ඇමති දිගටම නිහඬයි : නව කෙටුම්පත මේ මාසයේ : මහවැලි බලාගාර පෞද්ගලික අංශයට – මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති

Share post:

යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේය.

‘නව යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත 2023 අපිට සැලැස්ම හම්බවුණා. මේක ඉතාම රහසිගත ලියවිල්ලක්. මේ මගින් බලපොරොත්තු වෙනවා නව විදුලිබල පනතක් ඉදිරිපත් කරන්න. ජලවිදුලි බලාගාරවල අයිතිය සමාගම්වලට පවරන්න යන්නෙ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය. ඒක සමාගම් අඥා පනතේ තියෙන ආයතනයකට පැවරීමෙන් ඇතිවන තත්ත්වය අපිට තක්සේරු කරන්න බැරිවෙනවා.

අලුතෙන් එන මේ පනතේ තියෙනවා, ඉදිරියේදී ලක්ෂපාන, මාවුස්සාකැලේ ජලවිදුලි බලාගාර පාලනය කරන සමාගම්වලට අවශ්‍ය විදිහට මහවැලිය ජලය නිකුත් කළ යුතුයි කියලා. ඒ කියන්නෙ අපිට ඉදිරියේදී කෘෂිකර්මයට අවශ්‍ය ජලයට වඩා වැදගත් වෙන්නෙ පුද්ගලික අංශය මගින් පාලනය කරනු ලබන මේ ජල විදුලි බලාගාරවලට අවශ්‍ය ජලය දෙන එක.

මහජන උපයෝගිතා කොමිසම වෙනුව අලුත් කොමිසමක් ගේන්න යනවා. මාව අයින් කිරීමට නොහැකි නිසා මහජන උපයෝගිතා කොමිෂන් පනත අයින් කරලා වෙන පනතක් ගේන්න යනවා.

මට එල්ල කළ චෝදනා පහක් තිබ්බා. ඒ චෝදනාවලට උත්තර දුන්නා. දැන් ඒක පාර්ලිමේන්තුවට දාන්න ඕනෙ. ගිය සුමානෙ දැම්මෙ නැහැ. මං බලන් ඉන්නවා දාලා 113ක් අරගෙන මාව අයින් කරන තුරු. එහෙම නැතුව මං යන්නෙ නැහැ මේකෙන්. දැන් හදන්නෙ කොමිසම අයින් කරලා වෙන කොමිසමක් ගේන්න. දේශපාලනඥයන් මෝඩ තකතීරු වැඩකරන්නෙ.’

නිහඬ ඇමති !

සභාපතිවරයා පවසන මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට අප අවස්ථා ගණනාවකදී විදුලිබල විෂය බාර ඇමති කාංචන විජේසේකර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, එම උත්සාහය අසාර්ථක වූයේ ඔහු දිගින්-දිගටම දුරනතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 18දා සීය ට්විටර් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා සඳහන් කර තිබුණේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

මැයි මාසය අවසන් වීමට පෙර නව විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ද එහි දැක්විණි.

මීට අමතරව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව , US AID ආයතනය සහ JICA ආයතනය සමග එක්ව එම ක්‍රියාවලිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සිදුකිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව කාංචන විජේසේකර ඇමතිවරයා මාධ්‍යයට සඳහන් කර තිබිණි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...