එදා මම Adidas කියල සපත්තු වල ඇඳල දිව්වා, අද ඒ Adidas සමාගම සපත්තු හදනව මගේ නම ගහල Hima Das!

Share post:

හිමා දාස් ! ඇය ඉන්දියාවෙි ලජ්ජාව අවසන් කලාය

2018 වැනි වසරේ නැමති යුවතිය එනතුරු එකසිය හතලිස් හතර කෝටියක් ජනතාව සිටිනා ඉන්දියාව ලෝක ශුරතා ධාවන තරගයක රන් පදක්කමක් ගෙන තිබුනේ නැත ඉතින් ඇය පැමිණ ඒ ලජ්ජාව අවසන් කලාය.
එනයින් ඉන්දියාවට ඇය ඓතිහාසිකය විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයෙකි.

ඇසෑමයේ මනහර ගම්මානයක රොන්ජින් දාස් නැමැති ගොවියාට දාව උපතලද ඇය සිය අසම සම ජයග්‍රහණය සනිටුහන් කලේ පින්ලන්තයේදීය. 2018 ජූලි 12 දින, ෆින්ලන්තයේ Tampere හි පැවති ලෝක U-20 ශූරතාවලියේ 2018 වසරේ මීටර් 400 අවසන් තරගය දිනූ දාස්, තත්පර 51.46කින් තත්පර 51.46කින් සිය ධාවනය අවසන් කර ලෝක ශුරතා ධාවන ඉසව්වකදී රන් පදක්කමක් දිනූ පළමු ඉන්දියානු ධාවකයා බවට පත් වී නව ඉතිහාසයක් සිය මව්බිමට ලියා දුන්නාය.

2019 ජූලි 2 වන දින පෝලන්තයේ Poznan Grand Prix හිදී තත්පර 23.65 ක කාලයකින් මීටර් 200 රන් පදක්කම දිනා ගනිමින් ඇය ඇගේ සාර්ථකත්වය නැවත පෙන්වා සිටියාය.

2019 ජූලි 20 දින චෙක් ජනරජයේ Nové Město හි මීටර් 400 තත්පර 52.09 කින් අවසන් කර ඇය සිය තෙවැනි ජයග්‍රහණය ද තෙවැනි රන් පදක්කමද දිනා ගත්තාය.
එවිට ඇය සිටියේ කීර්තියේ මුදුන් මල් ගොමුව තුල බැවින් ඉන්දීය ජන මාධ්‍යය හරහා මෙසේ පවසා තිබිණි.
‘‘ දන්නවද ? මම ඉස්සෙල්ලම දුවද්දි මට සපත්තු තිබුනෙ නෑ නමුක් ජාතික මට්ටමේ තරගයක් කරනකොට මගේ තාත්ත මට සපත්තු දෙකක් අරන් දුන්නා.

ඒව නිකන් මේ සාමාන්‍ය සපත්තු !. මම තරගයට යන්න කලින් ඒ සපත්තු වල ඇන්දා Adidas කියල ඊට පස්සෙ මම ඒව දාගෙන දිවිවා. අද ලෝකප්‍රකට ඒ Adidas සමාගම සපත්තු හදනව මේ විදහට මගේ නම ගහල Hima Das!.
හිමා දාස් කියන්නෙ තම දැවැන්ත සිහින එකිනෙක සාක්ෂාත් කරගත් යුවතියක්.

ඇගේ පුංචි කාලෙ ඉදන් කැමැත්ත තිබුනේ උරහිසේ තරු පිරිවරාගත් පොලිස් නිලධාරිනියක් වෙන්න. ඒක නිසා ඇගේ අම්මා ජොනාලි දාස් නගරයට ගියාම හිමාට ගෙනත් දුන්නෙ බෝනික්කො නෙවෙයි සෙල්ලම් තුවක්කු. අද ඇය ඇසැම් පොලිස් දෙපාර්තමෙින්තුවේ උරහිසේ තරු පිරිවරාගත් පොලිස් අධිකාරී වරියක්. එයා නිකන්ම නිකන් පොලිස් නිළධාරිනියක් නෙවෙයි ඉන්දියාවෙි ලජ්ජාවක් අවසන් කල පොලිස් නිලධාරිනියක්

උපාලි ජයසිංහ

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...