එක්ස්ප්‍රස් පර්ල් විනාශය ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ජූලි මුල් සතියේ : විමර්ශන අවසන් !

Share post:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශ වීම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් වන මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනය අවසන් කර තිබේ.

එම කොමිෂන් සභාවේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මීට අදාළ කොමිෂන් සභා නිර්දේශ ජූලි මාසයේ මුල් සතිය තුළ නිකුත් කරන බවයි. පරිසර යුක්ති කේන්ද්‍රය සහ ආචාර්ය අජන්තා පෙරේරා විසින් මීට අදාළ පැමිණිල්ල ගොනු කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය.

‘මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකීම් දරන, නියාමන බලතල හිමිකම් කියූ සහ යම් ආකාරයකින් සම්බන්ධයක් පවතින සියලු ආයතනවලින් මීට අදාළ ව ප්‍රකාශ සටහන් කරගන්නා ලදි.’

2021 මැයි 19 !

2021 මැයි 19දා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණියේය. එය මැයි 25 දින පුපුරා ගියේය. ජුනි 02 දින කොළඹ වරායෙන් නාවික සැතපුම් 9ක් දුරට නැව ඇදගෙන යනු ලැබිණි. එක්ස්ප්‍රස් ෆීඩර්ස් (X-Press Feeders) නම් සිංගප්පුරු සමාගමකට අයත් මෙම නැව මගින් ශ්‍රී ලංකා මුහුදේ සිදු වූ අනතුර, ලෝකයේ විශාලතම රසායනික නෞකා අනතුර ලෙස හැඳින්වේ.

විනාශයේ තරම

මෙම බරපතළ අනතුර පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කළ පරිසර යුක්ති කේන්ද්‍රය නෞකාවේ තිබූ අන්තර්ගතය පිළිබඳ මෙසේ සඳහන් කරයි.

‘එම නෞකාවේ තිබූ බහාලුම් 1,486ක් අතරින් 81ක පරිසරයට ඉතා අහිතකර සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය තිබූ අතර, බහාලුම් 349ක තිබූ මෙට්‍රික් ටොන් 9,700ක් වූ epoxy resin ද, මෙට්‍රික් ටොන් 6,700ක විවිධ වර්ගවල ප්ලාස්ටික් පබළු හා නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක්, ලිතියම් බැටරි, ඊයම්, මොලිබ්ඩික් අම්ලය ඇතුළුව පරිසරයට හානි කළ හැකි බොහෝ ද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ ගිනිගනිමින්, විශේෂයෙන් ම මීගමුව අවට මුහුදු තීරයේත්, ලංකාව වටා කිලෝමීටර් 750ක මුහුදු ප්‍රදෙශයකත්, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති වෙනත් රාජ්‍යයන් ද මුහුදු හා වෙරළ සම්පත් ද, අප්‍රිකාවේ සෝමාලියාව දක්වා ද සමුද්‍ර දූෂණය සිදුකරන ලදි.

එමගින් ඇසට දකින්නට ලැබුණු බහාලුම් කිහිපයක් සහ සරක්කුව අවට මුහුදු තීරය ප්ලාස්ටික් පබළුවලින් වැසී යන සේ දූෂණය වුවත්, නැව නිසා සිදු වූ මුළු දූෂණයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් මුහුදු ජලයේ සඟවාගෙන තිබිණි. මෙට්‍රික් ටොන් 80,000කට ආසන්න භාණ්ඩවලින් නැවත එකතු කරගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 1,762ක් පමණි.’

මේ නිසා 2021 ජුනි 30 වන විට තල්මසුන් අටදෙනෙක්, කැස්බෑවුන් 417ක්, ඩොල්පින් මසුන් 48ක් සහ සමුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබිණි. පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ මෙම මරණ පිළිබඳව කිසිදු මරණ පරීක්ෂණයක් මෙතෙක් සිදුව නැති බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සත්‍ය තොරතුරු සඟවන බවත් ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...