වරෙන්තුවක් ගැන බොරු කියා වසන්ත මුදලිගේ පැහැර ගනී ? : හේතුව ඇප කොන්දේසි උල්ලංඝනය – කුරුඳුවත්ත පොලිසිය : හරියට නොදැන මොකුත් කියන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (27) පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් ම පැහැරගැනීමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටී.

එහි වත්මන් කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කරන්නේ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අදාළ ව වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බව පොලිසියෙන් පැවසුවද, එවැනි වරෙන්තුවක් ඔහුට නොමැති බවයි. මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ පන්ති තහනම් ඉවත් කරන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකට අදාළ නඩුවකි.

එම නඩුවට අවසාන දිනයේදී වසන්ත මුදලිගේ සහභාගී වී ඇති අතර, එදින නඩුවාරයට නඩුවට අදාළ වෙනත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු සහභාගී වී නැත. එම සිසුන් දෙදෙනාට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

එම නිසා මෙය අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් කරන ලද පැහැරගැනීමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් ව නැති බවයි. එම නිසා වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ – කුරුඳුවත්ත පොලිසියෙන් විමසීමක් නොකොට, ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුඳුවත්ත පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා යනුවෙන් තමන් දැනුවත් බවයි. එහෙත් ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නැති බවත්, අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ වරෙන්තුවක් මත යන්න බවත් සඳහන් ය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...