ඇමති දිගටම නිහඬයි : නව කෙටුම්පත මේ මාසයේ : මහවැලි බලාගාර පෞද්ගලික අංශයට – මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති

Share post:

යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේය.

‘නව යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත 2023 අපිට සැලැස්ම හම්බවුණා. මේක ඉතාම රහසිගත ලියවිල්ලක්. මේ මගින් බලපොරොත්තු වෙනවා නව විදුලිබල පනතක් ඉදිරිපත් කරන්න. ජලවිදුලි බලාගාරවල අයිතිය සමාගම්වලට පවරන්න යන්නෙ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය. ඒක සමාගම් අඥා පනතේ තියෙන ආයතනයකට පැවරීමෙන් ඇතිවන තත්ත්වය අපිට තක්සේරු කරන්න බැරිවෙනවා.

අලුතෙන් එන මේ පනතේ තියෙනවා, ඉදිරියේදී ලක්ෂපාන, මාවුස්සාකැලේ ජලවිදුලි බලාගාර පාලනය කරන සමාගම්වලට අවශ්‍ය විදිහට මහවැලිය ජලය නිකුත් කළ යුතුයි කියලා. ඒ කියන්නෙ අපිට ඉදිරියේදී කෘෂිකර්මයට අවශ්‍ය ජලයට වඩා වැදගත් වෙන්නෙ පුද්ගලික අංශය මගින් පාලනය කරනු ලබන මේ ජල විදුලි බලාගාරවලට අවශ්‍ය ජලය දෙන එක.

මහජන උපයෝගිතා කොමිසම වෙනුව අලුත් කොමිසමක් ගේන්න යනවා. මාව අයින් කිරීමට නොහැකි නිසා මහජන උපයෝගිතා කොමිෂන් පනත අයින් කරලා වෙන පනතක් ගේන්න යනවා.

මට එල්ල කළ චෝදනා පහක් තිබ්බා. ඒ චෝදනාවලට උත්තර දුන්නා. දැන් ඒක පාර්ලිමේන්තුවට දාන්න ඕනෙ. ගිය සුමානෙ දැම්මෙ නැහැ. මං බලන් ඉන්නවා දාලා 113ක් අරගෙන මාව අයින් කරන තුරු. එහෙම නැතුව මං යන්නෙ නැහැ මේකෙන්. දැන් හදන්නෙ කොමිසම අයින් කරලා වෙන කොමිසමක් ගේන්න. දේශපාලනඥයන් මෝඩ තකතීරු වැඩකරන්නෙ.’

නිහඬ ඇමති !

සභාපතිවරයා පවසන මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට අප අවස්ථා ගණනාවකදී විදුලිබල විෂය බාර ඇමති කාංචන විජේසේකර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, එම උත්සාහය අසාර්ථක වූයේ ඔහු දිගින්-දිගටම දුරනතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 18දා සීය ට්විටර් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා සඳහන් කර තිබුණේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

මැයි මාසය අවසන් වීමට පෙර නව විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ද එහි දැක්විණි.

මීට අමතරව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව , US AID ආයතනය සහ JICA ආයතනය සමග එක්ව එම ක්‍රියාවලිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සිදුකිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව කාංචන විජේසේකර ඇමතිවරයා මාධ්‍යයට සඳහන් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...