මේ තමයි රංගන ආරියදාස කෙටිකතාවක නම ඒ වගේම ඔහු මෑත කාලෙ පල කල කෙටි කතා එකතුවෙ නම.
රංගනව කෙටිකතාකාරයෙක් කියල හදුන්වනවට වඩා මං කැමතියි ඔහුව “කතන්දරකාරයෙක්” Story Teller කියල හදුන්වන්න.සමාජයක තියෙන පුරාවෘත්ත (සමාජ අවිඥානය/ඉරොටික්ස්) එක පරම්පාරවක ඉදල අනෙක් පරම්පරාවට සම්ප්‍රේශනය වෙන්නෙ මේ කතන්දර කාරයන් හරහා.සමාජයක අපි ඔය කියන ආත්තා,”මුත්තා”;කියන පුරා රූප(Archy type) වගේම සංචාරක, අහිකුණ්ටක කතන්දර කාරයන්ද දැක ගන්න පුලුවං.ඒ වගේම මේ අය අතින් පුරාවෘත්ත සම්ප්‍රේශනය වෙනව විතරක් නෙමෙයි ඒ අතරම පුරාවෘත්ත අලුතින් නිර්මාණයත් වෙනව.
මේ කෙටි කතාවෙ තියෙන්නෙ එළඹෙන සහස්ශ්‍රකයේ (2000) අභිමුව උල්කා වර්ශාවක් නරඹන්න අස්ගිරි කන්ද නගින තරුණයන් පිරිසක්..ඒ අතරමග කෙහෙල් කැනක් කරතබාගෙන පැමිණෙන ජොනී අයියා ඔවුන් එක්ක උල්කා වර්ශාව නරඹන්න එකතු වී දිවා ගුහාව සිරීපාදය ගැන කියන ගැන ඇතිවෙන කතා බහක්..
ඉතිං මේ කෙටිකතාවෙ කතන්දර තුනක් තියෙනව.එකක් මෙහි කතා නායකයා අපට (පාඨකයාට ) කියන කතාව.අනික කතා නායකයා ඇතුලු තරුණයන්ට ජොනි අයියා මිගෙල් ගැන කියන කතාව.ඊලග එක මිගෙල්ගෙ කතාව කියන්නෙ තෙපානිස් පොලීසියට බාර වෙලා..එතනදි.මේ විදියට කතන්දරයක් තලයන් තුනක ක්‍රියාත්මක වීම පුරාවෘත්ත ගොඩනැගෙන මාණසික ක්‍රියාකාරීත්වයේදි අනිවාර්‍ය තාවයක්.
මේ කතාවේ ඇති රූපක සහ ඒවා සංවිදානය වෙලා තියෙන විදිය අතර තියෙන කේතමය සම්බන්ධය වටහා ගන්න අපි මුලින් ඒ රූපක පුරාවෘතීය කාලාවකාශයක පරීක්ෂා කරමු.
කෙටි කතාවෙ තියෙනව ශ්‍රී පාදය.
දිවා ගුහාව.
ශ්‍රී පාදය සමග බෞද්ධ වන්දනාවත්(සිරි පතුල- ශ්‍රී පාදය) සූර්‍ය ඇදහිල්ලත් (සූර්‍ය පාදය-ශ්‍රී පාදය)එකට සම්බන්ධ වෙලයි තියෙන්නෙ.මේ නිසා සිරිපාදය පිය සූර්‍ය සංකල්ප එක්ක බැදිල තියෙනව වගේම බෞද්ධ සංස්කෘතිය තුල බුදුන් හදුන්වන බුද්ධ දිවාකර, බුදු පියානන් වගේ නමකරණයන් වලත් මේ පිය/ සූර්‍ය සංකල්ප පැටලිලා තියෙනව.
රූපකයක් විදියට එය ඍජු උස් ත්‍රිකෝණාකාර තනි කන්දක් විදියටයි තියෙන්නෙ.කතාවේ මුල කන්ද පේන්නෙ තරු අතර පහතින් තියෙන දීප්‍තිමත් තරුවක්(සූර්‍ය්‍යය) විදියට.ඉහල සිට අහසින් පැමිණෙන- පිය /සූර්‍ය සංකල්පයේ ප්‍රධාන ලක්ෂණයක්.
අනෙක් අතට ශ්‍රී පාදය Adams peak වෙනව.ආදම් කියන්නෙ දෙවියන්වහන්සේ විසින් තමාගේ රූපයට සමානව මැව්ව පලවෙනි පුරුෂයා.බයිබලයට අනුව දෙවියන් වහන්සේ පිය සංකල්පයක් (පියානන් වහන්සේ) වෙනව පමණක් නෙමෙයි ආදම් (පුරුෂ) -ඒව(ස්ත්‍රී) නැමති ස්ත්‍රී පුරුෂ වෙනස සලකුණු කෙරෙන ජීවීන් දෙදෙනාගෙ ප්‍රථම සහ එකම (I am the One ) නිර්මාපකයාද වෙනව.
සිරිපාදෙ ගැන තරුණයන් සහ ජොනි අයියා අතර උසම කන්ද සිරිපාදෙ වීම ගැන වාදයක් ඇතිවෙනව.කෝමත් සිරිපාදෙ ගැන තියෙන විශ්වාසයන් වල එකක් තමයි එය උසම කන්ද වීම…කොටින්ම එහි ත්‍රිකෝණාකාර හැඩය ඍජු ශීර්ශය වැනි දේ නිසා සිරීපාද කන්ද ලාංකිය සමාජ මණසට සුවිසේෂී සලකුණු වීමක් කරනව.
ඒ තමයි ඕනම සමාජයක ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස (ලිංග වෙනස නෙවි) සලකුණු වීමේදි මෙවැනි කදු පර්වත ඒවයේ හැඩය නිසාම තීරණාත්මක වෙනව වගේම ඒවටා පුරාවෘතත ගොඩනැගෙමින් පූජනීයත්වයෙහිලා සැලකෙනව.පුරාවක් ලෙස කොහොමත් ලිංගික වෙනස සළකුණු වෙන්නෙ ඉහලින් එන ඒකත්වයකින්..එකක් (ඒකත්වයක්) දෙකක් බවට පත්වීමෙන්. හරියට මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් ආදම් (පුරුෂ) ඒව (ස්ත්‍රී) නිර්මාණය උනා වගේ…
මූලිකව මාණසික අර්තයෙන් ගත්තොත් පැරණි ආගම් පැන නගින්නෙම මෙන්න මේ ගැහැණු පිරිමි ලිංගික වෙනස සලකුණු වෙන තැනින්.
සංකල්පමය වශයෙන් ගත්තොත් එකක් විසින් දෙකක් සලකුණු කිරීම. රූපක වශයෙන් ඒකදේව (සර්වබලධාරී දෙවියන්), පිය , සුර්‍ය, පැල්ලසය, ශිව ලිංගය.. ඔය විදියට පෙලගස්සවන්න පුලුවං….
කතාව ඇතුලෙ තියෙන මූලිකම කතාව තමයි මිගෙල්ට දිවා ගුහාව දර්ශනය වීම ගැන කතන්දරය. සිරිපාදයට අර්ථයක් නෑ දිවා ගුහාව නැත්නම්..
උස් කදුමුදුන් ආශ්‍රිත කතන්දර නඩත්තු වෙන්නෙ ගොඩක් වෙලාවට ගුහාවක්, ලෙනක්, බෙනයක් ගැන තවත් කතන්දර එක්ක එකට. උස් කදු මුදුන් පර්ටත සූර්‍ය සංකේත පුරුෂමය සංකේත වෙනව වගේම ලෙන් , ගුහා, බෙන ස්ත්‍රීමය සංකේත වෙනව. මේ කතාවෙත් බෙනයක් සහිත කොලොන් ගහකුත් දිවා ගුහාවත් තියෙනව. දිවා ගුහාව දර්ශනය වෙන නොපෙනී යන ගුප්‍ත දෙයක්…බෙනයක් සහිත කොලොන් ගහ ලගින් දකුණට..තාපසය කිව්ව විදියට ගියාම මිගෙල්ට දිවා ගුහාව දර්ශනය වෙනව…
ඉතිං මේ කතාවෙ සුවිසේශය තමයි දිවාගුහාව ගැන කියන්න ගිහින් බෙනයක් උවමනා වීම. අනික මේ බෙනය තියෙන දිශාව සහ දිවාගුහාව වෙත යන පාර කියන්නෙ සුදු දිග රැව්ලක් තියෙන සුදු දිග කොණ්ඩයක් තියෙන සුදු ඇදගත් තාපසයෙක්.මේ තාපස රූපකය බොහෝමයක් සමාජයන් වල නඩත්තු කෙරෙන “මුත්තා” ගේ පුරාරූපය(Architype). බොහෝවිට මැවුම්කාර දෙවියන් බ්‍රහ්මන් රූපකයක් විදියට ඉදිරිපත් වෙන්නෙ මෙහෙමයි.අනික මුත්තා ට ලිංගිකයක් නැහැ.ඒ කියන්නෙ මුත්තා ස්ත්‍රී ලිංගිකද පුරුෂ ලිංගිකද කියල අපිට කියන්න බැහැ.
බෙනය – ස්‍ත්‍රී යෝනිය, ගුහාව – ගර්භාෂය… ඉතින් ශ්‍රී පාදය සූර්‍ය- පිය -පුරුෂ රූපක වශයෙන් පවතිනව වගේම දිවා ගුහාව- පොලොව- ගර්භය (පොළෝ මෑණියන්) වශයෙන් ස්ත්‍රී-මාතෘ රූපක වශයෙන් පවතිනව.
ඉතින් සිරිපාදය- උස් උල් කදු මුදුන පුරුෂමය රූපක ලෙසත් කොලොන් ගහේ බෙනය , දිවා ගුහාව ස්ත්‍රිමය රූපක ලෙසත් (මේ කතාවෙ සුවිශේෂය හදුනා ගත්තොත් අපට ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස සලකුණු කෙරෙන මූලික මාණසික සැකැස්ම මෙහි ඉදිරිපත් වෙලා තියෙනව දැකගන්න පුලුවන්. ඉතිං හරියටම චිත්‍රය සම්පූර්ණ වෙන්න සිරිපාදය මුදුනෙ ඇති තනි තරුවකින් (සූර්‍ය/ඒක) කතන්දරය පටන් ගැනෙනව..
ඊලගට මේ කතන්දරයෙ එන වෘෂභ රාජ රූපිකය.ගොඩක් පුරුෂ ලිංගිකත්වය ආශ්‍රිත පුරාවෘත්ත වල කුලප්පු වුන හරකෙක් මෙල්ල කිරීම පිලිඹද රූපිකයක් සම්බන්ධවෙලා තියෙනව(ස්පාඥයේ තියෙන සාම්ප්‍රදායික ගොන්පොර තරගත් මේ පිරිමි ලිංගිකත්වය ආශ්‍රිත චාරිත්‍රයක්/අන්නියන් චිත්‍රපටියේ අන්නිය්න් මී හරක් ගොඩක් මැද්දෙ එක මී හරකෙක් පිට නැගුන දර්ශනයක් තියෙනව) . මංගර පුරාවෘත්තයට අනුව කුලප්පු උන මී හරකෙක් යටත් කරගන්න ගිහිං මංගර මී හරකාගෙ පහර කෑමෙන් මිය යනව. ගොපල්ලෙක් මී හරකා මරල කොටස් වලට කපා කරන කිරි උතුරවන යාගයකින් මංගර ආයෙ උපත ලබනව මංගර දෙවියො විදියට. කොටස් කරන ලද මී හරකාත් උතුරවන කිරි ඉසීමෙන් යලි පණ ලැබෙනව. මංගර දෙවියොන්ගෙ වාහනේ වෙන්නෙ මේ උපත ලැබූ මී හරකා..කුලප්පු උන මී හරකා මරපු ගොපල්ලා ගොපලු දේවතාවා වෙනවා. මේ දේවතාවාට දේව වගේම යක්ෂ් ගතිගුණත් තියෙනව. මංගර, ගොපලු දේවතාවා ගව පට්ටිවල දඩයමට ආරක්ෂාව සපයන දෙවි කෙනෙක් වෙනව.
ඉතින් මේ කතාවෙත් කුලප්පු වුන වෘෂභ රාජයෙක් ඉන්නව..මිගෙල් අතින් මේ වෘෂභ රාජය මිය යනව. මිගෙල් මරන්න එන වෘෂභ රාජය මෙල්ල වෙන්නෙ වෙන්නෙ මිගෙල්ගෙ දූ සිගිත්තී තමංගෙ අප්පුච්ච මරන්න එන වෘෂභ රාජය දැකල මහ හයියෙන් අඩපු නිසා. වෘෂභ රාජය තමංගෙ උල් තියුණු අණ කින් මිගෙල්ගෙ කම්මුල සූරල බෙල්ල පහත් කරල මිගෙල්ට තමංගෙ බෙල්ල මන්න පිහියෙන් කොටල වෙන් කරන්න ඉඩ දෙනව.
වෘෂභ රාජය මැරුවට පස්සෙ හොර හරක් මිගෙල් මුලු මනින් වෙනස් වෙනව. ශ්‍රද්ධාවෙන් ජිවත් වෙන කෙනෙක් වෙනව. වෘෂභ රාජය මිගෙල්ට හීනෙන් දර්ශනය වෙලා දිවාගුහාව තියෙන ඉසව්ව පෙන්නනව…
හරියට මංගර මැරිල මංගර දෙවියො වෙලා නැවත ඉපදුනා වගේ…මී හරක මැරිල මංගරගෙ වාහනය උනා වගේ. ඒ වගේම මංගර පුරාවෘත්තයට අනුව මංගර හත් වරක් ඉපදුනාලු. ඉන් එක් උප්පත්තියක් වෙන්නෙ සූර්‍ය කිරණකින්ලු.
මිගෙල්-මිගාර-මංගර- මෘග…ග්‍රීක පුරාවෘත්තවල මිනොටාර් කියන්නෙ කුර සහිත කදක් ඇති අං සහිත මිනිස් හිසක් ඇති මිනිස්- සත්ව මෘගයෙක්. මිනෝස් රජ්ජුරුවො මේ මෘගය හිර කරල තියෙන්නෙ වංකගිරියක. මේ වංකගිරියට යන තීසියස් අරියාද්නේගෙ උදව්වෙන් මිනොටාර් මරා දමා වංකගිරියෙන් එලියට එනව. ස්ත්‍රී පුරා රූපකයක් විදියට
වංකගිරිය (Maze) කියන්නෙ ගර්භාෂයට.
ඉතින් මේ විදියට කුලප්පු උන හරකෙක් මෙල්ල කිරීමෙන් මනුස්සයත් හරකත් වෙනස් වීම පුරුෂ ලිංගිකත්වයේ එක්තරා මාණසික පාර්ශවයක් නියෝජනය කරනව. ෆ්‍රොයිඩියන් සයිකොලොජි වල වගේම ආගම් බොහෝමයකත් ලිංගිකත්වය (පුරුෂ) සලකන්නෙ තමංතුල ඇති නොදැමුනු දමනය කරන්න හීලෑ කරන්න තියෙන එහෙම දමනය නොකලොත් අනතුරු දායක සත්ව දෙයක් විදියට.
කුලප්පු වුන වෘෂභ රාජයා වැටී සිටින මිගෙල් ලගට ඇවිත් තම උල් තියුණු අගෙන් කම්මුලේ කැපුමක් ඇති කරනව.මේ කැපුම කප්පාදුවක් (Castration).මේ කැපුම (කප්පාදුව) විසින් අලුත් ජීවියෙක් නිර්මාණය වෙනව.ඕනනම් මේ කැපුම විසින් ලිංගික වෙනසට පෙර /පසු වශයෙන් සලකුණු වෙනව කියන්න පුලුවං.
.
මිගෙල්ගෙ දිවාගුහාව පිලිඹද අත්දැකීමෙ දිවාගුහාවට ඇතුලුවෙන දොරටුවෙ ඉන්නෙ දේවතාවෙක්(සමන් දෙවියො)..නමුත් තෙපානිස් දකින දිවාගුහාව ගැන හීනෙ දොරටුවෙ ඉන්නෙ විරූපී යක්ෂයෙක්.. සමන් දෙවියන්ට තියෙන්නෙ දේව ගතිගුණ විතරක් උනාට මේ කතන්දරේ ඉන්න දිවාගුහාවෙ දොරටු ආරක්ෂකයාට දේව යක්ෂ ගතිගුණ දෙකම තියෙනව. හරියට ගොපලු දෙවියන් ගොපලු යකා වගෙ..මංගර දෙවියන් මංගර යකා වගේ..මංගර දෙවියන්ට දඩුවම් කිරීමට බලය පෑමට වරම් ලැබෙන්නෙ සමන් දෙවියන්ගෙන්ලු. අනෙක් අතට මංගර කියන්නෙ ගව පට්ටිවල /දඩයමේ / මගතොට ආරක්ෂකයෙක දේවතාවෙක්.
ඉතින් මේ විදියට යක්ෂ දේව අතර සංක්‍රාන්තික රූපකයන් මිනිස් සත්ව(මෘග) රූපකයන් ලිංගික වෙනස සලකුණු කෙරෙන පුරාකතාවල දකින්න පුලුවං අනිවාර්‍ය ලක්ෂණයක්.
කතාව ආරම්භයේදි තරුණයො උල්කාවර්ශාව බලන්න නගින්නෙ අස්ගිරි කන්දට.ගිර කියන්නෙ කන්ද උනාට ගිරිය කියන්නෙ උගුරු ඇටේට.උගුරු ඇටේට Adams apple කියල කියනව. සිරීපාදෙට Adams peak කියනව.
නව යොවුන් වියට පාතබන පිරිමි දරුවන්ගෙ උගුරු ඇටයේ සියුම් කැපුමක් වැනි වේදනාවක් (කප්පාදුවක්) දැනෙනව.මේ වයසෙදි තමයි ගැහැණු පිරිමි හඩවල් මාරුවෙන්න ගන්නෙ.හරියටම ලිංගිකවෙනස සලකුණු වීමේ කප්පාදු කරනයේ (castration) රූපකයන් විදියට උගුරු දණ්ඩේ මේ “කැපුමක් වැනි වේදනාව” සලකන්න පුලුවන්
ඊලගට මේ කතාවෙ උල්කාවර්ශාවක් ගැන කියවෙනව. එලඹෙන සහශ්‍රකයේ (එලඹෙන නව කාලාවකාශයේ) එලඹුම උත්කර්ශවත් කරන උල්කාවර්ශාවක්…මල්වෙඩි.. උල්කාවර්ශා…මේව climax වල රූපක.කතාව අවසානයේ අපේ කතානායකයා දකිනව කදු මුදුනින් මතුවෙන දේවතා එලි. දේවතා එලි සහ කඩා වැටෙන තරු (උල්කාවර්ශාව) …ඉතින් එක්තරා ආකාරයක climax එකක් මෙහි සලකුණු කෙරෙනව.
ඉතින් කතාවෙ මාතෘකාව ; මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත.
මොකක්ද මේ කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටීම ? මිනිස් පැවැත්මේ මිනිස් පැවැත්ම අත්පත් කරගැනීමෙ මූලික කොන්දේසියක් තමයි මේ “ඇදවැටීම” පිලිඹද කාරණය..ප්‍රේමයට ඇද වැටීම( Fall in love) භාෂා ලෝකයට, ලිංගිකත්වයට , ගැහැණු පිරිමි වෙනසට ඇද වැටීම….මේව මිනිස් පැවැත්මේ අපිට මුණ ගැසෙන අනිවාර්‍ය අත් දැකීම්. මේව ඇද වැටීම් වෙන්නෙ අපිත් නොදැනම අපි ඇතුල් වෙලා අපේ පැවැත්ම අනන්‍යතාවය තර්ජනයට ගිහින් පැවැත්මේ කොන්දේසි නැවත සකස් වීමකට. ඉතිං මිනිස් සාරයන් ගොඩනැගෙන්න මෙවැනි ඇද වැටීම් තීරණාත්මකව ඕන කරෙනව.
නමුත් මේ ඇද වැටීම් පිළිඹද භීතිකාව (Phobia – Castration phobia) ජය ගන්න ඇද නොවැටෙන මිනිසෙක් විද්‍යාවේ නාමයෙන් තාර්කිකත්වයේ අනුහසින් නිර්මාණය කරගන්න මිනිස් සංහතිය උත්සහ ගනිමින් ඉන්නවා. මේ විද්‍යාත්මක තර්කික මිනිසාට නැති වෙන්නේ කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටුනු මිනිසා අත්පත් කරගන්නා ගැහැණු-පිරිමි ලිංගික වෙනස ප්‍රේමය පවුල ලිංගිකත්වය වැනි මිනිස් සාරයන්.
ඉතින් මේ කතාව අපට ඉදිරිපත් කරන්නේ කෙහෙල් ලෙලි මතින් මේ කාලයේ කිසිවෙක් ලිස්සා නොවැටීමේ උභතෝකෝටිකයි.
“කෙහෙල් ලෙල්ලකට ලිස්සල වැටුනම පස්ස බිම ඇනෙනව. මොලේ හෙල්ලෙනව.වෙන මුකුත් වෙන්නෙ නැහැ”
මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත.