රජයේ ආයතන යටතේ ඇති ඒකක 100ක් වසාදමයි : ජාතික වැටුප් කොමිසම මාර්තු 31 !

Share post:

රජයේ පාලනය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන, පදනම් සහ සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් කඩිනමින් වසාදැමීමට හෝ එමගින් සිදු කළ කටයුතු වෙනත් රජයේ ආයතනවලට පැවරීමට තීරණය කර ඇත.

ජාතික වැටුප් කොමිසම ද ලබන මාර්තු 31දා සිට වසාදැමීමට නියමිත ය. එහි කටයුතු මුදල් අමාත්‍යංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති ස්ථාපිත කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරීමට සැලසුම් කර තිබේ.

වැටුප් කොමිසමේ සාමාජිකයන් 15ක් සහ වෙනත් කාර්ය මණ්ඩල 36ක් ඇතුළු සියලු නඩත්තු කටයුතු සඳහා මාසිකව රුපියල් මිලියන 5.8ක් වැයකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය පෙබරවාරි මාසයේ කොමිසමේ වැටුප් සඳහා රුපියල් මිලියන 2.7ක් සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාල කුලිය ලෙස රුපියල් මිලියන 1.4ක් වැය කර ඇතැයි ද පෙන්වා දෙන එම ආරංචි මාර්ග, කොමිසම සඳහා 2023 වසරට වෙන්කර ඇති මුළු මුදල රුපියල් මිලියන 71ක් බව ද පවසයි.

කොමිසම වසාදැමීමෙන් පසු එහි සේවක පිරිස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට නියමිත ය.

මේ අතර 2021 අගෝස්තු මාසයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා යටතේ පිහිටුවන ලද ආයතනයක් ද වසාදැමීමට නියමිත අතර, එහි කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කර අධිකරණ අමාත්‍යංශය යටතට පැවරීමට සැලසුම් කර තිබේ.

එසේ ම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නියෝජිතායතන 17ක් ද කඩිනමින් වසාදැමීමට තීරණය කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...