‘ගිරිජා’ පාඨකයා ඉතිහාස සිපිරි ගෙයින් නිදහස් කිරීමට තැත් කරන නවකතාක්

Share post:

ඓතිහාසික නවකතා යනු අපට ආගන්තුක සාහිත්‍ය ශානරයක් නොවේ. පාඨකයන්ගේ බුද්ධිමය සහ වින්දනාත්මක නිම්වළලු පුළුල් කරන මෙම ශානරයේ නවකතා බොහොමයක් ලෝක සාහිත්‍ය වර්ණවත් කර තිබේ. මෙම ඓතිහාසික ශානරයේ නවකතාවල ඉදිරිගාමී ලක්ෂණයක් වන්නේ ඉතිහාසය නම් සිපිරි ගෙයින් නිදහස් වීමට පාඨකයාට අවකාශ සලසා දීමය. විදර්ශන ප්‍රකාශනයක් වන මනෝහරී ජයලත්ගේ ගිරිජා මෙලෙස පාඨකයා ඉතිහාස සිපිරි ගෙයින් නිදහස් කිරීමට තැත් කරන නවකතාවකි.

අනෙකුත් බොහෝ සිංහල නවකතාවලට සාපේක්ෂව ගිරිජාහි දිස් වන ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ එය ඉතිහාස කරුණු ගවේෂණයට වඩා ප්‍රබන්ධය පෙරබිමට ගෙන ඒමය. එමෙන්ම අතීතය ට සීමා නොවන තේමාත්මකය තිරිහන් කරන අතීත භාෂාමය රිද්මයක් නවකතාවේ මුල සිට අගටම අඛණ්ඩව පවත්වා ගෙන යාමය. සැබැවින්ම කතුවරිය මිනිස් චිත්ත සන්තානය වෙලා පවත්නා අකාලික හැඟීම් සමුදායක විචිත්‍ර වර්ණාවලියක් ඓතිහාසික පසුබිමක බහා ඉදිරිපත් කරයි. එය පාඨකයාට වර්තමානය කියවා ගැනීමට සහාය වන්නකි. වැඩවසම් යුගයේ වේවා වත්මන් පසුධනවාදී යුගයේ වේවා මිනිස් හැඟීම්වල අංශුමාත්‍ර වෙනසක් නොමැති බවත් මිනිස් හැඟීම් ඉදිරියේ කාලය ගර්හිත සාධකයක් වන බවත් ගිරිජා අපට පෙන්වා දෙයි. එහෙයින් මෙය පැහැදිලිවම ඉතිහාසමය පසුබිමක සිට මේ නිමේෂය වෙතට එබිකම් කරන නවකතාවකි.

මනෝහරී තම නවකතාව ආරම්භයේ දී ඉදිරිපත් කරන ඉතිහාස කරුණුමය විස්තරය කවර නම් ආලෝකයක් කතාපුවතට එල්ල කරන්නේ දැයි වටහා ගැනීම අසීරුය. මන්ද, ඇගේ ප්‍රබන්ධය ඉතිහාසමය කාලවකවානුු ඉක්මවා යන ශක්‍යතාවකින් යුක්ත බැවිනි.

තම ප්‍රථම නවකතාව වන සංසක්කාරි තුළින් සිංහල නවකතා ලෝකය මත ස්වකීය අනන්‍යතාව සලකුණු කිරීමට සමත් වූ මනෝහරී ජයලත් ඇගේ දෙවන නවකතාව වන ගිරිජා සමඟ දිගු පියවරක් ඉදිරියට තබා ඇති බව නිසැකය. එහෙයින් ඇගේ තෙවන නවකතාව වන කඩදොර එන තෙක් දොරකඩට වී බලා සිටිමි.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...