මහාධිකරණ විනිසුරුවරුන්ට අධිකරණ සේවා කොමිසමෙන් වත්කම් ගැන ලිඛිත දැනුම්දීමක් !

Share post:

විනිසුරුවරුන් නොවන අධිකරණ නිලධාරීන් 2024 සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දෙයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.එස්. සෝමරත්න විසින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කටයුතු කරන සියලු‍ම මහාධිකරණ විනිසුරුවරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින නිලධාරීන්ගේ විස්තර ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසයි. දිස්ත්‍රික් සහ මහෙස්ත්‍රාත් අධිකරණ ද එම චක්‍රලේඛයට අනුකූල ය

ලේකම්වරයා මේ දැනුම්දීම කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ය. එක් එක් කලාපයේ සේවය කරන අධිකරණ නිලධාරීන් හැර අනෙකුත් නිලධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් කොපමණ පිරිසක් තම වත්කම් සහ වගකීම් ප්‍රකාශන ඉදිරිපත් කර තිබේද යන්න මෙන්ම එසේ කිරීමට අපොහොසත් වී තිබේද යන්න පිළිබඳවද මෙසේ තොරතුරු ඉල්ලා තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය ජනවාරි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් යවමින් සෑම වසරකම නියමිත වේලාවට වත්කම්-බැරකම් ප්‍රකාශන ගොනු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබිණි.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...