හෙට 20 : IMF එකඟතා කාටහරි අවුල් වුණත් අපිට කරන්න දෙයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති thetime.lk සාකච්ඡාවේදී කියයි !

Share post:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුවේ එකඟතාවලට යම් යම් පාර්ශ්ව විරෝධය පළකළත්, නිශ්චිත කාලයක් ගතවනතුරු එම එකඟතා වෙනස් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ හැකියාවක් නැති බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ thetime.lk වෙත පැවසීය.

IMF එකඟතා ජනතාවට ඉදිරිපත් කරන්නෙ කවදද ?

හෙට (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙන බවට අපි විශ්වාස කරනවා. ඊටපස්සෙ අපි ඒ එකඟතා ලියවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපිට හංගන්න දෙයක් නෑ. රට වැටිලා තියෙන තැනත් එක්ක අපිට වෙන විසඳුම් නෑ.

දැන් එතකොට ඔක්කොම හරි ද ?

මේක staff level agreement එකක්. අවසාන එකක් නෙමෙයි. ඊළඟට තමයි board level එකට එන්නෙ.

ආණ්ඩුවේ අවශ්‍යතාව මත එන එකඟතාවලට විපක්ෂය පැත්තෙන් විරුද්ධ වුණොත් මොකක්ද කරන්න පුළුවන් …?

දැනට මොකුත් කරන්න බෑ. දීර්ඝ කාලීනව අපි යම් ස්ථාවරයකට ආවට පස්සෙ ඒවා සංශෝධනය කිරීම ගැන හිතන්න පුළුවන්. එතෙක් එහෙම අවධානය යොමුකරන්න ඕනෙ කියලා මම හිතෙන්නෙ නෑ.

ඒ කියන්නෙ ආණ්ඩුව හිතකරයි කියන, පොදුවේ අහිතකර ඒවා තියෙනවා නම්, ඒවා ඉවසගෙන ඉන්න ඕනෙ ද?

නෑ. මේ එකඟතා කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. ලෝකයම පිළිගත්තු, මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් පිළිගත් ප්‍රතිපත්ති. එහෙම නැතුව ආණ්ඩුව හංගලා කරන දේවල් හරි, අමුතුවෙන් විරුද්ධ වෙන්න ඕනෙ දේවල් හරි මෙතැන නෑ.

ඒ කියන්නෙ විශ්වාසයක් තියෙනවා, සහතිකෙන්ම මේ තීරණවලින් රට ඉදිරියට යයි කියලා සහ සංශෝධනය කරන්න එකඟතා නෑ කියලා …?

වෙන අපිට විකල්ප තියෙනවද. නෑනෙ. මං දන්න තරමට නම් එහෙම විකල්ප මොකුත් නෑ. මූල්‍ය අරමුදල මේවා අපිට බලහත්කාරයෙන් දෙන්න ආවෙ නෑ. අපිටයි එතැන්ට යන්න සිද්ධ වුණේ. අපිටයි ඒක අත්‍යවශ්‍ය. ඒක හින්දා මේ වෙලාවෙ විශ්වාස කරන්න ඕනෙමයි.

රාජ්‍ය ආයතන රැසක් වසාදැමීමේ තීරණයෙ අලුත් තත්ත්වය කොහොමද?

ඒක ඉස්සරහට යනවා. මේ වෙනකොට ඒ වගේ තැන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා.

මොනවද ඒ…?

අවසාන තීරණවලට එනකම් නම් විදිහට කියන්න බෑ. මූලික අදියරේදී තියෙන්නෙ රාජ්‍ය ව්‍යාපාර. සමහර ඒවා තියෙනවා, සභාපති සහ කීපදෙනෙක් විතරයි ඉන්නෙ. එක ම කාර්යය කරන්න ආයතන කීපයක් තියෙනවා. මේවා වෙනස්වෙන්න ම ඕනෙ දේවල්. ඒත් කිසිම රජයේ සේවකයෙකුට අසාධාරණයක් කරන්න අපි කටයුතු කරන්නෙ නෑ. ඒක පැහැදිලිව කියන්න ඕනෙ.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...