මාක්ස්වාදී ව්‍යාපාරයකට ජනතාවගේ විශ්වාසයන් බැහැර කිරීම අසීරුය

Share post:

එයට අප වැටහෙන්නේ ලතින් ඇමෙරිකාවේ වාමංශික ව්‍යාපරයන් දෙස බලන කල්හිය ලතින් ඇමෙරිකාවේ සියලුම රටවල වාමාංශික ව්‍යාපාර සයිමන් බොලිවාර් ගේ අසිපතට පිස්සු වැටී සිටියහ. සයිමන් බොලිවාර් යනු මුලු මහත් ලතින් ඇමෙරිකානුවන්ගේම අධ්‍යාත්මික වීරයාය . ඔහු ස්පාඤ්ඤ අධිරාජ්‍යයෙන් කොලොම්බියාව, පීරු, ඉක්වදෝරය, බොලිවියාව සහ වෙනිසියුලාව මුදවා ගෙන තනි රටක් ලෙස එක්කිරීමට ඉමහත් වෙහසක් දැරූ කීර්තිමත් සේනාපතියෙකි. ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ඔහු ටික කලක් මෙි රටවල් පහ එක් තනි රටක දේශපාලන අධිකාරියක් තුලට ගෙන ආවෙිය. එහෙත් ඔහුගේ මරනින් පසු සුපුරුදු පරිදි නැවත රටවල් වෙන්වු අතර ඔහු වෙනිසියුලාවේ ඉපිද කොලොමිබියාවේදී මිය ගියේය. කොලොම්බියාවේ බොගෝටා නගරයේ ඔහු ජීවත් වු නිවෙස කෞතුගාරයක් විය බොලිවාර් පරිහරනය කල භාන්ඩ අතර ඔහු‍ගේ අසිපත ලතින් ඇමෙරිකාවේ ජාතික වස්තුවකි. එම අසිපත නියෝජනය කලේ සමස්ත ලතින් ඇමෙරිකාවේ සටන්කාමීත්වය නිදහස හා එකමුතුබවයි. එය ලතින් ඇමෙරිකානු කලාපයේ ජනතා විශ්වාසයකි.

සයිමන් බොලිවාර්

1974 පෙබරවාරි් 17 කොලොම්බියාවෙි M-17 නැමති මාක්ස්වාදී ගරිල්ලා සංවිධානය එය කෞතුකාගාරයෙන් පැහැර ගත්හ. M-17 ව්‍යාපාරයේ නායකයා වුයේ අයිවන් නැමති කොලොම්බියාවේ ඉතිහාසය පිලිබද මහාචාර්යවරයෙකි. අසිපත සිය ව්‍යාපාරයට කොතරම් වටිනවාද යත් ඔහු සහ ඔහුගේ බිරිඳ පුද්ගලිකවම මේ පැහැර ගැනීමට නායකත්වය දුන්නෝය. කෞතුගාරයෙන් අසිපත පැහර ගත් ඔවුහු අසිපත තිබු ස්ථානයේ මෙසේ සටහනක් තබා ගියෝය.
”බොලිවාර් ! ඔබේ අසිපත නැවත සටන් බිමේය ! M -17 “

මෙි සිදුවීමෙන් පසු එක් රැයෙන් M17 මුලු කොලොම්බියාවේම ඡනප්‍රිය විය. කෙසේ වුව M17 ව්‍යාපාරයට කොලොම්බියාව සිය කොකේන් අධිරාජ්‍යය කරගෙන සිටි ලතින් ඇමෙරිකානු ප්‍රකෝටිපති මත්ද්‍රව්‍ය වෙලෙන්දා වන පැබිලෝ එස්කොබාර් හට එය පුදකිරීමට කරුණු සිදුවිය..පසුව එය එස්කොබාර් ගේ පුතාගේ තොටිල්ලට උඩින් බිත්තියේ එල්ලා ඇති ආකරය ඡායාරුප මගින් එස්කොබාර් පුවත් පත්වල පලකළේය.
නැවත 1991 දී එය එස්කොබාර්ගෙන් ලබාගත් ගත් M17 ව්‍යාපාරය නැවත කිසිවිටෙක එය ප්‍රසිද්ධ කළේ නැත.

1991 ජනවාරි 31 දින, M-19 හි නායකයෙකු වන ඇන්ටෝනියෝ නවාරෝ, රජය සමඟ සාම සාකච්ඡාවල කොටසක් ලෙස කඩුව ආපසු ලබා දුන්නේය. පසුව m19 කොලොම්බියාවේ විවෘත දේශපාලනයට එක්විය.
අද කොලොමිබියාව පාලනය කරන්නේ ඒ m19 ගරිල්ලා ව්‍යාපාරයේ නායකයෙකුව සිටි Gustavo Petro ය.
සයිමන් බොලිවාර් ගේ එකී අසිපත වෙනිසියුලාවටද වැදගත්ය. එය ලතින් ඇමෙරිකානුවන්ගේ නිදහසේ සංකේතයයි. එබැවින් හියුගෝ චාවේස් සිය ප්‍රථම මැතිවරන ජයග්‍රහනයෙන් පසුව සිය මැදුරේ සදලුතලයට වී බොලිවාර් ගේ අසිපත වනමින් ජනතාවට මෙසේ පැවසුවේය.

ඇන්ටෝනියෝ නවාරෝ

‘‘ සත්‍යවශයෙන්ම මෙය පරිපුර්ණ සටනකි එමෙන්ම මෙය බොලිවාර් ගේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රය සදහා සටනකි ‘‘
නමුත් චාවේස් ලෙළ වු අසිපත සැබෑ අසිපතේ අනුරුවකි.
සයිමන් බොලිවාර්ගේ අසිපතින් මුලු මහත් ලතින් ඇමෙරිකාවම සටන්කාමී වනු ඇත. නිදහස අගයනු ඇත නිදහස් මිනිසුන් වනු ඇත. ඒ අසිපත දරන්නන් පිළිබඳව වු ජනතා විහ්වාසයයි. එම විශ්වාසය මාක්ස්වාදීද නැද්ද යන්න වෙනම කාරණයකි. නමුත් ජනතාව විශ්වාස කරනදේ මාක්ස්වාදී ව්‍යාපාරයකට බැහැර කිරීමට නොහැකිබව M17 ව්‍යාපාරය හා FARC ගරිල්ලාවරු කොලොම්බියානුවන් පමණක් නොව වෙනුසියුලා ජාතිකයන්ද විශ්වාස කල දෙයින් අපිට පෙනේ .

උපාලි ජයසිංහ

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...