“මේ පොළොවෙ ඕන තැනක් හාරල බලන්න, හම්බවෙන්නෙ මිනී ඇටකටු!” යුද්ධය දරුණුම විදියට ඇවිළුණු බිමක ඉතිරි වුණු මහලු මනුස්සයෙක් කිව්වා. පොළොව විතරක් නෙවෙයි, මුණගැහෙන ඕනම මනුස්සයකුගෙ මතකය හාරලා, අවුස්සලා බැලුවත් හම්බවෙන්නෙ ඒ වගේ දේවල්ම තමයි. මේ අහම්බයකින් සිද්ධ වුණ ඒ වගේ කැණීමක්.
ගිනි කාෂ්ටකේ පිලිස්සෙන වව්නියා නගරයේ, යාපනය- අනුරාධපුර මාර්ගය අසල යුද සෙන්පතියකුගේ පිළිරුවක්. එහි සෙවණැල්ල යට හිඳිමින් මහමග යන එන්නන්ගෙන් සිඟමන් යදින-නොයදින මිනිස් රුවක්.
පිළිරුව සෙන්පති කොබ්බෑකඩුවගේ. යාචකයා සෙල්වම්. පණ නැති පිළිරුවත්, පණ ඇති යාචකයාත් යන දෙදෙනාම යුද්ධයේ වින්දිතයෝ.
යුද්ධයක ජයග්‍රාහකයින් නැත. මේ දෙදෙනාම එයට අලගු තබති. පිළිරුව බලා සිටියදී පණ ඇති සෙල්වම් අසලට යමි. ඔහුද ජීවමාන පිළිරුවකි. යුද වීරත්වයේ නොව වින්දිතභාවයෙහිය.
සෙල්වම් මැනවින් සිංහල හසුරුවයි. ඒ හැකියාව ලැබුණ හැටිත් සෙල්වම් කියනවා.
සෙල්වම් උපදින්නේ කැකිරාවේය. ඒ ඔහුගේ පියා පදිංචිව සිටියේ එහි බැවිනි. පවුලේ දරිද්‍රතාව නිසා චෙල්වම්ටවත් ඔහුගේ සහෝදර සහෝදරියන් හය දෙනාටත් එකක් ඉරෙනකොට තවත් ඇඳුමක් අරන් දෙන්නටත්, යන්තම් කුසගින්න නිවා ගන්නට මොනවා හෝ තම්බා දෙන්නටත් හැර වෙන කිසිවක් කරන්නට තරම් ආදායමක් මවටත් පියාටත් තිබිල නැහැ. චෙල්වම්ට පාසල් අධ්‍යාපනයත් නොලැබුණේ ඒ නිසයි.
උපතේ සිටම දරිද්‍රතාව කර පින්නාගෙන පැමිණි චෙල්වම්ට ඔහු ගත කළ දිවිය පුරා මෙන්ම දිවියේ සැදෑ සමය එළඹෙද්දීත් කාට හෝ අත නොපා ජීවත්වීමට නොහැකි වීමත්, එක්තරා විදියකින් යුද්ධයේ අතුරු ඵලයක් තමයි.
කැකිරාවෙන් කිලිනොච්චියට
කැකිරාවේ ඉපදුණ සෙල්වම් කිලිනොච්චියේ ඔඩ්ඩිසුඩාන්වල පදිංචියට යනවා. එතනින් පුදුමාතලන්වලට. ඊට පස්සේ වව්නියාවට ඇවිත් නාටාමි කෙනෙක් වී යාචකයෙකු වීම දක්වා ආ ගමනයේදී අත් විදින්නට සිදු වුණ අතුරු අන්තරා අපමණයි. ඔහු ඒවා ගැන කියන්න පටන් ගත්තේ, කතාව අතරතුර නැගෙන සියුම් කැස්ස, සිය පපුව අත ගා සමනය කරන්නට උත්සාහ දරමින්.
චෙල්වම්ගේ දෑස අඩවන් වෙනවා. නවත්වාගත නොහැකි වුණ පුංචිම පුංචි කඳුළු බිඳක් ඔහුගේ නෙත් කෙවැනිවලින් එළියට පනිනවා. ආයාසයෙන් ඔහු එය වළක්වා ගන්න උත්සහ කළත් කඳුළු බිංදුව එයට වාරු දුන්නෙ නැහැ.
කතාව මෙතනින් ඉවර කරන්න තිබුණා නම් කොයිතරම් හොඳද? ඒත් එහෙම වෙන්නෙ සුරංගනා කතාවල මිස මහපොළොවෙ නෙවෙයි. යුද්ධයක් තියන තැනක කොහොමවත් එහෙම වෙන්න ඉඩක් නැහැ. මේ කාලය වන විට උතුරේ යුධගිනි බුර බුරා ඇවිලෙමින් තිබුණා. චෙල්වම්ගේ ජීවිතයට දෙවැනි වරටත් කණකොකා හඬන්නේ මේ කාලෙදි.
සියල්ල අහිමි වූ දවස
මිනිහෙකුට සිය දිවියේ අත් විඳිය හැකි කටුකම කටුක වේදනාව එදා සෙල්වම් විඳ ගත්තේය!
එතැන් පටන් ජීවත් වුණේ සෙල්වම් නම් මිනිසා නොව මිනිස් භාගයකි. කතාව නවතා සෙල්වම් හති හරින්නට වුණා. ඊට පසුව ඔහු මඳ වෙලාවක් බිම බලාගෙන නිශ්ශබ්දව උන්නා. චෙල්වම්ගේ සිත එදා සිද්ධිය වූ තැනට දුවන්නට ඇති.
සෙල්වම් හිස ඔසවා මගෙන් ඇහුවා.
ඔහුට දෙන්නට සාධාරණ පිළිතුරක් මා වෙතද නොවූයෙන් මටද සිදු වුණේ මුනිවත රකින්නයි. නිශ්ශබ්දතාවය බිදිමින්, සෙල්වම් නැවත ගොත ගසමින් කතාව අරඹුවා.
යුද බිමෙන් මහමගට
ඒ වන විට වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි චෙල්වම්ගේ සහෝදරයාද දිවි ගෙව්වේ ඉතාමත් අසරණවයි. ඔව්, ඒක තමයි මේ අසරණ මිනිසුන්ගේ හිස මත කඩා වැටුණු අනිත් යුද්ධය!
කරකියාගත නොහැකි වූ සෙල්වම් කිසිදු අරමුණකින් තොරව සිය සහෝදරයාගේ නිවෙසින් එළියට බැස්සා. තැනින් තැන කුලී වැඩ කරමින් සිට 2015 වසරේදී වව්නියාවට ආවා.
ඇයි ඒ? මරණ හතකින් බේරී ඇවිත් එච්චර කාලෙකට පස්සෙ මොනව වුණාද? නොඇසුව ඒ ප්‍රශ්නයට ඔහු මෙහෙම පිළිතුරු ගොනු කළා.
ඉතිරි වූ ජීවිතය…
නාටාමි රැකියාව කරද්දී ඉතුරු කරපු මිල මුදලක් ඔහු සතුව නැතිදැයි අසන්නට මාගේ සිතට ආවත් ප්‍රශ්නය අසන්නට මම පැකිලුණා. යුද්ධයට ගොදුරු වුවන්ගේ දිවියේ ආර්ථික පැත්ත පමණක්ම සමහරු කල්පනා කළ ද ඔවුන්ගේ මානසික නීරෝගීභාවය ගැන කල්පනා කරන්නට කිසිවෙකුත් නොසිතීම අභාග්‍යයක්. සෙල්වම්ගේ කතාව ඒකට හොඳම උදාහරණයක්.
‘සෙල්වම් තවම එතනම ඇති’ මේ සටහන ලියද්දි මට මතක් වෙනවා. ‘තව සෙල්වම්ලා කොයිතරම් ඇතිද?’
- නිමල් වීරසිංහ