එදා මම Adidas කියල සපත්තු වල ඇඳල දිව්වා, අද ඒ Adidas සමාගම සපත්තු හදනව මගේ නම ගහල Hima Das!

Share post:

හිමා දාස් ! ඇය ඉන්දියාවෙි ලජ්ජාව අවසන් කලාය

2018 වැනි වසරේ නැමති යුවතිය එනතුරු එකසිය හතලිස් හතර කෝටියක් ජනතාව සිටිනා ඉන්දියාව ලෝක ශුරතා ධාවන තරගයක රන් පදක්කමක් ගෙන තිබුනේ නැත ඉතින් ඇය පැමිණ ඒ ලජ්ජාව අවසන් කලාය.
එනයින් ඉන්දියාවට ඇය ඓතිහාසිකය විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයෙකි.

ඇසෑමයේ මනහර ගම්මානයක රොන්ජින් දාස් නැමැති ගොවියාට දාව උපතලද ඇය සිය අසම සම ජයග්‍රහණය සනිටුහන් කලේ පින්ලන්තයේදීය. 2018 ජූලි 12 දින, ෆින්ලන්තයේ Tampere හි පැවති ලෝක U-20 ශූරතාවලියේ 2018 වසරේ මීටර් 400 අවසන් තරගය දිනූ දාස්, තත්පර 51.46කින් තත්පර 51.46කින් සිය ධාවනය අවසන් කර ලෝක ශුරතා ධාවන ඉසව්වකදී රන් පදක්කමක් දිනූ පළමු ඉන්දියානු ධාවකයා බවට පත් වී නව ඉතිහාසයක් සිය මව්බිමට ලියා දුන්නාය.

2019 ජූලි 2 වන දින පෝලන්තයේ Poznan Grand Prix හිදී තත්පර 23.65 ක කාලයකින් මීටර් 200 රන් පදක්කම දිනා ගනිමින් ඇය ඇගේ සාර්ථකත්වය නැවත පෙන්වා සිටියාය.

2019 ජූලි 20 දින චෙක් ජනරජයේ Nové Město හි මීටර් 400 තත්පර 52.09 කින් අවසන් කර ඇය සිය තෙවැනි ජයග්‍රහණය ද තෙවැනි රන් පදක්කමද දිනා ගත්තාය.
එවිට ඇය සිටියේ කීර්තියේ මුදුන් මල් ගොමුව තුල බැවින් ඉන්දීය ජන මාධ්‍යය හරහා මෙසේ පවසා තිබිණි.
‘‘ දන්නවද ? මම ඉස්සෙල්ලම දුවද්දි මට සපත්තු තිබුනෙ නෑ නමුක් ජාතික මට්ටමේ තරගයක් කරනකොට මගේ තාත්ත මට සපත්තු දෙකක් අරන් දුන්නා.

ඒව නිකන් මේ සාමාන්‍ය සපත්තු !. මම තරගයට යන්න කලින් ඒ සපත්තු වල ඇන්දා Adidas කියල ඊට පස්සෙ මම ඒව දාගෙන දිවිවා. අද ලෝකප්‍රකට ඒ Adidas සමාගම සපත්තු හදනව මේ විදහට මගේ නම ගහල Hima Das!.
හිමා දාස් කියන්නෙ තම දැවැන්ත සිහින එකිනෙක සාක්ෂාත් කරගත් යුවතියක්.

ඇගේ පුංචි කාලෙ ඉදන් කැමැත්ත තිබුනේ උරහිසේ තරු පිරිවරාගත් පොලිස් නිලධාරිනියක් වෙන්න. ඒක නිසා ඇගේ අම්මා ජොනාලි දාස් නගරයට ගියාම හිමාට ගෙනත් දුන්නෙ බෝනික්කො නෙවෙයි සෙල්ලම් තුවක්කු. අද ඇය ඇසැම් පොලිස් දෙපාර්තමෙින්තුවේ උරහිසේ තරු පිරිවරාගත් පොලිස් අධිකාරී වරියක්. එයා නිකන්ම නිකන් පොලිස් නිළධාරිනියක් නෙවෙයි ඉන්දියාවෙි ලජ්ජාවක් අවසන් කල පොලිස් නිලධාරිනියක්

උපාලි ජයසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...