දින දෙකක් තුළ ඉක්වදෝරය, පේරු සහ ශ්‍රී ලංකාවේ භූ කම්පන

Share post:

ඉක්වදෝරයේ සහ උතුරු පේරු හි වෙරළබඩ කලාපයේ ආශ්‍රිත රික්ටර් මාපක 6.8 ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන් පුද්ගලයින් 14 දෙනෙකු පමණ මියගොස් අතර 380 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් නිවාස, පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයකටම හානි හානි සිදුව ඇති බවයි.

භූමිකම්පාව ගුවායාස් පළාතේ බලඕ නගරයේ සිට කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.2) පමණ දුරින් කිලෝමීටර් 66.4 (සැතපුම් 41.3) ගැඹුරින් සිදුව ඇත.

ඉක්වදෝරයේ භූ විද්‍යා ආයතනයට අනුව මූලික භූමිකම්පාවෙන් පසුව ඊළඟ පැයේදී දුර්වල පසු කම්පන දෙකක් ඇතිව ඇති අතර සුනාමියක් තත්වයක් පිලිබඳ අවධානමක් නොමැති බවද බලධාරීහු පවසති.

මේ අතර පේරු බලධාරීන් පැවසුවේ භූමිකම්පාව රටේ උතුරු ප්‍රදේශයට දැනුණද මිනිසුන්ට හෝ ගොඩනැගිලි හානියක් පිළිබඳ වාර්තා නොමැති බවයි.

මේ අතර මෙරට යළි භූ කම්පන දෙකක් සිදුව තිබේ. ඊයේ (18) සවස රිච්ටර් මාපක 2.6ක භූ කම්පනයක් කිරින්ද ප්‍රදේශයෙන්ද අද (19) ගෝමරන්කඩවල ප්‍රදේශයට රිච්ටර් මාපක 3ක පමණ භූ කම්පනයක්ද සිදුවී ඇත.

මෙම භූ කම්පා ද්විත්වය ම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇත.

මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙය ජනතාව බිය විය යුතු තත්ත්වයක් නොවන බව යි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...