විශ්ව සාහිත්‍යය බබළවන 71 තුර්කි තරුණයා

Share post:


ශ්‍රී ලාංකීය පාඨකයින්ගේ තුර්කි සාහිත මිතුරාට, අවුරුදු 71යි.

952 ජුනි 07 වන දා තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී උපන්,ලෝක සාහිත්‍යයේ දර්ශනවාදී රමණීය නවකතාකරු වන ඔර්හාන් පමුක් ,මහා ලේඛකයාගේ 71 වන ජන්ම දින සැමරුම .පසුගිය ජුනි 7 දා.

ලෝකයේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ යථාර්ථවාදී දර්ශනවාදී රමණීය ගද්‍ය කරුවා ලෙසින් සැළකෙන නොබෙල් ත්‍යාගලාභී මේ අපූරු ලේඛකයා මේ වන විට ශ්‍රී ලාංකික පාඨකන් ට ඉතා සමීපතමයෙක් බවට පත්ව ඇත.

ජනක ඉනිමංකඩ ගේ විදර්ශන නිවසින් නිලූක කදුරුගමුව ගේ අපූර්වතම පරිවර්තනයෙන් යුතුව ,ඔහුගේ විශිෂ්ට කෘතියක් වූ The Red Haired Women නම් කෘතිය “රත් වරැලැති ලිය” ලෙසින් මුලින්ම ප්‍රකාශිතව, පළමුවරට ලාංකීය පාඨකයන් වෙත ඔහු පැමිණෙයි.
ඉන් පසු සනත් බාලසුරිය ඔහුගේ තවත් සුප්‍රකට පොතක් වන My Nama is Red ,”මගේ නම රතු” නමින් සම ප්‍රකාශනයක් ලෙසද ,
පසුව නිලූක කදුරුගමුව විසින් එම විශිෂ්ඨ කෘතිය “මම රක්ක වර්ණ නම් වෙමි”.නමින් ඉතා උසස් ම පරිවර්තනයක් ලෙසින් ද ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද A Strengeness in my mind නම් ඔහුගේ අතිශය ප්‍රකට වූ පොත “මසිත් හසර එක්තරා නුහුරුවක” නමින් විදර්ශන නිවසින්ම දොරට වඩමින් මේ මහා ලේඛකයා අපට තව තවත් සමීප කරවයි.

සාහිත්‍යය සදහා වන නොබෙල් සම්‍මානයෙන් ද පුද ලද මෙම විශිෂ්ට ලේඛකයා මේ වන විට නවකතා දහයකට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර සිංහලට පරිවර්තනය වූ කෘති තුනම ඔහුගේ රචනා එකතුව තුළ වන විශිෂ්ට ම පොත් වන අතර,සිංහල පරිවර්තන තුනම පිළිබඳව ලාංකීය පරිවර්තනය සාහිත්‍යය තුළ ද නොමද කතාබහාට ලක්ව ඇත.
එම පොත් තුනම ප්‍රවීන පරිවර්තකයන් අතින් පරිවර්තනය වී ඇති අතර ඔර්හාන් පමුක් ගේ සාහිත භාවිතාව හා එහි හරය ලාංකීය සාහිත්‍ය සමාජය මේ වන විට ඒ හරහා ආදරයෙන් වැළද ගනිමින් සිටී.

තුර්කි ජන සමාජය පිළිබඳව මෙන්ම එහි අතීත ජනප්‍රවාද විශ්වාසයන් මෙන්ම ඇදහිලි,මානුෂීය සබදතාවල ගැඔුරු හරයන් මෙන්ම මිනිස් චිත්ත සංතානයේ සියුම් තැන් ස්පර්ශ කරමින් සාහිත්‍යය කරනයේ යෙදෙන ඔර්හාන් පමුක් වත්මන් විශ්ව සාහිත්‍යය තුළ ඔහුටම වූ අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් ද සිටී.
විශ්ව සාහිත්‍යය සන්නාමයක් බවට පත් ඇති මෙම ලෝක සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයා ට අප අපගේ ආදරණීය සුභ පැතුම්‍ එක් කරමු

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...