ඇප ලිපිය ලේකම් පිටින් යයි : හපුහින්න ජනාධිපති කාර්යාලයට කැඳවයි – ලේකම් ධුරයට ජනාධිපති කාර්යාලයෙන් කෙනෙක් !

Share post:

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න ඉවත් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (20) සිට ඔහු ව ජනාධිපති ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ලෙස ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන රංජිත් අශෝක පත්කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කරන අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බාරනොගන්නා ලෙස නීල් බණ්ඩාර හපුහින්න විසින් පසුගිය ජනවාරි මාසයේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමුකර තිබිණි. කැබිනට් මණ්ඩලයේ දැනුම් දීම මත එම ලිපිය නිකුත් කළ බව ඔහුගේ පාර්ශ්වයෙන් සඳහන් කළ ද, අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසුවේ කැබිනට් මණ්ඩලය එවැනි කිසිදු තීරණයක් නොගත් බවයි.

කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ කැබිනට් මණ්ඩලයේ සිදු වූ සාකච්ඡාවකට අනුව, කැබිනට් ලේකම්වරයා විසින් කළ දැනුම්දීමකින් පසු අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම ලිපිය නිකුත් කර ඇති බවයි.

එම ලිපිය සම්බන්ධයෙන් විමසීමට ඔහු ව මැතිවරණ කොමිසමට ද කැඳවන ලදි. එහිදී අදාළ ලිපිය නිකුත් කිරීම පිළිබඳව ලේකම්වරයා කොමිසමෙන් සමාව ගෙන තිබිණි.

තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව මාධ්‍යවේදී මිතුන් ජයවර්ධන ලබාගත් තොරතුරු මගින් තහවුරු වූයේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී මීට අදාළ සාකච්ඡාව ජනවාරි 09දා සිදු කර ඇති බවයි. ජනවාරි 09 දිනැති කැබිනට් මණ්ඩල වාර්තා අංක 34ට අනුව (Cabinet meeting minutes) ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවක තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. එහිදී මැතිවරණය සඳහා මූල්‍ය සම්පත් යොදාගැනීම සහ ඊට ඇති හැකියාවන් සහ බාධා පිළිබඳ සාකච්ඡා කර ඇත. ඉන්පසු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඇප මුදල් බාරනොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් හපුහින්නට දැනුම්දීමට ය.

මේ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් ලිපිය ජනාධිපති ලේකම්වරයාට, අගමැති ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යංශයට සහ නීතිපතිවරයාට පිටපත් සහිතව යොමුකර ඇතැයි ද අදාළ තොරතුරු ඉල්ලුම් පත්‍රය මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...