ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 104ක් පෞද්ගලික පරිහරණයට දීලා – ජාතික විගණන කාර්යාලය

Share post:

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් ය. මෙසේ අදාළ වාහන තිබෙන ස්ථානයක් හෝ සොයාගැනීමට නොහැකි වීම නිසා ඒවායේ වටිනාකම සොයාගැනීමට ද නොහැකි වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 53ක් වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විධිමත් ක්‍රමවේදවලින් බැහැර ව නිදහස් කර ඇති බව ද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. අදාළ වාර්තාවට අනුව වාහන 27ක් සඳහා ජනාධිපති කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී පමණක් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇත. විගණන අංශ පෙන්වා දෙන්නේ මෙම වියදම් ප්‍රතිපූර්ණය කරගැනීමට හෝ කටයුතු කර නැති බවයි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් අවස්ථා කිහිපයකදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීම් කර ඇතත්, ඒවාට විධිමත් පිළිතුරක් ලබා දී නැත.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...