ශිෂ්‍යත්වය – සා.පෙළ තවදුරටත් අවශ්‍ය ද? : ජනපති සහ අධ්‍යාපන ප්‍රතිපත්ති විශේෂඥ කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් !

Share post:

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් පවත්වාගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳව මේ සාකච්ඡාව පැවැත්වුණු බවයි. එම ප්‍රතිපත්තිය සැකසීමේ අමාත්‍ය කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව සහ ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවේදී විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට වෘත්තිකයන් බිහිකිරීමේ නව අධ්‍යාපන ක්‍රම සහ විදේශ රටවල පිළිගත් අධ්‍යාපන පර්යේෂණ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමේ වැදගත්කම සහ වසර 13ක පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන්  අවධානය යොමු කර ඇත.

අධ්‍යාපනඥයන් ද දිගින්-දිගටම අවධාරණය කරන ලද්දේ විභාග කේන්ද්‍රීය ව ක්‍රියාත්මක මෙරට පාසල් අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බවයි.

කෙසේ වෙතත් 2019 මාර්තු මාසයේදී ද මෙවැනි සාකච්ඡා වටයක් පැවැත්වුණද, අදාළ විභාග සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගැනිණි.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...