“අවුරුදු දෙකක මේ වෙහෙසකර පුහුණුව මාව ප්‍රසංගවලට සූදානම් කළා”

Share post:

ගාන්ධි, අධිරාජ්‍යවාදී පාලකයින්ට ඉන්දියාවෙන් ඉවත්වන ලෙස ඉල්ලා ක්විට් ඉන්ඩියා ව්‍යාපාරය දියත් කළ 1942 අවුරුද්දේ අගෝස්තු මාසයේදීම තවත් ඉතිහාසයක් නිර්මාණය වුනා. 1942 අගෝස්තු 11 වෙනිදා තිරුචිරාපලෙයි නගරයේ කෝවිලකට අයිති, ගෘහ ආරාමයක නිවුන් දරු උපතක් සිදුවූවා. පිරිමි දරුවයි ගැහැණු දරුවයි. පිරිමි දරුවා රාමසේෂන්. ඔහු ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් බරපතල තත්වයක පසුවුනා. වෛද්‍යවරුන්ගේ පුරෝකථනයට අනුව බේරාගන්න පුළුවන්නේ ගැහැණු දරුවා පමණයි. රාමසේෂන් ගේ මාමා තමන්ට රාමසේෂන්ව දරුකමට හදා ගැනීම සඳහා සියලු බාධා ඉවත් කරදෙන ලෙස විනායක දෙවියන්ට කන්නලව් කළා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් රාමසේෂන් දිවි ගලවා ගත්තා. ඔහු විනායක දේව වරමින් ආශ්චර්යමත් ලෙස ජීවත්වන්නට භාග්‍යලද හේතුවෙන්, දෙමාපියන් ඔහු විනයාක්රාම් ලෙස නම් කළා.

විනයාක්රාම්ට අනුව… “මම අවුරුදු දොලහේදී පැසැල් ගමන නතර කළා. එතැන් සිට පුහුණුවීමේ කාලසටහනකට හුරුවුනා. ඒක ලේසි පහසු කාලසටහනක් නෙවෙයි. මාව පාන්දර හතරට අවදි කරවනවා. පැය දෙකක් පුහුණු කරනවා. පුහුණුවෙන් අනතුරුව මට කෝපි කෝප්පයක් හම්බවෙනවා. දිනපතාම වාගේ උදේ ආහාරයට ලැබුනේ ඊට පෙරදා රාත්‍රියේ ආහාරයට ගෙන ඉතිරිවුනු බත්. උදෑසන ආහාරයෙන් පසු ආයිමත් පුහුණුවට වාඩිවෙනවා. දිවා භෝජන විවේකයෙන් පසු, ඉර අවරට යනතෙක්ම නොනවත්වාම පුහුණුවේ යෙදෙනවා. කළුවර වැටෙනකොට අම්මා ගෙදර පහන් දල්වනවා. මා අසලත් පහණක් තියනවා. ඒ පහන දැල්වී ගින්දර නිවෙන තුරුම මට පුහුණුවීම් කරන්නට බලකෙරුනා. අවුරුදු දෙකක මේ වෙහෙසකර පුහුණුව මාව ප්‍රසංගවලට සූදානම් කළා”

සිම්පල් සයිමන් (කෙටි කරපු දිග කථා)

විෂ්ණු වාසු

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...