උතුරුදිග සිරියාවේ ගලවාගැනීමේ මෙහෙයුම් අසාර්ථකයි : දේශසීමා හරස් මාර්ග දෙකක් විවෘත කරන්න අවසර

Share post:

තුර්කි – සිරියා භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 36,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වලට අනුව ඊයේ (13) සඳුදා වනවිට තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 31,643 ක් සහ සිරියාවේ පුද්ගලයින් 4,614 ක් මිය ගොස් තිබේ.

භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 කට ආසන්න ජනතාවකට නිවාස අහිමි වී ඇති අතර තුර්කියේ සහ සිරියාවේ 900,000 කට ආසන්න පිරිසකට උණුසුම් ආහාරවල හදිසි අවශ්‍යතාවයක් පවතින බවද එම සංවිධානය පෙන්වාදෙයි.

එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ ප්‍රධානි මාර්ටින් ග්‍රිෆිත්ස් පවසන ආකාරයට විපතටපත්වූවන් ගලවා ගැනීමේ වැඩසටහන අවසන් කිරීමට නියමිතව ඇති අතර, එනමුත් උතුරුදිග සිරියාවේ විපතටපත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම් අසාර්ථක බවය.

ඒ නිසා උතුරුදිග සිරියා ජනතාව මෙකී මෙහෙයුම්වලින් අතහැරදැමූ ජනතාව ලෙස පිළිගැනීමට සිදුව ඇති බවය.

මේ අතර මාස තුනක කාලයක් සඳහා තුර්කියේ සිට දේශසීමා හරස් මාර්ග දෙකක් ඔස්සේ සිරියාවට ආධාර ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දීමට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් එකඟ වී ඇත.

එමෙන්ම සිරියාවේ, Hay’et Tahrir al-Sham ආයුධ සන්නද්ධ කැරලිකරුවන්ගේ කණ්ඩායම් සමග ඇති ගැටළු හේතුවෙන්, රජය විසින් පාලනය කරන ලද ප්‍රදේශවලින් කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශය වලට ආධාර අත්හිටුවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා සිටී.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...