‘අපිට ඕනෙ රාජාභිෂේකයක් වෙනුවට මැතිවරණයක්’ : III වැනි චාල්ස්ට එරෙහි විරෝධතා මර්දනය කරයි !

Share post:

III වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 52 දෙනෙකූ ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව පවසමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නිරත වූ ආණ්ඩු විරෝධී කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 70කට පසු යෙදුණු රාජාභිෂේක උත්සවය දැක බලා ගැනීමට පසුගිය සෙනසුරාදා මධ්‍යම ලන්ඩනයට දහස් ගණනක් ජනතාව එක්රැස් වූ විය. ඒ අතර කහ ටී-ෂර්ට් ඇඳ ගත් විරෝධතාකරුවන් උදෑසන සිට පුරා “මගේ රජු නොවේ” යනුවෙන් කෑගසමින් විරෝධතාවයේ යෙදිණි.

“මගේ රජු නොවේ” පුවරු අතැති රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන්

විරෝධතාවයේ යෙදුණු බ්‍රිතාන්‍යයේ රාජාණ්ඩු විරෝධී කණ්ඩායම විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ පොලීසිය – කිසිදු හේතුවක් ඉදිරිපත් නොකර – රාජාණ්ඩු විරෝධී විරෝධතාවේ සංවිධායකයන් කිහිපදෙනෙකු පොලිස් බාරයට ගත් බවයි.

ඔවුන් රඳවාගෙන සිටින්නේ මන්දැයි සංවිධායකයන් පොලිසියෙන් ප්‍රශ්න කර ඇති අතර, රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ගෙන් ප්‍රශ්න කරන බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමෙන් පසු පොලිසිය සංවිධායකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, “මගේ රජු නොවේ” යන සටන් පාඨය රැගත් ඔවුන්ගේ පුවරු සිය ගණනක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

“පොලිසියේ ක්‍රියාකලාපය නිසා මිනිස්සු සෑහෙන්න කලබල වෙලා, නමුත් අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය අතිශයින් මිත්‍රශීලීයි” යැයි විරෝධතාකරුවන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර “Just Stop Oil” නම් පරිසර ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් රාජධානියේ මාධ්‍ය ඒජන්සිය වාර්තා කළ අතර, විරෝධතාකරුවන් විශාල පිරිසක් මාංචු දමා සිටිනු දක්නට ලැබුණු බව එහි සඳහන් වේ.

අත්අඩංගුවට පත් “Just Stop Oil” පරිසර ක්‍රියාකාරී සංවිධානයේ සාමාජිකයෙක්

රාජකීය පෙරහැර මාර්ගයට ආසන්නයේ පැවති මෙම විරෝධතාවට 1,500ත් 2,000ත් අතර පිරිසක් එක්ව ඇති අතර, රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් පවසා තිබුණේ
“අපිට ඕන රාජාභිෂේකයක් වෙනුවට මැතිවරණයක්. චාල්ස් වෙනුවට අපට තේරීමක් අවශ්‍යයි. එය ඉතා සරලයි” යනුවෙනි.

කෙසේ වෙතත් “මහජන සාමය කඩකිරීම සහ මහජන පීඩාවක් ඇතිකිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් මෙම පිරිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

විරෝධතාව නීත්‍යනුකූල වුවත්, එය කඩාකප්පල්කාරී නම් අත්අඩංගුවට ගැනීම් කළ යුතු බව පොලිසිය සඳහන් කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...