වරෙන්තුවක් ගැන බොරු කියා වසන්ත මුදලිගේ පැහැර ගනී ? : හේතුව ඇප කොන්දේසි උල්ලංඝනය – කුරුඳුවත්ත පොලිසිය : හරියට නොදැන මොකුත් කියන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (27) පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් ම පැහැරගැනීමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටී.

එහි වත්මන් කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කරන්නේ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අදාළ ව වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බව පොලිසියෙන් පැවසුවද, එවැනි වරෙන්තුවක් ඔහුට නොමැති බවයි. මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ පන්ති තහනම් ඉවත් කරන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකට අදාළ නඩුවකි.

එම නඩුවට අවසාන දිනයේදී වසන්ත මුදලිගේ සහභාගී වී ඇති අතර, එදින නඩුවාරයට නඩුවට අදාළ වෙනත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු සහභාගී වී නැත. එම සිසුන් දෙදෙනාට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

එම නිසා මෙය අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් කරන ලද පැහැරගැනීමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් ව නැති බවයි. එම නිසා වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ – කුරුඳුවත්ත පොලිසියෙන් විමසීමක් නොකොට, ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුඳුවත්ත පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා යනුවෙන් තමන් දැනුවත් බවයි. එහෙත් ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නැති බවත්, අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ වරෙන්තුවක් මත යන්න බවත් සඳහන් ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...