ස්ත්‍රී කුණාටුවක ජයගීතය…

Share post:

ජෑස් සහ R&B මිශ්‍ර පොප් රොක් සංගීතයේ ‘ස්ත්‍රී සුළි කුණාටුව’ (Tina the tornado) ලෙස සැලකෙන අතිශයින් ජනප්‍රිය ඇමෙරිකන් රොක් අයිකොනයක් වූ ටීනාගේ මරණයත් එක්ක හරිම සුවිශේෂී දෙයක් සිද්ද වෙනවා.
ඒ තමයි එයාගේ බිඳුණු විවාහය සහ ඒ අමිහිරි බවෙන් මිදෙන්න එයා තෝරාගත්ත ආගමික/අධ්‍යත්මික බව ගැන යම් ගෝලීය කතාබහක් ඇතිවීම. විශේෂයෙන් ජපන් සෙන් බුද්ධාගමේ එක්තරා නිකායක් ලෙස සැලකෙන නිචිරන් බුද්ධාගමේ (Nichiren Buddhism) විශ්වාසයන් සමඟ ටීනා පැවැත්වූ භක්තිය ගැන සෑහෙන පමණ කතාබහක් නැවත ඇතිවීම හොඳ දෙයක්.

විශේෂයෙන් මේ වගේ ගෝලීය චරිතයක මතභේදාත්මක පැවැත්ම, විශ්වාසයන්, පෞද්ගලික බව, අර්බුද ජයග්‍රහණය කරපු විදිය වගේ දේවල් ගැන මිනිස්සුන්ගේ කුතුහලය යොමුවෙනවා වැඩියි.
මිනිස්සු ජනප්‍රිය චරිත දිහා බලල තමන්ගේ ජීවිතයට යමක් ඉගෙනගන්නවා. කුතුහලය ඒ අර්ථයෙන් හොඳ දෙයක්.
ඒ කුතුහලය එක්ක මෙච්චර දවසක් වැඩිය කලඑළියට ආවේ නැති ටීනාගේ අධ්‍යාත්මික විශ්වාසයන් ගැනත් යම් අවධානයක් ගෝලීය වශයෙන් යොමුවෙලා.

නිශිරන් බුද්ධාගමේ කියවෙන්නේ තමා තුලින්ම ආත්ම සන්තුෂ්ටිය ලඟාකරගන්නා ආකාරය ගැන. ඒ වගේම ඒ ලඟාකරගත් තෘප්තිමත් බව ආත්මය ඇතුලේ අපරාජිත වෙන විදිය ගැනත් නිචිරන් බුද්ධාගමේ උගන්වනවා. මොනවගේ දුෂ්කර, කටුක, නීරස තත්වයක් යටතේ උනත් නොසෙල්වී, නොවෙනස්ව, නිරන්තරව ජීවිතයේ මහා චාරිකාව (meta journey of life) තුල ගමන්කරන හැටි ඒ නිකාය විසින් පුද්ගලයින්ට කියල දෙනවා.
මෙන්න මේ අතිශයින් පෙරදිග බෞද්ධ ඉගැන්වීම ඇතුලේ ටීනා සොයාගන්නවා කටුක වෙන්වීම් එක්ක උනත් ජීවිතය මහත්වූ චාරිකාවක් කරා යොමුකර ගන්නා ආකාරය. ඒ විදියටම ටීනා තමන්ගේ ජීවිත චාරිකාව අවසන් කලේ අතිවිශිෂ්ට වීරත්වයකින්. සාර්ථක බවකින්.

මේක තමයි කියෝතෝ ගුරුකුලයේ නිශිදා කිතරෝල ඩී. ටී. සුසුකිල පෙරදිග බුද්ධාගම බටහිරට අරන් ගිහිල්ල එහෙ පැලකරලා හදපු අලුත් මනුෂ්‍යත්වය (new humanity).

ටීනාගේ සමුගැනීම ගැන නිචිරන් නිල වෙබ් අඩවිය මෙසේ පවසනවා. අපි ඇයගේ සමුගැනීම ගැන කණගාටු වෙනවා. හැබැයි අපි දන්නවා ඇය ඉතාම හොඳ උදාහරණයක් මිනිසා මිනිසා තුලම සිදුකරගන්නා පුද්ගල විප්ලවය ගැන. අපි කියන්නේ හැම මිනිසෙක්ටම පුළුවන් මේ අභ්‍යන්තර ආත්ම ගවේෂණය කරන්න. ඒක ‘මිනිස් විප්ලවයක්’ (It is a human revolution).
අපි හැමෝටම පුළුවන් අපි ඇතුලේ ඉන්න ශක්තිමත් මිනිසා සොයාගන්න. අපි ඇතුලේ තියෙන්න ඕනි පැහැදිලි බව (inner clarilty) සොයාගන්න. දෙගිඩියාවක් නැතුව ජීවිත චාරිකාව තුලට පිවිසෙන්න. මේ පැහැදිළි බව එක්ක පුළුවන් මරණයට උනත් බයනැතුව මුහුණදෙන්න.

ජීවිතයේ තමන් ඇදගෙන වැටෙන තැන තමයි තමන්ගේ මහත් වූ ජීවන චාරිකාවේ මුල්ගල කරගන්න ඕනි කියල නිචිරන් බුද්ධාගම උගන්වනවා. බුද්ධාගම ඇයව ශක්තිමත් කරන්නේ, ඇයට උපදේශනය (counselling) සපයන්නේ ඒ විදියට. ජීවිතට නැවත වැළඳගන්නේ කොහොමද කියන පණිවිඩය එක්ක.

නැවත ජීවිතය සොයාගත් ටීනා, ඔබ අපට ඉතිරිකර ගියේ අතිශයින් නිර්මාණශීලි රොක් ජයගීත සමුදායක් (a collection of rock anthems) විතරක් නෙවෙයි. ඔබ අප හැරගියේ ජීවිතයේ ශක්තියත්, ජීවිතයකට කරන්න පුළුවන් අපරිමිත කාර්යයන් ගැනත් අද්විතීය පණිවිඩයක් ඉතිරිකරමින්. විශේෂයෙන් ගැහැණියක් හැටියට තිබ්බ අසහාය ශක්තිය….ඒකම ඇති.
අසහාය ටීනා….නැවතත් ඔබට නිවන් සුව…

මහේෂ් හපුගොඩ

නිචිරන් නිල වෙබ් අඩවිය https://www.sgi-usa.org/

Image@CNN

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...