විශ්ව සාහිත්‍යය බබළවන 71 තුර්කි තරුණයා

Share post:


ශ්‍රී ලාංකීය පාඨකයින්ගේ තුර්කි සාහිත මිතුරාට, අවුරුදු 71යි.

952 ජුනි 07 වන දා තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී උපන්,ලෝක සාහිත්‍යයේ දර්ශනවාදී රමණීය නවකතාකරු වන ඔර්හාන් පමුක් ,මහා ලේඛකයාගේ 71 වන ජන්ම දින සැමරුම .පසුගිය ජුනි 7 දා.

ලෝකයේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ යථාර්ථවාදී දර්ශනවාදී රමණීය ගද්‍ය කරුවා ලෙසින් සැළකෙන නොබෙල් ත්‍යාගලාභී මේ අපූරු ලේඛකයා මේ වන විට ශ්‍රී ලාංකික පාඨකන් ට ඉතා සමීපතමයෙක් බවට පත්ව ඇත.

ජනක ඉනිමංකඩ ගේ විදර්ශන නිවසින් නිලූක කදුරුගමුව ගේ අපූර්වතම පරිවර්තනයෙන් යුතුව ,ඔහුගේ විශිෂ්ට කෘතියක් වූ The Red Haired Women නම් කෘතිය “රත් වරැලැති ලිය” ලෙසින් මුලින්ම ප්‍රකාශිතව, පළමුවරට ලාංකීය පාඨකයන් වෙත ඔහු පැමිණෙයි.
ඉන් පසු සනත් බාලසුරිය ඔහුගේ තවත් සුප්‍රකට පොතක් වන My Nama is Red ,”මගේ නම රතු” නමින් සම ප්‍රකාශනයක් ලෙසද ,
පසුව නිලූක කදුරුගමුව විසින් එම විශිෂ්ඨ කෘතිය “මම රක්ක වර්ණ නම් වෙමි”.නමින් ඉතා උසස් ම පරිවර්තනයක් ලෙසින් ද ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද A Strengeness in my mind නම් ඔහුගේ අතිශය ප්‍රකට වූ පොත “මසිත් හසර එක්තරා නුහුරුවක” නමින් විදර්ශන නිවසින්ම දොරට වඩමින් මේ මහා ලේඛකයා අපට තව තවත් සමීප කරවයි.

සාහිත්‍යය සදහා වන නොබෙල් සම්‍මානයෙන් ද පුද ලද මෙම විශිෂ්ට ලේඛකයා මේ වන විට නවකතා දහයකට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර සිංහලට පරිවර්තනය වූ කෘති තුනම ඔහුගේ රචනා එකතුව තුළ වන විශිෂ්ට ම පොත් වන අතර,සිංහල පරිවර්තන තුනම පිළිබඳව ලාංකීය පරිවර්තනය සාහිත්‍යය තුළ ද නොමද කතාබහාට ලක්ව ඇත.
එම පොත් තුනම ප්‍රවීන පරිවර්තකයන් අතින් පරිවර්තනය වී ඇති අතර ඔර්හාන් පමුක් ගේ සාහිත භාවිතාව හා එහි හරය ලාංකීය සාහිත්‍ය සමාජය මේ වන විට ඒ හරහා ආදරයෙන් වැළද ගනිමින් සිටී.

තුර්කි ජන සමාජය පිළිබඳව මෙන්ම එහි අතීත ජනප්‍රවාද විශ්වාසයන් මෙන්ම ඇදහිලි,මානුෂීය සබදතාවල ගැඔුරු හරයන් මෙන්ම මිනිස් චිත්ත සංතානයේ සියුම් තැන් ස්පර්ශ කරමින් සාහිත්‍යය කරනයේ යෙදෙන ඔර්හාන් පමුක් වත්මන් විශ්ව සාහිත්‍යය තුළ ඔහුටම වූ අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් ද සිටී.
විශ්ව සාහිත්‍යය සන්නාමයක් බවට පත් ඇති මෙම ලෝක සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයා ට අප අපගේ ආදරණීය සුභ පැතුම්‍ එක් කරමු

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...