ළමයි පැහැරගැනීමේ ප්‍රචාර අසත්‍යයි : ලංකාවෙ කියලා හුවමාරු වෙන්නෙ පිටරට හදපු වීඩියෝ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

රට පුරා කිසිදු ස්ථානයකින් දරුවන් පැහැරගැනීමේ සිදුවීම් ආසන්න කාලය තුළ වාර්තා වී නැති බවත්, සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන්නේ ව්‍යාජ පෝස්ට් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද සඳහන් කළේය.

‘ළමුන් පැහැරගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා පළවෙනවා. මන්නාරම, තලෙයිමන්නාරම, ත්‍රීකුණාමලය, කිලිනොච්චිය වගේ ප්‍රදේශවල පොලිසිවලටත් මෙවැනි පැමිණිලි ලැබිලා තියෙනවා. නමුත් මේවා පිළිබඳව විමර්ශනය කිරීමේදී යම්-යම් සැකසහිත තැන් මතුවෙලා තියෙනවා.

පැහැදිලිව කියන්න ඕනෙ, මේ පළවෙන ආකාරයට වෑන් රථවලින් ඇවිත් මේ විදිහට දරුවන් පැහැරගැනීමක් සම්බන්ධයෙන් අපිට වාර්තා වෙලා නෑ. විවිධ ප්‍රදේශවල කටකතා පැතිරුණා මේ ගැන. ඒවත් එක්ක කලබලකාරී සිදුවීමුත් වාර්තා වුණා.

සමාජ ජාලවල විවිධ ඡායාරූප පළවෙනවා, මෙන්න මේ පුද්ගලයා තමයි දරුවන් පැහැරගැනීමට කටයුතු කරන්නෙ කියලා. පොලිසිය එවැනි පුද්ගලයෙක් ගැන කිසිම දැන්වීමක් නිකුත් කරලා නෑ, අපට අවශ්‍ය කරන සැකකරුවෙක් විදිහට. විවිධ දරුවන් පැහැරගෙන ගොස් කැලෑ තුළ සඟවාගෙන ඉන්න ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. මේවා ගැන පරීක්ෂණ පවත්වද්දි අනාවරණය වෙලා තියෙනවා, මේවා විදේශ රටවල විවිධ අරමුණු සඳහා නිෂ්පාදනය කරපුවා කියලා. සමහර වෙලාවට ඒ රටවල දරුවන් දැනුවත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද දැන්වීම්වල කොටස්. මේවා ව්‍යාජ ප්‍රචාර.

අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා. දිවයිනේ කිසිම ස්ථානයක එවැනි ආකාරයේ ළමයි පැහැරගැනීමක් වාර්තා වෙලා නෑ. මේවා විදේශ රටවල දේවල්.’

මේ ආකාරයට ජනතාව කලබලයට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ පෝස්ට් හුවමාරු කරගන්නා පුද්ගලයන් සහ එවැනි පෝස්ට් සමාජ මාධ්‍යයට එක්කරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

පාසල්වල මව්පියන් සහ ගුරුවරුන් සම්බන්ධ වන වට්සැප් සමූහවල මෙවැනි පෝස්ට් බෙදාගැනීම මෙන්ම ආගමික මධ්‍යස්ථාන මූලික කරගෙන මෙම මාතෘකාව සම්බන්ධයෙන් සංවාද ආරම්භ කිරීම ද කැපී පෙනේ.

ජනතාව අතර ආණ්ඩුව සහ දේශපාලනඥයන් අපකීර්තියට පත්වූ සහ ජනතා විරෝධය උත්සන්න වන අවස්ථාවලදී මෙවැනි පෝස්ට් හුවමාරු වීම ද පසුගිය කාලයේ කැපීපෙනිණි. අන්තවාදී ප්‍රචාර ඊට උදාහරණයකි.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...