කොළඹ හුඹස්

Share post:

කොළඹ වේයෝ බඳිති
තුන්හුලස් මැටි හුඹස්.
හොවැංහෝ ගඟ බඩින්
පදම් කළ මැටි ගෙනත්.

තුඹස ළඟ ඇතිකරති
ප්‍රීසියන් කිරි හරක්.
පිරිත් පැන් තොල ගාති
පෙරාගෙන තුන් වරක්.

හාල්මැස්සෝ වඳිති
ඇමරිකන් පිටි නැවක්.
හඳේ ගෑවෙන තරම්
උස ම උස කුඹ ගහක්.

පිටකොටුවෙ බෝධියට
වඳින සිටු දියණියක්
පටාචාරාවගේ
කඳුළු අරගෙන ඇවිත්.

ඇඟිලි නොකපන නිසා
අඟුල්මල් තරුණයෙක්
දැලිපිහිය ගනු පිණිස
අටපිරිකරක් ගෙනත්.

ගාලු මුවදොර හදන
පිරමීඩ පේලියක්.
මමියකට ඉඟිමරන
ඔටුවෙකුගෙ මනදොළක්.

මුල්ගලක අකුරු ටික
උලා කන කොටළුවෙක්.
ගල් පෙරේතයෙක් වූ
සෙල්මුවා වෘෂභයෙක්.

ඇල්වතුර ජපකරන
කල්කටා අසපුවක්.
තොල් සපා සිල් බිඳින
මල්සරා ශ්‍රමණයෙක්.

ගර්භාෂ කුහරයක
පතරොමක කලලයක්.
පෙකණිවැල සේ වැඩෙන
සරදියෙල් නහරයක්.

කොපුවකට ගතු කියන
ගර්භනී සිහිනයක්.
පොල්කිරෙන් දිය නාන
මහරු ශිව ලිංගයක්.

ගෙන්දගම් පොළොව උඩ
අහස කඩදාසියක්.
පොඩි එකෙක් පැන්සලෙන්
අඳියි හතරැස් හඳක්.

දෙදාස් හතළිස් අටට
හිනාවෙන යමහලක්.
කැලැන්ඩරයට යටින්
ලෝදියක චූ බරක්.

කොළඹ වේයෝ බඳිති
තුන්හුලස් මැටි හුඹස්.
නයිල් මිටියාවතින්
පදම් කළ මැටි ගෙනත්.

කුමාර හෙට්ටිආරච්චි (fb)

තිලක් පුෂ්පකුමාරගේ (ලංකාදීප ඡායාරුපයක්)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...