“අවුරුදු දෙකක මේ වෙහෙසකර පුහුණුව මාව ප්‍රසංගවලට සූදානම් කළා”

Share post:

ගාන්ධි, අධිරාජ්‍යවාදී පාලකයින්ට ඉන්දියාවෙන් ඉවත්වන ලෙස ඉල්ලා ක්විට් ඉන්ඩියා ව්‍යාපාරය දියත් කළ 1942 අවුරුද්දේ අගෝස්තු මාසයේදීම තවත් ඉතිහාසයක් නිර්මාණය වුනා. 1942 අගෝස්තු 11 වෙනිදා තිරුචිරාපලෙයි නගරයේ කෝවිලකට අයිති, ගෘහ ආරාමයක නිවුන් දරු උපතක් සිදුවූවා. පිරිමි දරුවයි ගැහැණු දරුවයි. පිරිමි දරුවා රාමසේෂන්. ඔහු ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් බරපතල තත්වයක පසුවුනා. වෛද්‍යවරුන්ගේ පුරෝකථනයට අනුව බේරාගන්න පුළුවන්නේ ගැහැණු දරුවා පමණයි. රාමසේෂන් ගේ මාමා තමන්ට රාමසේෂන්ව දරුකමට හදා ගැනීම සඳහා සියලු බාධා ඉවත් කරදෙන ලෙස විනායක දෙවියන්ට කන්නලව් කළා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් රාමසේෂන් දිවි ගලවා ගත්තා. ඔහු විනායක දේව වරමින් ආශ්චර්යමත් ලෙස ජීවත්වන්නට භාග්‍යලද හේතුවෙන්, දෙමාපියන් ඔහු විනයාක්රාම් ලෙස නම් කළා.

විනයාක්රාම්ට අනුව… “මම අවුරුදු දොලහේදී පැසැල් ගමන නතර කළා. එතැන් සිට පුහුණුවීමේ කාලසටහනකට හුරුවුනා. ඒක ලේසි පහසු කාලසටහනක් නෙවෙයි. මාව පාන්දර හතරට අවදි කරවනවා. පැය දෙකක් පුහුණු කරනවා. පුහුණුවෙන් අනතුරුව මට කෝපි කෝප්පයක් හම්බවෙනවා. දිනපතාම වාගේ උදේ ආහාරයට ලැබුනේ ඊට පෙරදා රාත්‍රියේ ආහාරයට ගෙන ඉතිරිවුනු බත්. උදෑසන ආහාරයෙන් පසු ආයිමත් පුහුණුවට වාඩිවෙනවා. දිවා භෝජන විවේකයෙන් පසු, ඉර අවරට යනතෙක්ම නොනවත්වාම පුහුණුවේ යෙදෙනවා. කළුවර වැටෙනකොට අම්මා ගෙදර පහන් දල්වනවා. මා අසලත් පහණක් තියනවා. ඒ පහන දැල්වී ගින්දර නිවෙන තුරුම මට පුහුණුවීම් කරන්නට බලකෙරුනා. අවුරුදු දෙකක මේ වෙහෙසකර පුහුණුව මාව ප්‍රසංගවලට සූදානම් කළා”

සිම්පල් සයිමන් (කෙටි කරපු දිග කථා)

විෂ්ණු වාසු

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...