මනිපූර් ගිනි ගන්නවා – ඡන්දය මැයි : මෝදිට එරෙහිව විපක්ෂ සන්ධානයෙන් විශ්වාසභංගයක් !

Share post:

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ මාස දෙකකට වැඩි කාලයක් පුරා සිදුවන ජනවාර්ගික ගැටුම් මැඩපැවැත්වීමට ආණ්ඩුව අසමත් බව කියමින් අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉන්දීය විපක්ෂ සන්ධානයක් සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට විරුද්ධ පක්ෂ සන්ධානයට පාර්ලිමේන්තුවේ අවසරය ලැබී ඇතැයි ද සඳහන් වේ.

කෙසේ වෙතත් ආසන 542කින් යුත් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 301ක පැහැදිලි බහුතරයක් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) ඇති බැවින් විශ්වාසභංගයෙන් ඵලක් නොවනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එහි ප්‍රථිඵලය කුමක් වුවත් මෙම ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පක්ෂ – විපක්ෂ විවාදයක් කිරීම පවා වැදගත් බව විපක්ෂ සන්ධානයේ සාමාජිකයෙකු වන ආම් ආද්මි පක්ෂයේ රාඝව් චාඩා මාධ්‍යයට පවසා ඇත.

එමෙන්ම ඉන්දීය අගමැතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණ ජනතාව සහ මන්ත්‍රීවරුන් විසින් මතුකරන ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට බල කළ යුතුව ඇති බව ද ඔහු සමාජ මාධ්‍ය පිටුවක සටහන් කර තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තු සාමාජිකයෙකු වන කොඩිකුනිල් සුරේෂ් පවසා ඇත්තේ අගමැති මෝදිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂය විසින් කරන ඉල්ලීම ඔහු විසින් නොසලකා හරින බවයි.

‘මනිපූර් ගිනි ගන්නවා, අගමැතිතුමා ප්‍රකාශයක් කරන්න සූදානම් නැහැ. අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුයි.’ ඔහු මාධ්‍ය අමතා එසේ පැවසීය.

2024 මැයි මාසය වන විට මහ මැතිවරණයකට මුහුණ දීමට නියමිත අගමැති මෝදිගේ ආණ්ඩුවට මිලියන 3.2ක ජනතාවක් සිටින කුඩා ප්‍රාන්තයක් සඳහා ආරක්ෂාව සැපයීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන දේශපාලන විශ්ලේෂකයෝ, මෝදි ආණ්ඩුව දේශපාලන වශයෙන් අසාර්ථක වී ඇති බව ද පෙන්වා දෙති.

අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පාලනය කරන මනිපූර් හි දිනෙන්-දින උග්‍ර වන ප්‍රචණ්ඩත්වය, ලිංගික හිංසන හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, 60,000කට වැඩි පිරිසක් අවතැන් ව ඇත.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...