබඳව රචිත පර්යේෂනාත්මක පොත්පත් ද සැලකිය යුතු සංඛයාවක් වේ.

සැබවින් ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය කෙසේ නම් සිදුවීද ?

සැබවින්ම ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය තවමත් ලොවට අභිරහසකි.
නොඑසේනම් නොවිසදුණු ප්‍රශ්නයකි. ඒ පිළිබඳව එදා මෙදාතුර විවිධ පර්යේෂණ පොතපත රචනා වී ඇත්තේ ය. ඒ සෑම පොතකිනින්ම විවරණය වන්නේ නිශ්චිත අදහසක් නොවන බව පෙනේ. ඒවා රචනා වී ඇත්තේ විවිධ මූලාශ්‍ර විශ්ලේෂණය කරමිනි. බොහෝමයක් විශ්ලේෂණවලට අනුව ඇඩොල්ෆ් හිටලර්ගේ මරණය සියදිවි නසා ගැනීමකි.ඇතැම් පර්යේෂණවලට අනුව ඔහුට අත්වී ඇත්තේ ඉතා වාසනාවන්ත මරණයකි. එනමුත් ඒ බව සනාථ කරනු පිණිස ඇති මූලාශ්‍ර හා සාක්ෂි ඉතා මඳ බව පෙනේ. කව්රු කෙසේ කොහොම කීවත් ලොව විවිධ පුද්ගලයන් තම බුද්ධි මට්ටම්වලට අනුව ඔහුගේ මරණය පිළිබදව විවිධ අදහස් දරණ බව පෙනේ.
මගේ කියවීමට අනුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය සියදිවි නසා ගැනීමකි. ඊට පහත සදහන් පොතපත
කදිම උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකියි.

1.The Last Days of Hitler by Hugh Trevor – Roper – 1946.
2.Bis zer letzten Syunde byTraudl Junge 2002 .
(මෙය පොත වූ කලී ඇඩොල්ෆ් හිට්ලර්ගේ පෞද්ගලික ලේකම්වරිය වූ ට්‍රිවුඩ්ල් යුන්ග් විසින් රචිත ය. මෙය රංජීත් කුරුප්පු මහතා විසින්”ගිනි මැද සක්මන”- 2009 දී සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදි.)
3.Hitler’s Last Day : The Final Hours of
Further by Richard Dargie – 2018.
ඇඩොල්ෆ් හිට්ලර් සියදිවි නාසාගත්තා යන මතය තහවුරු කර ගැනීමට ඉවහල්වන තවත් පොතක් ඉහත සදහන් පොත් අතරට එකතු වී තීබේ .
එම පොත කුමක්ද ?
The Death of Hitler
by Jean – Christopher Brisard
& Lana Parshina 2019

රුසියානු ජාතික මාධ්‍යවේදියකු , පුවත්පත් වාරතාකරුවකු හා ග්‍රන්ථකතුවරයකු වන Jean – Christopher Brisard හා සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් හා ග්‍රන්ථකතුවරියක් වන Lana Parshina විසින් මෙම පර්යේෂණය පොත රචනා කරන ඇත්තේ ය. මෙහිලා ඔවුහු විවිධ යුද හමුදා ලිපි-ලේඛන පරිශීලනය කරමින් ඉතා තුලාත්මක ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය සියදිවි නසාගැනීමකින් සිදුවූ මරණයක් බව පෙන්වා දෙති. එහිලා ඔවුන් හිට්ලර්ගේ යයි විශ්වාස කරන අස්ථිවල කොටස් දත් ඇන්ද හා 1944 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ හිසෙහි ගන්නා ලද X-ray ඡායාරූපයක් යනාදිය තම මතය සනාථ කරනු පිණිස උපයෝගිකරගෙන ඇති බව පෙනේ.

සමස්තයක් වශයෙන් ගත් කල්හි The Death of Hitler – 2019 ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය පිළිබදව විවිධ මූලාශ්‍ර උපයෝගි කර ගනිමින් කරන ලද
අගනා පරීක්ෂණයක් බව මෙහිලා සදහන් කරනු වටී.

The Death of Hitler රුසියානු භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දක් බව පෙනේ. මෙය පරිවර්තනය
කර ඇත්තේ Shaun Whiteside විසිනි.

විවිධ විචාර සටහන

A thrilling investigation – L ‘ Express
The Death of Hitler : history – thriller qualities makes for a gripping read.
— Le Monde

මවිසින් ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය පිළිබදව දිගු ශාස්ත්‍රීය ලිපියක් දිවයින බදාදා ශාස්ත්‍රීය අතිරේකය ( 2019 – 04 – 04 ) වෙත රචනා කර ඇත්තේ ය.

[මෙම පොතේ එක් පිටපතක් KCC සරසවි පොත්හලේ විකිණීමට තිබේ. අවැසි අයකු වෙත්ද එම පොත මිලදීගෙන තම පොත් එකතුවට එක්කර ගැනීම ඉතා වටී.විශේෂ කාරණාව නම්, මෙවන් පර්යේෂණ පොතපත මෙරටින් මිලදී ගැනීම අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් වන බැවිනි.]

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...