ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 104ක් පෞද්ගලික පරිහරණයට දීලා – ජාතික විගණන කාර්යාලය

Share post:

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් ය. මෙසේ අදාළ වාහන තිබෙන ස්ථානයක් හෝ සොයාගැනීමට නොහැකි වීම නිසා ඒවායේ වටිනාකම සොයාගැනීමට ද නොහැකි වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 53ක් වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විධිමත් ක්‍රමවේදවලින් බැහැර ව නිදහස් කර ඇති බව ද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. අදාළ වාර්තාවට අනුව වාහන 27ක් සඳහා ජනාධිපති කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී පමණක් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇත. විගණන අංශ පෙන්වා දෙන්නේ මෙම වියදම් ප්‍රතිපූර්ණය කරගැනීමට හෝ කටයුතු කර නැති බවයි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් අවස්ථා කිහිපයකදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීම් කර ඇතත්, ඒවාට විධිමත් පිළිතුරක් ලබා දී නැත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...