සුළඟ හමනවා වගේ දෙයක් ද කවිය? ඇළක් දොළක් ගලනවා වගේ දෙයක් ද කවිය? උදෑසන සවස විහඟුන් සරන්නා සේ යම් අපේක්ෂාවකින් යුතු ව සරන්නේ ද කවිය? යම් අරමුණක් ඇතිව කවියා කවිය මෙහෙයවන්නේ ද? කවියක් පිළිබඳව රසිකයෙකුගේ අපේක්ෂාව කුමක්ද? කවියාත්, කවියත් සම්බන්ධයෙන් සමාජයට අපේක්ෂා ඇත්තේ ද? කවිය කුමකට ද?
ලාල් හෑගොඩ | ‘කවියේ අපේක්ෂා’ මැයෙන් කළ දේශනයෙන්
සංකල්ප රූපය සියුම් දෘශ්‍ය රූපයෙන් පොහොසත් කරන කවියා
අනූවේ දශකයේ මුල් භාගයේ එක්තරා දවසක උදය වරුවේ සුවිශේෂී පිරිසක් ගාල්ලේ අපේ නිවසට ගොඩවැදුණේය. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ප්‍රමුඛ ඒ පිරිසට, කරුණාසේන ජයලත්, ආනන්ද අමරසිරි හා ලාල් හෑගොඩ ද ඇතුළත් වූහ. අටළොස් වසරකට පමණ පෙර සිදු වූ ඒ හමුව කරුණු කිහිපයක් නිසා ම මගේ මතකයේ රැඳිණ…
එදින ඒ හමුවේ දී මා පසෙකට කැඳවාගත් ලාල් හෑගොඩ සාක්කුවෙන් ගත් කඩදාසියක් මා අත තබා කියවා බලන්නැයි කී ය.
ඔබ රූ දිය මත
සිහින් නෙලෙන් සැලෙනා
නෙළුඹු පතෙකි මා සිත
ලැබ ඔබේ සිසිල තුරු පා
යනුවෙන් ඇරඹි එකී රචනය කියැවූ මා ඔහුට කීයේ, ‘මෙය ඔබේ සියුම් කලාත්මක ගුණයෙන් පිරිපුන් ජායාරූපයක් ම වැනි’ බවයි.
රත්න ශ්‍රී විජේසිංහ
ලාල් හෑගොඩගේ කවිය වෙත එළඹීම
ලාල් හෑගොඩගේ කවිය ධනපති කවියක් නොවේ. ඔහුගේ කවිය හුදු සෞන්දර්යවාදී කවියක්ද නොවේ. ඔහු රොමෑන්තිකවාදී ලක්ෂණ සොයායන්නේ සැබෑ සමාජ ප්‍රශ්නවලින් පලා යාමට නොවේ. ජනතාවාදයෙන් පසු හා විශාල වශයෙන් ජනතාවාදී ලක්ෂණ සහිත කවිවලට මග කියූ 87-89 කැරැල්ල පරාජය වීමෙන් පසු අප දෙස ම ආපසු හැරී බැලීමට යොමු වී සිටි අප කීපදෙනෙකුට ම හෑගොඩගේ පළමු පොත ගෙනාවේ නැවුම් මිහිරකි.
ලියනගේ අමරකීර්ති
හෑගොඩ කවියේ දේශපාලනය
කවියා කවි ලිවීමට අමතරව සමාජයට වගකිව යුතු බව ද හෑගොඩ විශ්වාස කරයි. ඒ මතු නොව සමාජ යතාර්ථය අමතක කර දමා මහ පොළොවට බොහෝ ඉහළින් වෙසෙමින් සඳළුතලා කවි නිමවන කවි පරපුර හෑගොඩ කවියාගේ නිර්දය විවේචනයටත් විරෝධයටත් ලක් වේ.
දිය ඇල්ල වැටෙනවිට එය ළතෝනි දෙන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා නොබලන, හිතා නොබලන මේ කවියෝ හුළං පහරට හසු වී එහි හිරිකඩ දේදුන්නක් සාදන අයුරු දැක එහි සෞන්දර්ය අභිබවා වනමින්, සොබාදහම් මාතාවගේ කරට ද පය තියා නැග දන්නා සියලු භාෂා වික්‍රමයන් ලෙළවමින්, ව්‍යංගය, උපමා රූපක හා තවත් අනේක් අලංකාරයන් සුරුට්ටු ලෙස ඔතා පානය කරමින්, අහෝ සැපයි ! අහෝ සැපයි ! කියමින් පැත්ත වැටී නිදති.
ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න
රාජ්‍ය, පුද්ගලික දේපළ හා හෑගොඩ
ජීවිත දෙකක් වටා ගිය වෘත්තාකාර ගමනක සටහනේ අවසානය ආරම්භක ලක්ෂයකින් අවසන් කරන්නට මට ඉඩදෙන්න. ජායාරූප ශිල්පය හැදෑරීමට ඔහු වෙත ගිය මම වැඩිපුර ම ඔහුගෙන් උගත්තේ වෙනත් දෑ ය. එය සමාජ දැනුමකි. ඒ දැනුම සමග ම ඔහුට ළංවෙන්නට උත්සහ කළෙමි. ඔහු මෙන් වීමට උත්සහ කළෙමි. නමුත් ඒ උත්සාහය එන්න එන්න ම දුරස් වන බව මට පෙනිණ. ඔහු හා ඔහු වැදෑරූ පරමාදර්ශ අතර පරතරයක් මට දිස්විණි. ඉන් අප දෙදෙනා ලෝක දෙකක් බව අවබෝධ විය. මේ බව වැටහෙන්නට පටන් ගත් දා සිට ම මගේ ලෝකය ඔහුට ඒත්තු ගන්වන්නට උත්සාහ කළෙමි; වාද කළෙමි. ඒ හැමකින් ම සිදුවූයෙ තවතවත් අප දෙදෙනා මතවාදී ව දුරස්වීම ය. මින්මතු ම යළිත් ඔහු මෙන් වීමට උත්සාහ නොකරමි. මගේ වෙනස්වීම ඔහු පිළිගැනීමට ද සූදානමක් නැත. ඔහු කිසිදා මා රැගෙන ගිය අධ්‍යාපනය පිළිනොගත් නිසා ම භූමිකාවක් ලෙස ඔහු අදට ද මගේ ගුරුවරයා ය.
බූපති නලින්
කාව්‍ය සේයා ලාල් හෑගොඩ නිර්මාණ සන්දීපන
සංස්කරණය – නඳුන් යසිත, මධුරංග සී.නුවන්ප්‍රිය, ශක්තික සත්කුමාර, ප්‍රියන්ත කොඩිප්පිලි, තිඹිරියාගම බණ්ඩාර
සරසවි ප්‍රකාශන (පළමු මුද්‍රණය 2011)
(ඩිල්ශානි චතුරිකා දාබරේගේ fb පිටුවෙන්)