OICට තර්ජනය කළ විල්පත්තුව වනසන තාඹුගලට පොලිසියෙන් විශේෂ සැලකිලි : සාමාන්‍ය ජනතාවටත් මේ වරප්‍රසාද දෙනවද? – මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණයක් !

Share post:

නීතිය ඉදිරියේ සාමාන්‍ය ජනතාවට නොමැති වරප්‍රසාද වෙනත් පුද්ගලයන්ට ලබාදීම බරපතළ කරුණක් බව නොච්චියාගම මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර ඉලංගරත්න අද (26) විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසර සංවේදී කලාපයේ අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස සංගීත සැණකෙළියක් පැවැත්වූ විරන්ජිත් තාඹුගල නම් ව්‍යාපාරිකයා විසින් රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අංක 03 සහකාර පොලිස් අධිකාරිවරයා අද අධිකරණයට කරුණු වාර්තා කළේය.

සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට කරුණු වාර්තා කොට පිටත්වනවාත් සමග ම නීතිඥවරියක මාර්ගයෙන් විරන්ජිත් තාඹුගල අධිකරණයට බාර විය.

මේ සම්බන්ධයෙන් පොලිසියට දැඩි ලෙස දෝෂාරෝපණය කළ මහේස්ත්‍රාත්වරයා, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි සංඥය වරදක් සම්බන්ධයෙන් වන චූදිතයකු මෙසේ පොලිසිය පිටුපසින් පැමිණ අධිකරණයට බාරවීම වැනි අවස්ථා සාමාන්‍ය ජනතාවට තිබේ දැයි ප්‍රශ්න කළේය.

විත්තිකාර විරන්ජිත් තාඹුගලට රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, නැවත රාජ්‍ය නිලධාරියෙකුට මෙසේ තර්ජනය කළහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව ද සඳහන් කළේය.

රාජාංගනය යාය 18 ප්‍රදේශයේ දින 20ක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබූ සංගීත සැණකෙළියේ කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබානොදීම නිසා අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල විසින් සංගීත සැණකෙළි භූමියේදී තමන්ට බැණ තර්ජනය කර, රාජකාරියට බාධා කළ බව රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. එස්. ගජසිංහ විසින් පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සටහනක් තබා තිබිණි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි අමිල සෙනෙවිරත්න විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත සී. දමින්දගේ සහ අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේනගේ උපදෙස් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

විල්පත්තු පරිසර සංවේදී කලාපයේදී පසුගිය 10දා සිට විශාල ශබ්දවාහිනී පද්ධති හා විදුලි ආලෝක ධාරා යොදාගනිමින් දින 14ක් තිස්සේ අදාළ ප්‍රසංගය රාත්‍රිය පුරා පවත්වන ලදි. එම සංගීත සැණකෙළිය තවත් දින 06ක් පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙසේ තාඹුගල විසින් ඔහුට තර්ජනය කර තිබිණි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සත්ත්ව ප්‍රජාවට සංගීත සැණකෙළියේ ශබ්දය හා ආලෝක ධාරා දැඩි පීඩාකාරී තත්ත්වයක් බැවින් එම සැණකෙළිය පැවැත්වීම සඳහා ඉදිරියටත් අවසර ලබානොදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිසියෙන් කර තිබූ ඉල්ලීමක් සලකා බැලූ පොලීසිය, සංගීත සැණකෙළියට ශබ්ද විකාශන භාවිතයට බලපත්‍ර ලබානොදීමට තීරණය කර තිබිණි.

ස්ථානාධිපතිවරයා විසින් තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇත්තේ ඒ මොහොතේ එම භූමියේ 5,000ක් පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් බත් දන්සැලක් පැවති නිසා එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ නම් මහජන සාමය කඩවීමට ඉඩ තිබූ බවයි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...