කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි !

Share post:

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම් සහිත ස්මාට් දුරකථනයට Tap කිරීමෙන් ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය. මුදල් නෝට්ටු භාවිතයෙන් සහ පොෂ් යන්ත්‍ර භාවිතයෙන් ඉදිරියට ගොස් විධිමත් හා නව්‍ය ගෙවීම් ක්‍රමවේදයක් මේ හරහා ඉදිරිපත් කර ඇත.

“මෙම සහයෝගීතාව විශාල දිගු පියවරක්. Tap to pay මගින් නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙනවා පමණක් නොව රියැදුරන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ඔවුන්ගෙන් ලැබෙන සේවය වඩාත් ශක්තිමත් කිරීමටත් මෙය යොදා ගන්නවා. මෙම සේවාව ගෙවීම් වඩාත් පහසු හා ඉක්මන් කරනවා. කවරාකාර ගමනක් වුවද ඒ ඒ ආකරයට විස්තර ඇතුල් කර පහසුවෙන් කුලී රථ වෙන් කර ගන්න පුළුවන්. අඛණ්ඩව සේවය සපයන දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් මගින් පාරිභෝගිකයන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීමත්, යාවත්කාලීන වූ වෙබ් අඩවිය සමඟ ඉහළ සේවයක් සැපැයීමත් මඟින් කැන්ගරු කැබ්ස් ආරක්ෂාකාරී, සුව පහසු ගමනකට ඉඩ සළසා දෙනවා. Genie Business සමඟ හවුල්කාරිත්වයෙන් Kangaroo Cabs කාර්යක්ෂමව ගාස්තු ස්වයංක්‍රීයව අය කර ගන්නා අතර කාලය අවම කර ගැනීමටත්, නිවැරැදි ගෙවීම් විස්තර සඳහන් වීමටත් ඉඩ සළසා දෙනවා.” කැන්ගරු කැබ්ස් මූල්‍ය අධ්‍යක්ෂ කුසල් ෆොන්සේකා මහතා පැවැසීය.

කැන්ගරු කැබ්ස් www.kangaroocabs.com වෙබ් අඩවිය හරහා ඉක්මනින් සහ පහසුවෙන් කුලී රථ වෙන් කර ගැනීමට අවස්ථාව සළසා ඇත. එසේම කැන්ගරු කැබ්ස් Miles හඳුන්වා දෙමින් දෛනික පාරිභෝගිකයන්ට වටිනාකමක් සපයයි. සෑම සැතපුමකටම රුපියලක් පාරිභෝගිකයාට එකතු වෙන Kangaroo Miles පාරිභෝගිකයන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වන වැඩසටහනකි.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...