ශිෂ්‍යත්වය – සා.පෙළ තවදුරටත් අවශ්‍ය ද? : ජනපති සහ අධ්‍යාපන ප්‍රතිපත්ති විශේෂඥ කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් !

Share post:

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් පවත්වාගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳව මේ සාකච්ඡාව පැවැත්වුණු බවයි. එම ප්‍රතිපත්තිය සැකසීමේ අමාත්‍ය කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව සහ ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවේදී විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට වෘත්තිකයන් බිහිකිරීමේ නව අධ්‍යාපන ක්‍රම සහ විදේශ රටවල පිළිගත් අධ්‍යාපන පර්යේෂණ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමේ වැදගත්කම සහ වසර 13ක පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන්  අවධානය යොමු කර ඇත.

අධ්‍යාපනඥයන් ද දිගින්-දිගටම අවධාරණය කරන ලද්දේ විභාග කේන්ද්‍රීය ව ක්‍රියාත්මක මෙරට පාසල් අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බවයි.

කෙසේ වෙතත් 2019 මාර්තු මාසයේදී ද මෙවැනි සාකච්ඡා වටයක් පැවැත්වුණද, අදාළ විභාග සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගැනිණි.

Related articles

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...

මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්

ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලි මේ දිනවල ඇරඹෙනවා.ආර්කන්සාස්.. ජෝර්ජියා.. කෙන්ටකි.....