නෙත්තිකුමාර නිවසේ සිටි රාජ්කුමාරිට පොලිසියෙන් පහර දුන් බවට සැක රබර් බටයක් අධිකරණයට : අපි දෙන්නටම බටයකින් ගැහුවා – ඇසින් දුටු සාක්ෂිකරු

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක වන ආර්. රාජ්කුමාරිගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ලබන අගෝස්තු 25දා ලබාදීමට නියමිත ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (26) මේ බව දැනුම් දුන්නේය.

මේ අතර වැලිකඩ පොලිස් ස්ථානයේදී අදාළ කාන්තාවට පහරදීමට යොදාගත් බවට සැකකෙරෙන රබර් බටයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එම බටය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා, එම රබර් බටය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට නියෝග කළේය.

එසේ ම මියගිය කාන්තාව අවසන් වශයෙන් සේවය කළ බව පැවසෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි නිවසේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අජිත් විජේසේනගෙන් ඊයේ (26) සාක්ෂි ලබාගැනීම ද සිදු විය.

අත්අඩංගුවට ගැනීම

‘මම ඒ ගෙදර ආරක්ෂක නිලධාරියා වශයෙන් වැඩ කරනවා. මැයි මාසෙ 11 වැනිදා වැලිකඩ පොලීසියේ නිලධාරීන් දෙන්නෙක් මම වැඩ කරන ගෙදරට ආවා. සිවිල් ඇඳුමෙන් තමයි ආවෙ සුදු පාට කාර් එකකින්. මුලින්ම එක නිලධාරියෙක් ගෙදරට ආවා. ඇවිල්ලා කුමාරි කියලා කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. මම කිව්වා ඉන්නවා කියලා. හොරකමක් සම්බන්ධයෙන් එයාව අපි හොයනවා කියලා පොලිස් නිලධාරියා කිව්වා. මම ඒ අයව මැඩම්ට සම්බන්ධ කළා. පොලිස් නිලධාරීන් දෙන්නා රාජකුමාරිව එක්ක ගියා. එයාව එක්කරගෙන යන වෙලාවෙ කාන්තා පොලිස් නිලධාරිනියන් හිටියෙ නෑ. දවල් 12.10ට විතර තමයි අරන් ගියෙ.’ යනුවෙන් මෙහිදී සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

අමානුෂික ලෙස පහර දීම

මේ අතර පසුගිය ජුනි 21දා විවෘත අධිකරණයේදී සාක්ෂි දෙමින් ආර්. රාජ්කුමාරි ව ගෘහ සේවිකාවක ලෙස නෙත්තිකුමාරගේ නිවෙසට යොමු කළ මහේන්ද්‍රන් සුරේෂ් පවසා තිබුණේ පොලිස් නිලධාරීන් ඇයට අමානුෂික ලෙස පහර දුන් බවයි. තමන් ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු බව ද ඔහු පවසා තිබිණි.

නෙත්තිකුමාරගේ නිවසේ සේවය ජක තවත් කාන්තාවක මාර්ගයෙන් තමන්ව සම්බන්ධ කර ගැනීමෙන් පසු කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව ද ඔහු පවසා ඇත. තමන් ද ජීප් රථයේ නංවාගෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නෙත්තිකුමාරගේ නිවස වෙත ගිය පොලිස් නිලධාරීන්, ඇය ව එහිදී අත්අඩංගුවට ගත් බවත්, තමන් සහ රාජ්කුමාරිව එක ම මාංචුවක ආධාරයෙන් වැලිකඩ පොලිසිය වෙත රැගෙන ආ බවත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර තිබේ.

වැලිකඩ පොලිසිය වෙත රැගෙන එන අවස්ථාවේදී රාජ්කුමාරි මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත්, රැගෙන එන අතරවාරයේදී ඇය විසින් මුද්දක් සහ සුවඳ විලවුන් කුප්පියක් සොරා ගත්තාද යනුවෙන් පොලිසිය ප්‍රශ්න කළ බවත් සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ පවසා තිබේ.

පොලිසිය වෙත රැගෙන ආ රාජ්කුමාරිට වැලිකඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බටයක් ආධාරයෙන් අමානුෂික ලෙස පහර දුන් බවත්, තමන්ට ද ඒ අයුරින්ම පහර දුන් බව‍ත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර ඇත.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...