‘ඇන්ටික් කඩේ කියන්නේ’ අක්ෂරයේ දිගුවක් – “හඳයා වේගයෙන් තරුණ දෙසට එනවා”

Share post:

ඇන්ටික් කඩේකින් හමුවන හඳයාගේ Curious case of Benjamin Button හෙවත් ලකා හඳගමට ලියූ love letter එක…..

“ඇන්ටික් කඩේක මරණයක්” මට පහුගිකාලේ දිගටම මිස්වුණ නාට්‍යක්. ඉතිං මේ සතියේ මම “ඇන්ටික් කඩේ” බැළුවා. ඒක බලනකොට මට මුලින්ම පෙනුනේ ආපස්සට වයසට යමින් ඉන්න හඳයා හෙවත් අශෝක හඳගම…. මම වේගයෙන් වයස දෙසට යනකොට හඳයා වේගයෙන් තරුණ දෙසට එනවා. Benjamin Button වගේ…. හඳයා මැරෙන දවස වෙනකොට එයාට විස්සක් අහ අටක් වගේ වෙලා තියෙයි….. නිර්මාණීයව……

ඇයි මම එහෙම කියන්නේ කිව්වොත් මේ ඇන්ටික් කඩේ හෙණම තරුණ ප්‍රඩක්ෂන් එකක්. ලංකාවේ වැඩිහිටියි කියන්නෙම බලං ඉන්න බැරිතරං බෝරිං ගැඹුරු ජීවන විග්‍රහ වලට. නැතුව කරන එකාගේ වයස නෙවෙයි. හැබැයි මේක මාර චූන්. හෙණම ආතල්….. හඳයා ඇන්ටික් කඩේ හරහා ගේන ජීවන විග්‍රහය එයා අක්ෂරයට කලිං ඉඳලා ටෙලිවිෂන් එකේ ඉඳලම එයා ගේන ජීවන විග්‍රහය. ඇත්තටම ඒක සෑහෙන්න වැඩිහිටි විග්‍රහයක්. නමුත් හඳයා මේක ස්ටේජ් කරන්නේ විශාල ත්‍රිල් එකක් දැනෙන විදියට…… මේක එතනදී මාර තරුණයි…ེ

බෙදුම් ඉර,

හඳයා හැමවෙලාවෙම වගේ ආදරය සහ ලිංගිත්වය වෙන්කරන රේඛාව උඩ තමයි හිටගන්නේ. හඳයගේ හුඟක් නිර්මාණවල මම දකින්නේ මේක. ආදරය සහ ලිහිකත්වය වෙන්වෙන රෙඛාව ආසන්නයේ අර්බුදය මොනවගේද කියන එක….. ආසන්න කාලයේදී “ඇගේ ඇස අග, ඇල්බොරාදා, ඇන්ටික් කඩේ” වගේ නිර්මාණ වල මේ ගතිය තව තව තීව්‍ර වෙනවා…. ඇන්ටික් කඩේදී මේ බෙදුම් රේඛාව මරණීය ප්‍රතිඵල ගේන්න තරං දැඩිව ආදරය සහ ලිංගිකත්වය වෙන්කරනවා එකිනෙකින්. සමහරවෙලාවට ‘හඳයා’ ට තමන්ව හම්බවෙන්නේ මේ රේඛාව උඩදිද දන්නෑ. හරියට මට ගමත් නගරයත් වෙන්කරන රේඛාවෙදි මාව හම්බෙනවා වගේ……

නාට්‍ය පරිසරය සහ සංගීතය,

නාට්‍යයේ වපසරිය හඳයා කෑලි තුනකට කඩනවා. ප්‍රේක්ෂකයා, වේදිකාව මත නාට්‍ය සහ ඒ අතරමැද්දේ සංගීත කණ්ඩායම විසින් නියෝජනය කරන සම්බන්ධක කලාපය කියන විදියට. ප්‍රේක්ෂකයා වන අපිත්, නාට්‍යත් වෙන්කරන්නේ සංගීත කණ්ඩායමෙන්. එයාල ප්‍රේක්ෂකායාගේ පැත්තෙන් හිටගෙන ඉන්න නාට්‍යයේ චරිත. එයාල විටක ප්‍රේක්ෂකයා , විටෙක චරිතයක්….. නාට්‍යයේ ශිල්පීන් වේදිකාවේ ඉඳලා සංගීත කණ්ඩායම පහුකරනකොට එයාල ප්‍රේක්ෂකයාගේ පැත්තට එනවා. ප්‍රේක්ෂකයා එක්ක කතාකරනවා. ආපහු සංගීත කණ්ඩායම පහුකරගෙන වේදිකාව දිහාට ගියගමන් එයාල නාට්‍යයේ චරිත බවට පත්වෙනවා….. මේක මරුම වැඩක්. චරිත සංගීත කණ්ඩායම එක්ක හෝ ගාල කතාකරනවා…. සංගීත කණ්ඩායම ඒ මොහොතට අදාල සිංදුව ගහනවා….. “ගල් කාලේ” ගීතය කියන්නේ ගල්කාලක් අතෙන් ගත්ත මිනිහෙක්ගේ ගීතයක්. ඒක කියන්නේ ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා ඒකෙ කොටසක් උණ චරිතයක්. ඒ නිසා නාට්ටිය නැතුව උණත් ගල්කාලේ ගීතය අපිට දැනෙයි. අපේ සහෝදර චින්තක ජයකොඩි මේ යුගයේ විශිෂ්ටතම සංගීත ශිල්පීන් කීපදෙනාගෙන් කෙනෙක් කියලා මේ වැඩේදි ආයෙත් ඔප්පුකරනවා….. Semi Musical Play එකක් හඳයගේ lyrics එක්ක කරනවා කියන එක සංගීත ශිල්පියෙක්ට මාරම චැලේන්ජ් එකක් මම හිතන්නේ. චින්තා එතනදී ගොඩම ගොඩ….

ඇක්ටින්.

සෞම්‍ය කියන්නේ ටෙලිවිෂන් හෝ සිනමා නළුවෙක් නෙවෙයි. එයා විශිෂ්ඨ වේදිකා රංගන ශිල්පියෙක්. වේදිකාවේදි එයාට පුළුවන් අතිසමීප රූපයක් (Extreame close-up) එකක් create කරන්න තත්පරේකින්. අපි විසිවෙනි පේළියේ අයිනේ ආසනේක හිටියත් අපිට සෞමගේ මූණ ළංවෙලා ඩීටේල් පේන්න ගන්නවා. චිත්‍රපටි ස්ක්‍රීන් එකක වගේ. ඒක මාරම විශේෂයි…. නිපුණි ශාරදා, පසන් සහ ස්ටෙෆාන් තිරිමාන්න රංගනයක් විදියට ඉතාම ඉහලයි. නිපුණි කියන්නේ විශාල අනාගතයක්….. පසන් රණවීර ‘හිස්කම’ කියන මනෝභාවය ඉතාම හික්මීමකින් පෙන්නනවා වේදිකාව උඩ. අනාගතයක් හෝ වර්තමානයක් නැති අතීතයක් විතරක් හිමි මිනිස් හිස්කමක් පසන් ඉතාම හොඳින් අපිට පෙන්නනව. ඊළඟට වැදගත්ම කොටස තමයි වාද්‍ය වෘන්දයේ රංගනය….. එයාලගේ ඇක්ට් එක තමයි සුපිරිම. නිකං Rango එකේ වගේ. Woody allen එයාගෙ Mighty Aphrodite ෆිල්ම් එකෙත් මේ වගේ ටෙක්නික් එකක් පාවිච්චි කරනවා වගේ මට යාන්තම් මතකයි. නමුත් ඇන්ටික් කඩේ ඊටත් වඩා aggressive විදියට සංගීත කණ්ඩායම පාවිච්චි කරනවා….
පසුතලය සහ ආලෝකකරණය සහ ඇඳුම් පැළඳුම් සෑහෙන්න හොඳ මට්ටමක තිබුණා. ඇත්තට ඒවල කිසිම අවුලක් තිබුණේ නෑ දැනෙන්න.

ශිෂ්‍ය ව්‍යාපාරය,

මම පුද්ගලිකව කැමති උණේ නෑ නාට්‍යේදී ශිෂ්‍ය ව්‍යාපාරය එච්චර සරල තැනකින් අල්ල ගත්‍තු එකට. ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලනික විවේචනය කළහැකිවුණත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය එච්චරම සරල තැනකින් ජෝක් එකක් විදියට කියවන්න බෑ කියලයි මට හිතෙන්නේ. මට නාට්‍යට අනවශ්‍ය ලෙස පෙණුන කෑල්ල ඒක. ඒක ඒ විදියට නොතිබ්බනං මම පුද්ගලිකව කැමතියි.

හඳයා,

මේකෙ තරුණම කොටස නිරමාණකාරයා. එයා වේදිකාව කියන සීමිත බිම්කඩ අසීමිතව පාවිච්චි කරන හැටි. ඒක සෑහෙන තීසීස් එකක් නවක වේදිකා නිර්මාණකරුවෙක්ට. ශිල්පීන්ගේ movement arrangements, ඒවල තිබ්බ විනය, sharpness එක වගේම අතිශයින් ලිංගික කාරණා නිකං සෙක්ස් සීන් නොවෙන විදියට වේදිකාගතකරලා තිබ්බ විදිය ඉතාම මරු. මොකද අපි ‘වැඩිහිටියන්ට පමණයි’ නාට්‍යක් බලන්න යන්නේ ස්ටේජ් එක උඩ “වැඩිහිටි ජීවිතයක්” බලන්න මිසක් ඒක උඩ stage porn එකක් බලන්න නෙවෙයිනෙ. ඒ ලිංගික මොහොතවල සංගීතය සහ ආලෝකය භාවිතාකරලා තිබුණ විදියමත් මරු…… අන්තිමේට හැමදාම වගේ මේකෙත් හඳයා හෙල්ලයක් අරං ප්‍රේක්ෂකයා දිහාට දාල ගහනවා……. ඒ තමයි හඳයා…..

Benjamin Button,

‘ඇන්ටික් කඩේ කියන්නේ’ අක්ෂරයේ දිගුවක්…. ඔයාට ඒ කෞතුගාරය ඇතුලේ මගැරුණ පොඩිඑකා ආයෙම හම්බෙනවා….. ඊටත් වඩා ඇන්ටික් කඩේදි ඔයාට නිර්මාණීය ගමන් මඟ දිගේ ආපහු තරුණවෙමින් හඳගමව හම්බෙනවා…….. එයාගේ නිර්මාණීය ජීවිතේ ආරම්භය මහළුයි, ගැඹුරුයි……. ඔයාට එයාගේ නිර්මාණීය ගමන් මඟ ඉවසීමෙන් බැළුවම Curious case of benjamin button මතක් වෙයි. තරුණවෙමින් ආපහු ඇවිදගෙන එන හඳගමව හම්බවෙයි……. මතකඇතුව එයාට “හායි” කියන්න……
“හායි හඳයා…… තමුසෙගේ තරුණ අඩි සද්දේ හෙණ සද්දෙන් ආයෙම ආයෙම ඇහෙනවා “…….

ප.ලි
නාට්‍යයේ කාරණා Spoilers නොහිතා ලිව්වේ මේ යන්නේ අන්තිම දර්ශණවාරය හෝ අන්තිම කීපය බව දැණුන නිසයි.

ලකා ධර්මරත්න (fb)

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...